(ඩයනා උදයංගනී)
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ හඬපට හේතුවෙන් අහිමි වූ අධිකරණ විශ්වාසය යළි ගොඩනගා ගැනීම සඳහා අගවිනිසුරුතුමන් ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කඩිනම් පියවරක් ගනු ඇතැයි බලාපොරොත්තු වන බව සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ඒ සඳහා අගවිනිසුරුවරයාට කාලයක් ලබාදීමට රාජ්‍ය නායකත්වය බලාපොරොත්තු වන බව ද ඇමැතිවරයා සඳහන් කළේය.
අධිකරණයේ ස්වාධීනත්වය හා විශ්වාසනීයත්වය සම්බන්ධයෙන් ඇතිවී ඇති ගැටලූව සම්බන්ධයෙන් තේරීම්කාරක සභාවක් පත්කර පියවර ගත යුත්තේ පාර්ලිමේන්තුව වුවත් එයට ඉක්මන් වීමට රජය අකමැති බව ද බන්දුල ගුණවර්ධන මහතා කීවේය.
එසේ කළහොත් එය ව්‍යවස්ථාදායකය හා විධායකය අතර ගැටුමක් බවට පත්විය හැකි බව කී ඇමැතිවරයා අගවිනිසුරුතුමා ඇතුළු ශ්රේෂ්ඨාධිකරණයතමන්ට සිදුව ඇති දේශපාලන බලපෑම සම්බන්ධයෙන් අපක්ෂපාතී ලෙස හා රටේ ජනතාව තුළ විශ්වාසනීයභාවයක් ඇතිවන ලෙස පියවරක් ගනු ඇතැයි බලාපොරොත්තු වන බව ද ප්‍රකාශ කළේය.
අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (9) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී රන්ජන් රාමනායක මහතාගේ දුරකතන සංවාදවල හඬ පට හේතුවෙන් මේ වන විට බිඳ වැටී ඇති අධිකරණය පිළිබඳ විශ්වාසය යළි ගොඩනැගීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද යනුවෙන් මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
නිරෝගී ප්රජාතන්ත්රවාදය සහ මිනිස් නිදහස හා ආරක්ෂාව උදෙසා ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය ඉතා වැදගත් බව කී අමාත්‍යවරයා පසුගිය කාලයේ අධිකරණයට ඉතිහාසයේ කිසිම දිනෙක නොවූ තරමින් ව්යවස්ථාධායකයෙන් බලපෑම් එල්ල වී ඇති බව මෙම හඬපටවලින් තහවුරු වන බව ද කීවේය.
දේශපාලන පළිගැනීම් හා වෛරයෙන් යුතුව පසුගිය කාලයේ අධිකරණය මෙහෙයවා ඇති බවට මෙම සාක්ෂි මගින් ඔප්පු වූ බව ද ඇමැතිවරයා සඳහන් කළේය.
එබැවින් ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර ගැටුමක් ඇතිනොවන ආකාරයට හා ශ්‍රේෂ්ඨාධිකරණයේ ගෞරවය ආරක්ෂා කිරීම සඳහා අගවිනිසුරුතුමන් ක්‍රියාමාර්ගයක් ගත යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හා පුළුවන් නම් කියන්නකෝ ඒ කතා බොරුයි කියලා. එහෙම දේවල් වුනේ නැහැ කියලා... අපිට වැදගත් වෙන්නේ එච්චරයි කවුරු හිරේ යවනවද කියල අපිට වැඩක් නැහැ මොකද අපි දන්නවා කාගේ කාගේත් කිල්ලෝට වල හුණු හොන්ඩර වලින් තියෙනවා කියලා.
ඔය කට්ටියගේ හැටි ඔහොම තමයි. අහිමි වූ විශ්වාසය දිනා ගන්න නම් ඔය ජාතියේ අයගේ ඔලු ගෙඩි ඇතුලේ තියෙන මොළ ගෙඩි ටික මාරු කරන්න වෙයි.
එය වියයුතුම දෙයක්. ශිරානි අගවිනිසුරුවරිය ගෞරවනීය ලෙස එළවා දැමීමෙන්, හිරගෙදර යැවිය යුත්තා රජගෙදර යැවීමෙන්, ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි අර මිලියන් 20 ක් වංචා කලාය කී තරුණිය පැය දෙකෙන් නිදහස් කර යැවීමෙන්, අනික් හොරුන්ට පාඩමක් වන ලෙස අඹ ගෙඩි තුනක් කැඩූ වයසක කාන්තව සහ කිඹුහුම් පිටකරපු සීයා හිරේ දැමීමෙන් ආදී වශයෙන් ගොඩ නගා ගන්නා ලද ඉමහත් කීර්ති කදම්බය මේ කොහෙද යන හඬ පටියකින් දරුණු ලෙස පලුදු වී ඇති හෙයින වහාම අධිකරණය පිලිබඳ විශ්වාසය ගොඩ නගා ගතයුත්තේමැයි..
ඔව් තමන්ට විරුද්ධව තීරණයක් දුන්නොත් ගෙදර.
රු.2500 කින් මාසයක් ජිවත් වෙන්න පුලුවන් කියපු මෙතුමාගේ කතා කාටද විශ්වාස කරන්න පුලුවන්. අධිකරණය කෙරෙහි තිබුනු විස්වාසය නැති උනේ මීට කලින්.
ඔව්, ඔබතුමා දෙදහස්පන්සියයේ කතාවෙන් ජනතාව නැවත දිනාගත්තා වගේ...
ඇයි මහජනයාට අතීත සිදුවීම් අමතක වෙලා කියලා හිතුවාද? නිකම් බබා පාට් දන්නා එපා. පහුගිය ටිකේ හිටපු ලොකු තැන කියලා තිබුන වගේ මතකයි. හිටපු අග විනුසුරුවරයෙක්ම එයාට ඇවිල්ලා කිවා කියලා තම තනතුරේ රැඳිලා ඉන්න ඉඩදෙන්න ඕන විදියට තීන්දු තීරණ දෙන්නන් කිව්වා කියලා. මේවා ප්‍රසිද්ධියේ කියලා පොදු මාධ්‍යවල පළවුණු දේවල්. දන්නේ නැහැ එහෙම කියලා කියනවා නොවෙයි. එතකොට ඔය හැකර කට හමස් පෙට්ටියේ වැටිලාද තිබුනේ. පොදු ජනයාට අතීතය අමතක නැහැ. අතීතය තිත්තයි.