රිෂාඩ්ගේ කතාවකින් මැතිසබය උණුසුම් වෙයි රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රිවරයා අත්අඩංගුට ගෙන රඳවාගෙන සිටීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර මතුවූ සංවාදයක් හේතුවෙන් මැතිසබයේ උණුසුම් තත්වයක් අද (4)පෙරවරුවේ ඇතිවිය 04 August 2021
ඇස්ට්‍රාෙසනිකා දෙවන මාත්‍රාව ගන්න ඉන්නෙ තව ලක්ෂයයි ඇස්ට්‍රාෙසනිකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීමට ඇත්තේ තවත් පුද්ගලයින් ලක්ෂයකට අඩු ප්‍රමාණයකට යැයි කොළඹ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 04 August 2021
මහරගම ඕ.අයි.සී.ගේ සුවදුක් බලන්න සරත් වීරසේකර යයි ශල්‍යකර්මයකට ලක් ව තලවතුගොඩ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන මහරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච් එච් ජනකාන්ත මහතාගේ සුවදුක් විමසීම සඳහා අද( 4) මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියාද් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා රෝහලට ගියේය. 04 August 2021
වටරැක සිර කඳවුරට දුම්කොළ සහ ලයිටර් ගෙන ගිය සැරයන් අත්අඩංගුවට වටරැක එළිමහන් සිර කඳවුර තුළට දුම්කොළ 25ක් සහ ලයිටර් 11 ක් රැගෙන යාමට උත්සහ කළ බන්ධනාගාර සැරයන්වරයකු අත්අඩංගුවට ගෙන ඇත. 04 August 2021
නව සංචාරක ආයෝජන 54 කට අනුමැතිය කොවිඩ් වසංගතය පැවතිය ද පසුගිය කාලය තුළ ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 8800 ක් වටිනා නව සංචාරක ආයෝජන 54 ක් අනුමැතිය සදහා ඉදිරිපත්ව ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 04 August 2021
බෝට්ටුවෙන් රට පනින්න ගිහින් වරෙන්තු වූ 25 ක් අල්ලයි නීති විරෝධි අයුරින් මුහුදු මාර්ගයෙන් විදෙස් රටවලට සංක්‍රමණය වීමට උත්සාහ කර වරෙන්තු ලබා සිටි පුද්ගලයින් 25 දෙනකු අත්අඩංගුවට ගැනීමට සමත් වු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනනත් වෙළදාම ජාවාරම් විමර්ශන ,සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය කියයි. 04 August 2021
සංගක්කාර ‘බාබඩෝස් රෝයල්’කණ්ඩායමේ අධ්‍යක්ෂක ධුරයට ලෝක ක්‍රිකට් පිටියේ ප්‍රධානතම විස්සයි20 ලීග් ක්‍රිකට් තරගාවලියක් වන කැරිබියන් ප්‍රීමියර් ලීග් (සී.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ ප්‍රධානතම කණ්ඩායමක් වන ‘බාබඩෝස් රෝයල්’ කණඩායමේ ක්‍රිකට් අධ්යක්ෂ ධූරයට ශ්‍රී ලංකා හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර මහතා පත්කර තිබේ. 04 August 2021
එජාපය ගොඩදාන්න බදුල්ලේ දී හැම පැත්තෙන්ම සහය බදුල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ ප්රතිසංවිධාන වැඩසටහනේදි සමගි ජන බලවේගය ඇතුළු සෙසු පක්ෂවලට සහාය දැක්වූ තරුණ ක්‍රියාකාරීන් රැසක් නැවත එක්සත් ජාතික පක්ෂයට එක්වූ බව පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය. 04 August 2021
කොරෝනා බියක් බණ්ඩාරගම ප්‍රා.සභාව සහ ආදාහනාගාරය වහයි බණ්ඩාරගම ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ මහජන සම්බන්ධතා නිලධාරියාට කොරෝනා වයිරසය ආසාධිත වීම හේතුවෙන් සභාපතිවරයා ඇතුළු සේවක සේවිකාවන් තිස් එක් දෙනකු නිරෝධානයට ලක්කළ බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි 04 August 2021
