(ජයන්ත සමරකෝන්)
ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ නව සභාපති ලෙස නිශාන්ත රණතුංග මහතා පත්කර ඇතැයි එම මණ්ඩලය පවසයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම පත්වීම කර ඇත.
ලබන සඳුදා ඒ මහතා වැඩ භාරගැනීමට නියමිත අතර ඒ මහතා හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ සහෝදරයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම හොඳයි. දක්ෂ අයට නිසිතැන ලැබෙනවා කියල කිව්වනේ ඡන්දෙදි.....................
ජල ක්‍රීඩා වලටත් දක්ෂ ඇති. ඒකයි මේ ජල මණ්ඩලේ ලොක්කා කරන්න ඇත්තේ. වියත් මණ්ඩලේ සුපිරි තේරීමක්.
මෙයා කලේ බෝල සෙල්ලම් නේද? ජල ක්‍රීඩා වලටත් දක්ෂ ඇති. ඒකයි මේ ජල මණ්ඩලේ ලොක්කා කරන්න ඇත්තේ. වියත් මණ්ඩලේ සුපිරි තේරීමක්.
ජනපතිතුමනි, මේ පත්වීම් නම් අපි බලාපොරොත්තු ඒවා නොවේ. ජලසම්පාදන මණ්ඩලයේ සභාපති තනතුර දැරීමට ඔහුට ඇති අධ්‍යාපන සුදුසුකම් මොනවද?
අර්ජුන්ගේ විතරද? මෙයා ප්‍රසන්න රණතුංගගේත් සහෝදරයා. ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු කාලේ කරපු හරියත් අපි දන්නවා.
පවුල් සංස්ථා දේශපාලන මොටෙයියෝ ජනාධිපතිවරණ මහා ගංවතුරෙන් පසු 69 ලක්ෂ බිජු වපුරයි. ඒ තුළින් සශ්‍රීකව රුක්ෂයන් හොදින් වැඩී පල දරමින් යයි ...!!!
දේශපාලන දෙවැනි පවුල් ගහ පැළ සිටුවීම අරඹයි ...................
මොහු ප්‍රසන්න රණතුංගගේ සහෝදරයා බව අමතරක කර තිබේ. ඩීල් දේශපාලනය කියන්නේ මේවට තමයි.
ජනාධිපතිතුමා කිව්වා නේද මණ්ඩලවලට, සංස්ථාවලට පත්කරන්නේ සුදුස්සන් පමණක් කියලා. එතකොට මෙයාට තියෙන සුදුසුකම් මොනවද?
සුදුස්සාට සුදුසු තැන දෙනවා කියන්නේ මේවාගේ පත්වීම් වලටයි. ක්‍රිකට් ගහන කාලේ වෝටර්බෝයි හැටියට මෙයාට තරම් අත්දැකීම් තියන කිසිවෙකු නැහැ.
මෙයාට මොනවද තියෙන සුදුසුකම් ජල සම්පාදන මණ්ඩලයේ සභාපති වෙන්න? ඇත්තෙන්ම මේ වලේ පත්වීම් ගැන කණගාටුයි.
මේ සහෝදරයා කොහෙන් ගියත් ගොඩ.
කවුරු බලයට ආවත් වාසි ලැබෙන්නේ එකම කට්ටියකට.
මෙයාට රජය කුමක් වුනත් ප්‍රශ්නයක් නැහැ දිගටම කොහේ හරි සභාපතිකම අතේ. එක සහෝදරයෙක් පොහොට්ටුවේ. අනික් කෙනා යු.එන්.පී මේ වගේ පවුලකින් 3ක් ආවොත් තමයි ගොඩේ ගොඩ. නිදසුන් රාජපක්ෂ පවුල. අවුලත් පවුලම තමයි. මිට වඩා දැන උගත් ඉජිනේරුවෙක් උපාධියක් ගත්ත අයෙක් මේ ප්‍රවාහන මණ්ඩලයට දාන්න ඇත්තේම නැද්ද? උපාධි ගත්ත අය කෝ ? මැද පෙරදිගට යැව්වද?
මොනවද මෙයාට තියෙන සුදුසුකම් ?
හොරැන්ට තැන දෙන්නේ මේ ආණ්ඩුවත්.................
ඇයි ප්‍රසන්න රණතුංගගේ සොහොයුරා නොවේද ?
එතකොට අර සුදසුකම් තිබෙන විද්වතුන් තෝරා ගැනීම කැලේ ගියාද?
මේ වගේ අවස්ථාවාදීන් ගන්න ජනපතිතුමාට පිස්සුද ?
අයියා නැත්නම් මල්ලි, මල්ලි නැත්නම් අයියා. ඒ කවුරුත්ම නැත්නම් අල්ලපු වැටේ ඉන්න කෙනාව හරි රිංගවන්න තමා යන්නේ.
ජනාධිපතිතුමනි, ක්‍රිකට් බෝඩ් එක ගිලපු පොරවල් හැර වෙන කවුරුත්ම හොඳ පොරක් හිටියේ නැතිද ඔය සභාපතිකම දෙන්න? ඔබතුමා ඉල්ලුම්පත්‍ර කැඳවපු කිසිම කෙනෙක් ඔය සභාපතිකමට හිටියෙම නැතිද? අපේ අහිංසක අපේක්ෂාවන් බොඳවී යන හැඩ වැටහීගෙන එනවා. දැන්මම නිවැරදි තීරණ ගත්තේ නැත්නම් පස්සේ දුක් වෙන්න වෙනවා.. පමණ ඉක්මවා බෝධි සත්වයෙක් වෙන්න එපා.