අල්ලස් ගැනීමේ චෝදනාවෙන් තලාව හිටපු ප්‍රා.ලේකම් නිදොස්කොට නිදහස් දැව බලපත්‍රයක් නිකුත් කිරීමට රුපියල් 20,000ක අල්ලස් ගැනීමේ චෝදනාවට වරදකරුවී බරපතල වැඩ සහිත මාස 18ක අත්හිටවූ සිරදඩුවමක් ලැබූ තලාව හිටපු ප්‍රාදේශීය ලේකම්වරයා එම චෝදනා වලින් නිදොස්කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය තීන්දු කළේය. 18 May 2021
කොරෝනා පාලනයට හමුදාව යෙදෙව්වාට ද්‍රෝහී කණ්ඩායම් උරණ වෙලා යුද්ධය අවස්ථාවේදී එදා රජයට විරුද්ධවු රට ජාතියට ද්‍රෝහී කණ්ඩායම් කොවිඩ් වසංගතය පරාජය කිරීම සඳහා ත්‍රිවිධ හමුදා කණ්ඩායම් යෙදවීමට අද එරෙහි වෙමින් සිටින බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී අද (18) පැවැසී ය . 18 May 2021
මියගිය කොටි සාමාජිකයන් සැමරූ අයෙක් අත් අඩංගුවට යුද්ධයේදී මිය ගිය එල්ටීටීඊ සාමාජිකයන් සමරමින් මඩකලපුව කල්කුඩා වෙරළ තීරයේ සැමරුම් උත්සවයක නිරත වෙමින් සිටි පුද්ගලයෙකු අද (18) පෙරවරුවේ කල්කුඩා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 18 May 2021
ගල්කිස්සේ කොස්තාපල්වරියෝ දෙකකට කොරෝනා ගල්කිස්ස පොලිසියේ පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනකුට කොරෝනා වයිරසය ආසාධිත වී ඇති බවට තහවුරු වූ බවත් එම නිලධාරිනියන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් සහකාර පොලිස් අධිකාරී වරයකු ඇතුළු පොලිස් නිලධාරීන් දසදෙනකු නිරෝධායනය සඳහා යොමු කළ බව රත්මලාන සෞඛ්‍ය නිලධාරි කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පවසයි. 18 May 2021
මිලානෝ කොන්සල් කාර්යාලය අලුත් තැනකට ඉතාලියේ මිලානෝ නගරයේ පිහිටි කොන්සල් ජෙනරාල් කාර්යාලය Via Giovanni Da Udine 15A යන ස්ථානයේ පිහිටි නව පරිශ්‍රයට රැගෙන ගියේය. 18 May 2021
කටවල් වහ ගන්නැයි කථානායකවරයාගෙන් අවවාදයක් සියලුම මන්ත්‍රීවරුන් මුව ආවරණ පැළඳ සිටින්නැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (18)පෙරවරුවේ ඉල්ලීමක් කළේය. 18 May 2021
කොළඹ වරාය පනත හෙට විවාදයට කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේ දී හෙට (19) සහ අනිද්දා (20) පැවැත්වීමට නියමිතය . 18 May 2021
යුද ජයග්‍රාහණයට අදට වසර 12යි එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත්කර 30 අවුරුදු යුද්ධය නිමාවට පත් කරමින් ශ්‍රී ලංකාව ලබාගත් යුද ජයග්‍රහණයේ 12 වැනි සංවත්සරය අද (18) ට යෙදී ඇත. 18 May 2021
වරාය නගර පනතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි හෙයින් එම වගන්ති විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයකින් සම්මත කරගත යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (18) පැවසීය . 18 May 2021
රිෂාඩ්, ප්‍රේමලාල් මැති සබයට රැගෙන එති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රිෂාඩ් බදුර්දීන් සහ ප්‍රේමලාල් ජයසේකර යන මහත්වරු පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි කරවීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයට අද (18)පෙරවරුවේ රැගෙන එනු ලැබූහ . 18 May 2021