පිළියන්දල වැඩිහිටි නිවාසයක සියලු දෙනාටම කොරෝනා පිළියන්දල වැඩිහිටි නිවාසයක වැඩිහිටියන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට කොරෝනා වෛරසය ආසාධිත වී ඇතැයි පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය . 04 August 2021
දෙටු පුරවැසියන් තවත් ලක්ෂ 2කට රුපියල් දෙදහසේ මාසික දීමනාව පොරොත්තු ලේඛනයේ සිටින ජ්‍යෙෂ්ඨ පුරවැසියන් දෙලක්ෂ තිස් අටදහස් හයසිය හතළිස් දෙනෙකුට ලබන වසරේ ජනවාරි මාසයේ සිට රුපියල් 2000 මාසික දීමනාව ලබා දීමට කටයුතු කරන බව ප්‍රාථමික සෞඛ්‍ය සහ කොරෝනා මර්දන රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී පුනාන්දුපුල්ලේ මහත්මිය පාර්ලිමේන්තුවේදී අද (04) පැවසුවාය. 04 August 2021
ගුරු රථ පෙළපාළිය නිසා කොළඹ මාර්ග රැසක් හිර වෙයි වටුප් විෂමතා ඉවත් කර ගැනීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් ගුරු සංගම් ආරම්භ කළ රථ පෙළපාලිය හේතුවෙන් නුවර පාර, මීගමුව පාර, හයිලෙවල් පාර සහ ගාලු පාර ඇතුළු සෙසු මාර්ග වල දැඩි වාහන තදබයක් පවතින බව වාර්තා වෙයි. 04 August 2021
එක්සත් අරාබි එමීර් රාජ්‍ය සංචරණ තහනම ලිහිල් කරයි ශ්‍රී ලංකාව ඇතුඵ රටවල් රැසකට එක්සත් අරාබි එමීර් රාජ්‍යය පනවා තිබූ සංචරණ තහනම ලිහිල් කරමින් එම අදාල රටවල්වල සුදුසුකම් ලත් මගීන්ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඇතුල්වීමට සහ ඒ හරහා යෑමට අවසර ලබාදී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 04 August 2021
ජනපති මැති සබයට එයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු සභා ගර්භයට අද(04) පෙරවරුවේ පැමිණියේය. 04 August 2021
ගම්පහින් පැය 24 කදී ආසාදිතයින් 1295ක් ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයින් 1295 දෙනෙකු අද (4) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල හමුව ඇති බවත් මින් 147 ක් වන වැඩිම සංඛ්‍යාව මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සදහන් කරයි. 04 August 2021
කතානායකවරයාගෙන් රෝහිණීට දැඩි අවවාදයක් සමගි ජන බලවේගයේ රෝහිණී කුමාරි විජේරත්න මන්ත්‍රීවරිය කරුණු නොසොයා කළ ප්‍රකාශයකින් මූලාසනයට අගෞරවයක් වී ඇති බවත් මූලාසනය සහ සියලු මන්ත්‍රිවරුන්ගේ ගෞරවය ආරක්ෂා වෙන අයුරින් ඉදිරියේදී කටයුතු කරන ලෙස එම මන්ත්‍රීවරියගෙන් ඉල්ලා සිටින බවත් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (4) පැවැසීය. 04 August 2021
කොරෝනා ඇඳන් 33,000කින් 30,000ක් පිරි යයි කෝවිඩ් ආසාදිත රෝගීන් සඳහා වෙන්කර ඇති ඇඳන් 33,000 න්,30,000 ක් පමණ ඊයේ (03) වනවිට රෝගීන්ගෙන් පිරී ගොස් ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේය. 04 August 2021
‘‘දිල්රුක්ෂි ඩයස් යළි සේවයේ පිහිටුවන්නැයි දුන් නියෝගයට පියවරක් ගන්න‘‘ වැඩ තහනමට ලක්වූ හිටපු සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය විශ්‍රාම යාමේ දිනයට පෙර යළිත් සේවයේ පිහිටුවන ලෙස පරිපාලන අභියාචනා විනිශ්චය සභාවෙන් දෙන ලද නියෝගය පිළිබඳව පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත. 04 August 2021
’’සෙනඟ පිරුණු බස්වලින් කොවිඩ් බෝවීම ස්ථිරයි’’ සෙනඟ පිරුණු බස් රථවලින් කොවිඩ් රෝගය බෝවීම ස්ථිරයෙන්ම සිදුවන්නේ යැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවසුවාය. 04 August 2021
රත්නපුර රෝහලේ හදිසි නොවන සියලූ සේවා කල්දමයි රත්නපුර ශික්ෂණ මහ රෝහලේ ඊයේ (03) සිට හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත්කළ බව රෝහල් අධ්යක්ෂ වෛද්‍ය අනෝජ් රෝඞ්රිගෝ මහතා අද( 04) පැවසුවේය. 04 August 2021
