’’අස්ට්‍රාසෙනිකා එන්නත පෞද්ගලික අංශය යොදවා හෝ මිලදී ගන්නවා’’ අස්ට්‍රාසෙනිකා එන්නත පෞද්ගලික අංශය යොදවා හෝ මිලදී ගන්නා බව කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවැසුවාය. 16 May 2021
රෝහල් අඩුපාඩු සකසන්න උදව් කරන්නැයි දානපතියන්ගෙන් ඉල්ලයි රෝහල්වල අඩුපාඩු සහ පහසුකම් සපුරා ගැනීමට උදව් වන්නයි තමා මෙරට දානපතියන් ගෙන් ඉල්ලීමක් කරන බව කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය . 16 May 2021
‘‘පෞද්ගලික අංශයේ ගැබිනි මවුවරුන්ට නිවාඩු දෙන්න‘‘ පවතින අවදානම්කාරි වාතාවරණය හමුවේ පෞද්ගලික අංශයේ සේවය කරන ගැබිණි මවුවරුන් ද සේවයට කැඳවීම නවතන්නැයි හාම්පුතුන්ට උපදෙස් දෙන මෙන් රෙඩ් සංවිධානය ඇතුළු වෙළඳකලාප ආශ්‍රිතව වැඩ කරන ස්වේච්ඡා සංවිධාන කිහිපයක් ඉල්ලීමක් කර ඇත. 16 May 2021
නිතිපතිගේ චෝදනාව ගැන මහජන ආරක්ෂක අමාත්‍ය කරුණු විමසයි පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ට අදාල සාක්ෂි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලිඛිතව තහවුරු කර නැති බවට නීතිපති දප්පුල ද ලිවේරා මහතා කරන චෝදනාව සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා එම දෙපාර්තමේන්තුවෙන් කරුණු විමසා ඇත . 16 May 2021
තවත් ගැබිණි මවක් කොරෝනාවට බිලි කොවිඩ් ආසාදිතව මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 35 හැවිරිදි ගැබිනි මවක් අද (16) මියගොස් ඇත. 16 May 2021
ලක්ෂ 18 දුරකතන හොරා අල්ලයි නිට්ටඹුව නගරයේ ජංගම දුරකතන වෙළෙදසැලක් කඩා රුපියල් ලක්ෂ දහඅටක් වටිනා දුරතකන 48 ක් සොරාගත් පුද්ගලයකු සොරාගත් දුරකතන සමග අත්අඩංගුවට ගත් බව නිට්ටඹුව පොලිසිය කියයි. 16 May 2021
මාවනැල්ලේ සුරාසැලක තිදෙනෙක්ට කොරෝනා මාවනැල්ල නගරයේ සුරාසැලක සේවය කරන ලද සේවකයින් තිදෙනෙකුට කොවිඩ් රෝගය ආසාදිත වී ඇති බැවින් කොරෝනා පොකුරක් ඇති වීමට පෙර පසුගිය 6 වැනිදා සිට 12 වැනිදාතෙක් එහි පැමිණි පිරිස් වහාම සෞඛ්‍ය අංශ දැනුවත් කළ යුතු බවත් ඵසේ නොමැති නම් ස්වයං නිරෝධායනය විය යුතු බවත් මාවනැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පවසයි. 16 May 2021
පානීය ජල ව්‍යාපෘතියේ කසිප්පු පෙරලා ලෙල්ලොපිටිය වැලිමලුව මාක්ස්වත්තේ සහ පොල්ගස්තැන්නේ ගම්වැසියන් පානීය ජලය ලබාගන්නා ඉන්දොළ ඇළට ගෝඩා මුසුකර පුද්ගලයින් 32 දෙදෙනෙකු රෝගාතුර කළ බවට සැකපිට මාක්ස්වත්තේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙක් අද 16දා අත්අඅඩංගුවට ගත්බව රත්නපුර මුලස්ථාන පොලිස් පරීක්ෂක රොහාන් ඕලුගල මහතා පැවසුවේය. 16 May 2021
කොවිඩ් වුවත් රෝග ලක්ෂණ නැත්නම් නිවසේම නිරෝධායනයට කොවිඩ් ආසාදිත බවට තහවුරුවී ඇතත් කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන රෝගීන් සිය නිවෙස්වලම නිරෝධායනය කිරීමට තීරණය කර ඇතැයි කොරොනා මර්දන රාජ්‍ය ඇමති විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය . 16 May 2021