හිටපු මන්ත්‍රී තුරේරත්නසිංහම් කොවිඩ් වැළඳී මිය යයි දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ඒ තුරෙයි රත්නසිංහම් මහතා කොවිඩ් ආසාදනය වීමෙන් මියගොස් ඇත . 18 May 2021
මුදලට ක්‍රිකට් පාවාදීමේ චෝදනාවෙන් ක්‍රීඩකයෝ පස්දෙනෙක් නිදහස් විදේශ රූපවාහිනී නාලිකාවක් විකාශ කළ වැඩසටහනක් හේතුවෙන් මුදලට ක්‍රිකට් තරග පාවාදීමට සූදානම් වූ බවට චෝදනා එල්ල වූ ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු ඇතුළු පස්දෙනාට එරෙහිව චෝදනා ඔප්පු කිරීමට සාක්ෂි ප්‍රමාණවත් නොවීම නිසා ඔවුන් නිදහස් කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) තීරණය කර තිබේ. 18 May 2021
අදත් තැනින් තැනට වැසි මධ්‍යම, සබරගමුව, ඌව, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වලත්, හම්බන්තොට, මුලතිව් දිස්ත්‍රික්කවලත් අද (18) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 18 May 2021
වසම් තුනක් වහයි:වසම් අටක් අරී දිස්ත්‍රික්ක දෙකක ග්‍රාම සේවා වසම් තුනක් අද අලුයම 6 සිට හුද කළ කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 18 May 2021
සංචරණ සීමා නිසා රජයට කෝටි 6000ක පාඩුවක් දිවයින පුරා පසුගිය දින හතරේදී ක්‍රියාත්මක කෙරුණු සංචරණ තහනම හේතුවෙන් රටේ ආර්ථිකයට වූ පාඩුව රුපියල් කෝටි 6000 ඉක්මවන බව මුදල් ,ප්‍රාග්ධන සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. 18 May 2021
දිස්ත්‍රික්ක අටක් දැඩි අවදානම් වසංගත රෝග විද්‍යා අංශයේ වාර්තා අනුව මෙරට දිස්ත්‍රික්ක අටක දැඩි කොරෝනා වසංගත අවදානමක් මතුව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. 18 May 2021
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමැති අනුකමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට තීරණය කරයි පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා පත්කරන ලද ඇමැති අනුකමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත . 18 May 2021
‘‘වරාය නගර කෙටුම්පත සම්මත කරන්න අගමැති සහාය ඉල්ලයි‘‘ පාර්ලිමේන්තුවේ දී 19 සහ 20 දිනවල විවාදයට ගැනෙන කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාප පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට සියලු දෙනාගේ සහය ලබාදෙන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා ආන්ඩුවේ පක්ෂ නායකයින්ගෙන් ඉල්ලීමක් කර ඇත. 18 May 2021
24 සහ 25 රජයේ නිවාඩු දිනයක් කරයි ලබන 24( සදුදා) සහ 25( අඟහරුවාදා) යන දෙදින රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත . 17 May 2021
විශේෂ කැබිනට් රැස්වීම හෙට සවස 6ට කැබිනට් මණ්ඩලයේ විශේෂ රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සවස 6 ට පැවැත්වේ 17 May 2021
කොරෝනා මරණ තවත් 19 වාර්තා වෙයි කොරෝනා මරණ 19 අද වාර්තා වෙයි.ඒ අනුව මුළු මරණ සංඛ්‍යාව 981 දක්වා ඉහළට 17 May 2021
