ඊ.පී.එෆ් අරමුදලින් බදු අය කර ගන්නේ නෑ
පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අර්ථසාධක අරමුදලේ මුදල්වලින් බදු අය කර ගැනීමට කිසිදු තීරණයක් රජය ගෙන නැතැයි මුදල්,ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පාර්ලිමේන්තුවේදී අද (3) පැවැසීය. මුදල් රාජ්‍ය ඇමතිවරයා මෙසේ පැවසුවේ සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.