බිරිය සමඟ රංඩු වී සිඟිත්තා ගහක එල්ලන්න හදලා පවුල් ආරාවුලක් දුරදිග යාමෙන් මාස දෙකක් වයසැති තම සිගිති දරුවා එල්ලා මැරීමට උත්සාහ කළ රංසෑගොඩ බෙරලිය අතුර ප්‍රදේශයේ පදිංචි පියෙකු අත් අඩංගුවට ගත් බව කඹුරුපිටිය පොලීසිය කියයි. 16 May 2021
ධාවනය වූ ත්‍රිරෝදය ගිනි ගෙන අළු වෙයි මන්නාරම උප්පුකුලම් ප්‍රදේශයේ දී ධාවනය වෙමින් තිබූ ත්‍රී රෝද රථයක හදීසියේම ඇති වූ ගින්නකින් ත්‍රී රෝද රථය සම්පූරණයෙන්ම විනාශ වී ඇත. 16 May 2021
වදුරඹ පොලිස්කන්ද ප්‍රදේශය හුදෙකලා කරයි වදුරඹ පන්විල ග්‍රාම නිලධාරී වසමේ පොලිස්කන්ද ප්‍රදේශයන් කොරෝනා ආසාදිතයින් පිරිසක් වාර්තාවීමත් සමඟ අද (16) උදෑසන 9.30 ට පමණ හුදකලා කිරීමට පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය අංශ කියයි. 16 May 2021
දීමනා කැපුවැයි ක්‍රිකට් පාලකයෝ හා ක්‍රීඩකයෝ ගැටෙති වාර්ෂික කොන්ත්‍රාත්තුව සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩකයන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර මතභේදාත්මක තත්වයක් උද්ගත වී තිබේ. 16 May 2021
අවධානයෙන් සිටින්නැයි ඊශ්‍රායලයේ සිටින ලාංකිකයින්ට උපදෙස් ඊශ්‍රායලය සහ ගාසා තීරයේ සටන්කාමී සංවිධාන අතර උද්ගතව ඇති ගැටුම්කාරී තත්ත්වය හා දැනට ඊශ්‍රායලය තුළ පවතින කලබලකාරි තත්ත්වය විශේෂ අවධනයෙන් සිටින්නැයි ටෙල් අවිව් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දී ඇත. 16 May 2021
අදත් සැරින් සැරේ තද වැස්ස බස්නාහිර, මධ්‍යම, වයඹ සහ සබරගමුව පළාත්වල සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල අද (16) දිනයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 16 May 2021
සංචරණ සීමා කැඩු 306ක් අල්ලයි සංචරණ සීමා සහ නිරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලයන් 306 කු ඉකුත් පැය 24 තුළ දී දිවයින පුරා පොලිසි මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස් අජිත් රෝහණ මහතා පවසයි 16 May 2021
කොරෝනා ආසාදිත මරණ 941 දක්වා ඉහළට කොරෝනා ආසාදිත රෝගීන්ගේ මරණ තවත් 20ක් ඊයේ (15) දිනයේදී වාර්තා වීමත් සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 941ක් දක්වා ඉහළ ගියේය. 16 May 2021
අදත් ආසාදිතයෝ 2000 පනිති කොවිඩ් වයිරස ආසාදනය වූ තවත් 585 දෙනකු අද (15) දිනයේ හඳුනාගෙන ඇත. ඒ අනුව අද දින වාර්තා වූ මුළු ආසාදිතයන් ගණන 2371කි. මෙම ආසාදිතයන් අලුත් අවුරුදු පොකුරෙන් වාර්තා වී ඇත. 15 May 2021
යතුරු පැදිය විදුලි කණුවේ ගැටී සෙබළෙක් මරුට:තවත් සෙබළෙක්ට තුවාල පනාගොඩ යුද යුද හමුදා කඳවුරට අනුයුක්ත ඉංජිනේරු බලකායේ සේවය කරන හමුදා සෙබළුන් දෙදෙනකු ගමන් ගත් යතුරු පැදියක් කහතුඩුව කෝරළඉම ප්‍රදේශයේදී දුරකථන කණුවක සහ මාර්ග සංඥා කණුවක ගැටි එක් සෙබළකු මියගොස් තවත් අයකු තුවාල ලබා ඇතැයි කහතුඩුව පොලිසිය කියයි 15 May 2021
කීර්ති නාමයට හානි කළැයි අධිකරණ ඇමැති රුපියල් බිලියනයක් ඉල්ලයි පුවත්පත් සාකච්ඡාවකදී අසත්‍ය ප්‍රකාශයක් සිදුකොට තම කීර්ති නාමයට හානි කිරීම වෙනුවෙන් දින 14ක් තුළ රුපියල් බිලියනයක වන්දියක් ගෙවන ලෙස දැනුම් දෙමින් බද්දේගම පදිංචි ආනන්ද ලැනරොයිට අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා එන්තරවාසියක් යවා ඇත. 15 May 2021