ඩෙංගු කීටයන් හඳුනාගන්න පොලිස් නිල සුනඛයින් පොලිස් නිල සුනඛයින් යොදවා ඩෙංගු කීටයන් ඇති ස්ථාන හඳුනා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 04 August 2021
‘යහපාලනය ගුරු වැටුප් ප්‍රශ්න විසඳන්න කැබිනට් අනුමැතියත් දුන්නා’’ යහපාලන රජය සමයේ ගුරු වැටුප් විෂමතාව ඉවත් කරන්නට කැබිනට් අනුමැතිය ද ගෙන ඉතිරිවී තිබුණේ ගෙවීම් කටයුතු කරන්නට පමණක් යැයි ද යහපාලනය එලෙස කටයුතු කළේ රුපියල් 10,000කින් වැටුප වැඩි කර තිබූ පසුබිමක යැයි ද හිටපු අධ්‍යාපන අමාත්‍ය එක්සත් ජාතික පක්ෂ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය . 04 August 2021
නිරෝධායන නීති කැඩු 113 ක් පොලිස් දැලේ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 113 ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 04 August 2021
’එක්ස්ප්‍රස් පර්ල්’ තිබෙන ස්ථානයෙන් ඉවත් කිරීමට යයි කොළඹ වරාය ආසනන්යේ ගිනිගෙන විනාශ වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව දැන් තිබෙන ස්ථානයෙන් ඉවත් කිරීමට සැළසුම් කරමින් සිටින බව එම නෞකාව හිමි සිංගප්පූරු සමාගම ශ්‍රී ලංකාවට දැනුම් දී තිබේ. 04 August 2021
මහජන සෞඛ්‍ය පරික්ෂකට කෙළ ගැසූ අයකු අල්ලයි ගිරිඋල්ල කොස්කොළදෙනිය ප්‍රදේශයේ කොවිඩ් රෝගී කාන්තාවක සොයා ඇගේ නිවසට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුට කෙළ ගැසූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇගේ පියා අත්අඩංගුවට ගත් බව ගිරිඋල්ල පොලිසිය කියයි. 04 August 2021
පළාත් කිපයකට අද වැසි වාර කිපයක් සබරගමුව සහ බස්නාහිර පළාත්වලත්, නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (4) දිනයේදී වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 04 August 2021
පාර්ලිමේන්තුව අසල උද්ඝෝෂණයේදි රාජ්‍ය දේපළට හානි කළ දෙකක් සැකපිට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පාර්ලිමේන්තුව පිවිසුම ආසන්නයේ දී සංවිධානය කළ විරෝධතාවයේදී රාජ්‍ය දේපළට හානි කිරීම ඇතුළු චෝදනා රැසක් සම්බන්ධයෙන් පෙරටුගාමී පක්ෂයේ පාලන ලේකම්වරයා සහ නිදහස අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය සාමාජිකාවක ඊයෙ රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි. 04 August 2021
ආසන ගණනට වඩා මගීන් පටවන බස්වලට වැඩ වරදි ආසන සංඛ්‍යාව ඉක්මවා මගින් රැගෙන යන බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් අද සිට අත්අඩංගුවට ගෙන නිරෝධායන නීතිය ක්‍රියාත්මක කරන ලෙසට ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ. 04 August 2021
ක්‍රිකට් ආයතනයේ තව තුනකට කොරෝනා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තවත් සේවකයන් තිදෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන උසස් නිලධාරියෙක් පැවැසීය. 04 August 2021
මහරගම ඕඅයිසීට පැය තුන ශල්‍ය කර්මයක් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පාර්ලිමේන්තු පිවිසුම ආසන්නයේ දී පැවැත්වූ උද්ඝෝෂණය අතරතුරදී ඇතිවූ සිද්ධියකදී බරපතළ තුවාල ලැබූ මහරගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්. එච්. ජනකාන්ත මහතාට පැය තුනක ශල්‍යකර්මයට ලක් කළ බව රෝහල් ආරංචි මාර්ග කියයි. 03 August 2021
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026