තවත් පොලිස් වසම් තුනක් හුදකලා කරයි උතුරු පළාතේ පොලිස් බල ප්‍රදේශ තුනක්ද අද රාත්‍රී 11 සිට හුදකලා කෙරේ. 17 May 2021
පෙවූ රන්කිරට වන්දි ද මේ ගෙවන්නේ වයෝවෘද්ධ මාපිය යුවළක් කිසියම් අයකු විසින් වැල්ලම්පිටිය හන්දියට ගෙනැවිත් දමා ගොස් ඇති අතර ඔවුන් ඉතා අසරණව තෙදිනක් තිස්සේ එහි කඩපිලක වැටී සිටිනු දක්නට ලැබේ. 17 May 2021
ආසාදිතයන් 1579 පළමුවටයේ වාර්තා වෙයි කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 1,579 දෙනෙක් අද (17) දිනයේ දී වාර්තාවූහ. මෙම නව ආසාදිතයන් පිරිසත් සමඟ මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1,44,325 ක් දක්වා ඉහළ ගොස් ඇත. 17 May 2021
ඇන්ටිජන් ඉල්ලා බෝගම්බර රැඳවියෝ වහළට නගිති කොරෝනා වයිරසය වැළඳී ඇත්දැයි පරික්ෂාවට ලක් කෙරෙන රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය තමන්ට සිදු කරන ලෙස සෞඛ්‍ය අංශ වෙත බලපෑම් කරමින් මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාරයේ නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටින රැඳවියන් 15ක් එහි වහළට නැඟ විරෝධතාවක නිරත වූහ. 17 May 2021
මෙම සති අන්තයේ සිට දින පහක් යළි සංචරණ සීමා කොවිඩ් පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස රටපුරා තවත් දින පහක් සංචරණ සීමා පැනවීමට රජය තීරණය කර ඇත. 17 May 2021
වරාය නගරයේ පළමු ව්‍යාපෘතියට අනුමැතිය කොළඹ වරාය නගරයේ පළමු ව්‍යාපෘතියට රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව අනුමැතිය ලබා දුන්නේය 17 May 2021
අරක්කු බෝතලේ ස්ටිකරය රජයට රුපියල් කෝටි 5000 අහිමි කරයි මත්පැන් බෝතල්වල ආරක්ෂිත ස්ටිකරය නොඇලවීම නිසා රුපියල් කෝටි පන් දහසකට වැඩි ආදායමක් රජයට වාර්ෂිකව අහිමි වන බව මුදල් ,ප්‍රාග්ධන සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. 17 May 2021
ගෑස් සමාගම් පාරිභෝගිකයා රවටලා මෑතක දී වෙළදපොළට හඳුන්වා දුන් ලීටර් 18 ප්‍රමාණයේ ගෑස් සිලින්ඩරයේ රසායනික සංයුතිය වෙනස් කර වඩාත් කාර්යක්ෂම කර ඇතැයි ලිට්රෝ ගෑස් සමාගමෙන් පවසන නමුත් පැරණි සිිලින්ඩරයේත් නව සිලින්ඩරයේත් ඇත්තේ එකම සංයුතියක් බව පාරිභෝගික සේවා අධිකාරිය කරවන ලද රසායනාගාර පරික්ෂාවකින් හෙළි වූ බව එම අධිකාරියේ විධායක අධ්යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා පවසයි. 17 May 2021
දින දහයකදී ඇඳන් 16,000ක් රෝහල් පද්ධතියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙහෙයවූ ‘දින 10 කදී අදන් 10,000 ක්’ ව්‍යාපෘතියෙන් ඇදන් 16,000 ක් රෝහල් පද්ධතියට එකතු කිරීමට හැකිවූයේ යැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍යය පවසයි. 17 May 2021
සාමයේ පාගමනේ තෙවැනි දිනය අදයි ‘එහිපස්සිකෝ‘ සාමයේ පා ගමනේ තෙවැනි දිනය අද (23) ඓතිහාසික මාතලේ අලුවිහාරයේ රජමහා විහාර පරිශ්‍රයෙන් ඇරඹිණි. අද දිනයේදී සාම පාගමන ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාව බලා පිටත්වේ.. 23 April 2026