(විනීතා එම් ගමගේ)
බැංකු ඇතුළු විවිධ ණය දෙන ආයතනවලින් ණය ඉල්ලූම් කරන පුද්ගලයන් වෙනුවෙන් විශේෂිත මිනුම් ඒකකයක් හඳුන්වා දීමට ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යංශයේ පියවර ගෙන ඇත.
නව ක‍්‍රමය යටතේ ණය ලබාදෙන ආයතනවලින් ණය ඉල්ලූම් කරන පුද්ගලයින්ට ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යංශය ලකුණු ප‍්‍රදානය කරන අතර අංක 250 සිට 900 දක්වා පරාසයක පැතිරෙන ලකුණු ණය නොගෙවන හා පැහැර හරින පුද්ගලයින්ට ලැබෙනු ඇත.
නව ක‍්‍රමයේ දී ණය ගෙවීම් පැහැර හරින පුද්ගලයන්ට එසේ පැහැර හැරීම් වැඩිවන තරමට ලකුණු එකතු වන බවද ඒ අනුව යළි ණයක් ලබාගත හැකි ද නොහැකි ද යන්න තීරණය කෙරෙනු ඇත.
මේ අනුව ණයක් නොගෙවීම නිසා ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යංශයේ නම සඳහන් වන තැනැත්තෙකුට වුවත් මෙම ලකුණු අඩු මට්ටමක පවතී නම් එය ණය ලබාගැනීමට සුදුසුකමක් වන බව එම කාර්යංශයේ නිලධාරියෙක් පැවසීය.
යම් හෙයකින් එසේ ණය ගෙවීම් පැහැර හැරීම දිගින් දිගටම සිදුවුවහොත් ලකුණු ප‍්‍රමාණය වැඩිවන නිසා ණය ලබාගැනීම අපහසු වන බවත් හෙතෙම සඳහන් කළේය.
එමෙන්ම ඉදිරියේ දී ණය පැහැර හැරීම්වලින් තොර පුද්ලයින්ට තම කීර්ති නාමය ඇපයට තබා ණය ලබාගැනීමට අවස්ථාව උදාකිරීමට කටයුතු කරමින් සිටින බවද ඔහු වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෞද්ගලික මූල්‍ය සමාගම් වලින් ණය දීමේදී එම ආයතන වලට මෙම තොරතුරු ලබාගත හැකිද? එහෙම නම් ඉතාම හොඳයි.
මෙම නීතිය හරියට ක්‍රියාත්මක කළොෙත් මේ පාර්ලිමේන්තුව නියෝජන කරන බොහෝ අය කළු ලැයිස්තුවට ඇතුලත් වෙනවා.
මේ ක‍්‍රමය නම් හොදයි. හැබයි මේ ක්‍රමයේදී එකතුවෙනවා වගේම අඩුවෙන ක්‍රමයකුත් තියෙන්න ඕනේ. නැත්තම් ඉතින් තියෙන ක්‍රමයෙයි මේකෙයි වෙනසක් නෑනේ. අනික තමන්ගේ ලකුණු ප‍්‍රමාණය අන්තර්ජාලයෙන් බලාගන්න ක්‍රමයකුත් හදන්න.
මුස්ලිම් ව්‍යාපාරිකයන් වැඩි ලකුණු ගනීවී.
මොන දේ උනත් අලුත් වෙන්න ඕනේ සමාජයේ බහුතරයට සහන සැලසෙන විදිහට.
අද මේ තරඟයේ මේ වන විට වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබාගෙන ඉදිරියෙන්ම සිටින්නේ බන්දුල ගුණවර්ධන මහත්මයා බව අපි ඉතා සතුටින් දැනුම් දෙමු.