එක්වරක වාර්තා වූ වැඩිම ආසාදිතයෝ අද කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 1786 දෙනෙක් අද (15) දිනයේ දී වාර්තාවූහ. 15 May 2021
රටපුරා සැර කොරෝනා වයිරස ප්‍රභේද හයක් රටේ සැර කොරෝනා වයිරස ප්‍රභේද හයක් ව්‍යාප්තව පවතින බවට සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ ප්‍රධානීහු පවසති . 15 May 2021
චීන රොබෝ යානය අඟහරු මතට චීනය රෝබෝ යානය අඟහරු මතුපිටට ගොඩබෑම අද (15) සිදුවිය. චීනය අඟහරු මතුපිටට යානයන් යැවූ කළ පළමු අවස්ථාව මෙයයි. 15 May 2021
පැලත් එක්ක සැඩපහරට හසු වූ අම්මා පැය හතරකට පසු බේරා ගනී අත්තනගල්ල නගරයේ අත්තනගලු ඔය අසල කුඩා පැලක සිටි කාත්කවුරුත් නැති කන්තාවක ඔයේ සැඩ පහරට අසු වී ගසා ගෙන යද්දී පැය හතරක මෙහෙයුමකින් පසු දිවි බේරා ගත් පුවතක් නිට්ටඹුව පොලිසියෙන් වාර්තා වෙයි 15 May 2021
ගම්පහ නගරය ජලයෙන් යට වෙයි දෙදිනක් පුරා ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් සවස් වනවිට ගම්පහ නගරයේ මාර්ග කිහිපයක්ම ජලයෙන් යට වී ඇතැයි ගම්පහ දිස්ත්‍රික් ආපදා කළනමණාකර ඒකකය කියයි. 15 May 2021
නීතිපතිගෙන් පොලිස්පතිට ලිපියක් පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් පස් දෙනකු සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවල උද්ධෘත ඇත්නම් ඒවා ඉදිරිපත් කරන්නැයි නීතිපති දප්පුල ලිවේරා මහතා පොලිස්පතිට ලිඛිතව දැනුම් දී ඇත. 15 May 2021
සිනොපාර්ම් ගැන විමර්ශනයක් 18වැනිදා සිනොපාර්ම් චීන එන්නත මෙරට වයස 60ට වැඩි පුද්ගලයන්ට ලබාදිය හැකිදැයි සෙවීමට වසංගත රෝග විද්‍යාඥයන් ඇතුළුවෛද්ය විශේෂඥයෝ කණ්ඩායමක් ලබන 18 වැනිදා අඟහරුවාදා රැස්වෙති . 15 May 2021
විදුලියට කෝටි 892ක අකුණක් ! ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය මේ වසරේ (2021)මුල් මාස තුනේදි රුපියල් කෝටි 892ක පාඩුවක් ලබා ඇතැයි එහි වාර්තාවක සඳහන් වෙයි . 15 May 2021
හිඟ මාත්‍රා ගන්න රටවල් තුනක් සමග සාකච්ඡා මෙරට ජනතාවට හිඟ පාඩු වී ඇති අස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ හය ලබා ගැනීම සඳහා ඩෙන්මාර්කය ,නොර්වේ හා ස්වීඩනය යන රටවල නායකයන් සමඟ ඒ රටවල ශ්‍රී ලංකා තානාපතිවරුන් සාකච්ඡා කරගෙන යන බව සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති . 15 May 2021
කොරෝනාවෙන් මියගිය ලංවීම සේවකයාගේ බිරියට රැකියාවක් ’කොවිඩ්’ ආසාදිතව මරණයට පත්වූ ලංකා විදුලිබල මණ්ඩලයේ කින්නියා විදුලි පාරිභෝගික මධ්‍යස්ථානයේ රියදුරුගේ බිරිඳට ලංකා විදුලිබල මණ්ඩලයේ සුදුසු රැකියාවක් ලබාදෙන බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. 15 May 2021
සාමයේ පාගමනේ තෙවැනි දිනය අදයි ‘එහිපස්සිකෝ‘ සාමයේ පා ගමනේ තෙවැනි දිනය අද (23) ඓතිහාසික මාතලේ අලුවිහාරයේ රජමහා විහාර පරිශ්‍රයෙන් ඇරඹිණි. අද දිනයේදී සාම පාගමන ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාව බලා පිටත්වේ.. 23 April 2026