ශ්‍රී ලංකාවෙි නිල සංචාරයක් සඳහා ඇමෙරිකාවේ ඉහළ පෙලේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනියක වන ඇමෙරිකා රාජ්‍ය දොපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියා කටයුතු පිළිබඳ නියෝජ්‍ය සහකාර ලේකම් ඇලිස් ජි.වෙල්ස් මහත්මිය ලබන සඳුඳා (13) දිවයිනට පැමිණෙන බව ටි්රබියුන් ඉන්දියා පුවත් වෙබ් අඩවිය අද (10) වාර්තා කළේය.
ඒ අනුව සිය නිල සංචාරය ආරම්භ කරමින් ඇය ලබන 13 සහ 14 යන දෙදින තුළ ශ්‍රී ලංකාවේ රැඳී සිටි බවද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්ව ඇත.
ඇලිස් ජි වෙල්ස් මහත්මිය ලංකාවට අමතරව ඉන්දීයාවේ සහ පාකිස්ථානයේ ද සංචාරය කිරිමට සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.
සිය ශ්‍රී ලංකා සංචාරයේදී ඇමෙරිකා රාජ්‍ය දොපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියා කටයුතු පිළිබඳ නියෝජ්‍ය සහකාර ලේකම්වරිය රජයේ ඉහළ පෙලේ නියෝජිතයින් මෙන්ම දේශපාලනඥයින්, සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුළු පාර්ශව සමග ද සාකච්ඡා පැවැත්විමට සැලසුම් කර ඇති බව එහි සඳහන්ය.
ශ්‍රී ලංකා සංචාරයෙන් අනතුරුව ඇය ලබන 15 වැනිදා සිට 18 වැනිදා දක්වා ඉන්දීයාවේ සංචාරයක නිරත වන අතර 19 වෑනදා පාකිස්ථානය බලා පිටත්ව යනු ඇත.
(125)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සල්ලි ටිකක් කඩාගන්න හොඳම වෙලාව .. හැබැයි පුතෝ . මේ සැරේනම් ගෙඩිය පිටින්ම කඩාගන්නයි තියෙන්නේ ..
ඔන්න දැන් ඇමරිකන් බළලා මල්ලෙන් එළියට පනිනවා. දේශද්‍රෝහි ආණ්ඩුව අත්සන් නොකරපු රට පාවා දෙන එම්සීසී ගිවිසුම් දැන් අත්සන් කරන්නේ දේශප්‍රේමී කියල කියපු ආණ්ඩුව. පහුගිය දවස්වල මතයක් රට ඇතුලට ගෙනියන්න හැදුව වහල් ආණ්ඩුව මේ ගිවිසුම් අත්සන් කරලා ඉවරයි කියලා. ඉස්සෙල්ලම යූඑන්පී එකේ ඩීල් කාරයෙක් කිව්වා ඒවා අහෝසි කරන්න උදව් කරනවා කියලා. ඒ කියන්නේ යූ ටර්න් ජනාධිපතිට උදව්වට මේවා කලින් අත්සන් කළා කියල පෙන්වන්න. ඊළඟට දේශප්‍රේමියෙක් කියල රටම හිතපු කෙනෙක් යූ ටර්න් එකක් ගහලා ඒකම කිව්වා. ඊළඟට රතු පක්ෂේත් දැන් ඒකම කියනවා. තව වෙන්න යන අනතුරක් ගැන කිව්වහම කියනවා මිතුරු වෙසින් එන සතුරු බලවේගලු. සතුරුකම තමයි අනතුර දැක දැක නොදැක්ක වගේ සිටීම සහ දේශද්‍රෝහීකම වහන්න උදව් කරමින් දේශද්‍රෝහියාට ආශීර්වාද කිරීම. ලංකා ඉතිහාසයටම නැති මහා පාවා දීමක් යූ ටර්න් ජනාධිපති කරන්න හදන්නේ. රටට ආදරය කරන 69 ලක්ෂයක් සිංහල බෞද්ධ ජනතාවගේ ඡන්දෙන් බලයට පත්වෙලා ඒ ජනතාව එකහෙලා ප්‍රතික්ෂේප කරපු ඇමරිකන් ගිවිසුම් අත්සන් කරනවා. රුවන්මැලිසෑය ඉස්සරහට ගියේ ජනතාව රවට්ටන්න. හරියට අර මරන්න හරක් ගෙනියන ලොරියෙත් බුදු සරණයි කියල ගහන් යනවා වගේ.
අපේ රට පහළට ඇදී යන වේගය හිතන්නත් බැහැ.
රන්ජන්ගේ නාට්‍යය එනකොටම මම කිව්වා මේක කරන්නේ එම්.සී.සී එක අත්සන් කරන එක වහන්න කියලා. දැන් ට්‍රම්ප්ගේ ආණ්ඩුවේ ඉහළම නිලධාරිනියක් වන ඇලිස් වේල්ස් එනවා. වේලාසනම රටේ අවධානය වෙන අතකට යවන්න තමයි රන්ජන්ගේ වැඩේ සෙට් කළේ. ඇලිස් වෙල්ස් එන 13-14 වෙනකොට ඒක හදිසියේ බැහැලා ගියොත් රට අවුස්සන්න ඊළඟ එකත් හරි ගස්සලා තියෙනවා. ඒ තමයි කවදාවත් නැති විදිහට මුස්ලිම් ජාතිකයෝ දෙන්නෙක් කොච්චිකඩේ පල්ලියට යැවීම. මේවා අහඹු සිදුවීම නෙමෙයි. මේවා බැලූ බැල්මටම ඇමරිකන් ගැට. ඇමරිකන් ගැති වහල් ආණ්ඩුව වැඩ කළෙත් මෙහෙම. වහල් ආණ්ඩුව එක්ක ගිවිසුම් අත්සන් කරන්න හිටියේ ඇමරිකන් රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ. ඇමරිකාවට මේ ගිවිසුම් ඒ තරම් වැදගත්. මේ ගිවිසුම් අත්සන් කිරීම පිටිපස්සේ ඉන්දියාවත් ඉන්නවා. ඇලිස් වෙල්ස් නොවැම්බර් මාසේ අග කරපු කතාවක කියනො පාකිස්තානයට යටිතල පහසුකම් දියුණු කිරීම ගැන බරපතල ප්‍රශ්න තියෙනවා. ඒ නිසයි චීනේ එක්ක ගිවිසුමක් අත්සන් කරන්නේ කියලා. ලංකාවට දෙන ඩොලර් මිලියන් 480 දෙනවා කියන්නේ යටිතල පහසුකම් වලට. මේවා නිකම් දෙන්නේ නැහැ ඒ වෙනුවට අපේ ඉඩම් අත්පත් කරගන්නවා.
යූ ටර්න් ජනාධිපති ඉන්දියාවට ගිහහම ඉන්දියාව කිව්වා හරියටම එම්සීසී ගිවිසුමේ ගානම - ඇමරිකන් ඩොලර් 480ක් ලංකාවට දෙනවා කියලා. මේක ඡන්දෙට කලින් රටට හොරෙන් එකඟ වෙච්ච දෙයක්. ඇමරිකාවෙන් දුන්නොත් මිනිස්සුන්ට ද්‍රෝහිකම තේරෙන හින්දා එම්සීසී ගිවිසුමේ සල්ලි ඉන්දියාව හරහා ලංකාවට ගන්නවා. එතකොට එම්සීසී, එට්කා දෙකම හරි. පොහොට්ටුවේ නිර්මාතෘ මේ ගිවිසුම් දෙකම සාධාරණීකරණය කළා. එම්සීසී ගිවිසුමට විරුද්ධව පාට පක්ෂ භේදයක් නැතුව මුළු රටම විරුද්ධව වුනා. ඇමරිකාව අද ලස්සනට මේ විරෝධය යටපත් කරලා තියෙනව ඇමරිකන්කාරයෙක් ජනාධිපති කරවලා. මම කිව්වා මෙයාව නම් කරන්න එපා, රනිල් නතර කරපු තැන ඉඳන් පටන් අරන් රට පාවා දෙනවා කියල. යූටර්න් ජනාධිපතිට නාම යෝජනා අරන් දෙන්න පොළොවේ පස් කාපු, මහින්දට බලපෑම් විතරක් නෙමෙයි තර්ජනත් කරපු ගිහි පැවිදි හැමෝගෙම දේශප්‍රේමයේ වෙස් මුහුණු දැන් ගැලවිලා. ඔවුන්ගේ නියම මුහුණ දැන් තමයි පේන්නේ. ඔවුන් රටම රැවට්ටුවා. යූ ටර්න් ජනාධිපති කරන හැම දේශද්‍රෝහී වැඩකටම මහින්දත් වගකිව යුතුයි. මේක ලියන්නේ යූටර්න් ජනාධිපතිගේ ද්‍රෝහිකමට එරෙහි වෙන්න කියල හැමෝගෙන්ම ඉල්ලන්න. මට ලොකු වේදනාවක් තියෙනවා. තව වැඩි දවසක් ලියන්නත් බැරිවෙයි.
මෙයාට ගෙදර යන්න කියන්න. අපේ රටේ අයගේ කඳවුරු ගහගන්න ඉඩ දෙන්න එපා. ඔටුවා කූඩාරමට ඇතුල් උනා වගේ අපිට යන්න තැනක් නැතිවෙනවා. අපේ රටත් දෙකට කැඩෙනවා. අන්තිමට සිරියාව වගේ මහා ජංජාලයක් වෙනවා ලංකාවේ.
ඇමරිකන් කොලනි මේ රටේ බැහැ. අනිත් දුප්පත් රටවල්වලට වෙලා තියෙන දේවල් ඇස් පනාපිටම පෙනෙන්නට තිබෙනවා. මේ රටේ බිම් අඟලක්වත් මොවුන්ට දෙනවට අපි කැමති වෙන්නේ නැහැ. m.c.c ගිවිසුම් මෙහෙ නැති බව වටහා ගත්තොත් වඩා හොඳයි. අවුරුදු 5කට පත්වෙන කිසිම කෙනෙකුට රටේ දේවල් පිටරැටියන් කිසිම කෙනෙකුට දීමට අයිතියක් නැහැ. මේ දුප්පත් අපේ රටයි. මේ අපේ ලක් අම්මා වේ.. අපි අපේ ලක් අම්මා දිවිහිමියෙන් රැකගැනීමට බැඳී සිටින්නෙමු..
MCC එක අත්සන් කරනවා එහෙම නෙවේ...