පොලිස් වෙඩි පහරින් කොල්ලකරුවෝ දෙදෙනෙක් මරුට සූරියවැව වැවේගම පාර මහවැලිකඩආර හන්දියේදි රන්මාල කොල්ලකරුවන් සහ පොලිසිය අතර ඇති වූ වෙඩිහුවමාරුවක් කොල්ලකරුවන් දෙදෙනා මියගොස් ඇතැයි පොලිසිය කියයි. 17 August 2021
කොරෝනා පනත ඡන්දයකින් තොරව සම්මත වෙයි කොරෝනා තාවකාලික විධිවිධාන (2019) පනත් කෙටුම්පත සංශෝධන සහිතව ඡන්ද විමසීමකින් තොරව පාර්ලිමේන්තුවේදී අද (17) පස්වරුවේ සම්මත විය. 17 August 2021
කඩසාප්පු වැසීම පිටුපස දේශපාලනයක් තිබෙනවා නගරවල කඩ සාප්පු වසාදැමීම පසුපස ඇත්තේ ද දේශපානයක් බවත්, එහි අරමුණ රට තුළ වෙනත් මතයක් ගොඩනැගීම බවත් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය. 17 August 2021
කොළඹ කේසර් වීදිය වසා දමයි රෙදිපිළි තොග සහ සිල්ලර වෙළදාමට වඩාත් ප්‍රසිද්ධ කොළඹ කේසර් වීදියේ සියලුම තොග සහ සිල්ලර කඩසාප්පු දින 10 කට වසා දැමීමට වෙළෙඳසල් හිමියෝ අද (17) පියවර ගත්හ. 17 August 2021
නාරාහේන්පිට ඊ.ටී.එෆ් කාර්යාලය වසා දමයි නාරාහේන්පිට පිහිටි සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ (ඊටීඒෆ්) ප්‍රධාන කාර්යාලය අද (17) සිට නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව වසා දැමූ බව එම මණ්ඩලය කියා සිටී. 17 August 2021
පාර්ලිමේන්තු සේවකයෝ තවත් 12කට කොරෝනා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී කළ කොවිඩ් පරීක්ෂණවලදී පාර්ලිමේන්තු සේවකයන් 12දෙනෙකුට කොරෝනා ආසාදනයවී ඇතැයි හඳුනාගෙන ඇති බව ජාතික ජනබලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී අද (17)පැවසීය. 17 August 2021
හුමාලය අල්ලන්න ගිය නිරෝධායන දැරිය උණුවතුරට පිච්චෙයි කෝවිඩ් ආසාදිතව වෛද්‍ය උපදෙස් අනුව නිවසේ ප්‍රථිකාර ලබමින් සිටි දැරියක් හුමාලය ඇල්ලිම සදහා ලබා දි තිබු උණු ජලය සිරුරේ හැලි අද ( 17 ) දින ආණමඩුව මුලික රෝහලට ඇතුලත් කර ඇති බව පොලීසිය කියයි. 17 August 2021
නාවික හමුදාවට නව මාණ්ඩලික ප්‍රධානීවරයෙක් ශ්‍රි ලංකා නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් වයි.එන්. ජයරත්න මහතා පත්කර පත්ව සිටියි. 17 August 2021
බන්ධනාගාර වහලයෙන් වැටුණු පාර්සලයේ ජංගම දුරකතන කළුතර බන්ධනාගාර කාන්තා අංශයට පිටතින් විසිකරන පාර්සල් දෙකක තිබී ජංගම දුරකතන තුනක් සොයා ගත් බව බන්ධනාගාර ආරංචි මාර්ග කියයි. 17 August 2021
“පක්ෂ නියෝජිතයින්ගේ සාකච්ඡාවක් කැඳවන්නයි ඉල්ලයි’’ රටේ පවතින තත්වය සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල නියෝජිතයින්ගේ සාකච්ඡාවක් වහාම කැඳවන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති, පොලොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී අද (17) පැවසීය. 17 August 2021
‘ඩෙල්ටා‘විකෘති අවස්ථා තුනක් ශ්‍රී ලංකාවෙන් හමුවෙයි ශ්‍රී ලංකාවේ ව්‍යාප්තව ඇති ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදයේ නව විකෘති අවස්ථා තුනක් වෛද්‍ය පරීක්ෂකයන් විසින් හඳුනා ගනු ලැබ ඇතැයි ඖෂධ නිෂ්පාදන , සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී අද (17) පැවැසීය. 17 August 2021
හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සේවා කාලය දීර්ඝ කරයි පවතින කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සේවා කාලය ලබන දෙසැම්බර් 31 වැනිදා දක්වා දීර්ඝ කිරීමට අධිකරණ අමාත්‍යාංශය තීරණය කර ඇත. 17 August 2021
“ඇතැම් ලීසිං සමාගම් පාරිභෝගිකයා අපහසුතාවට ලක් කරනවා’’ ලීසිං පාරිභෝගිකයන්ට සහන දෙන ලෙස මහබැංකු අධිපතිවරයා ලිඛිතව දන්වා තිබියදී ඇතැම් ලීසිං සමාගම් පාරිභෝගිතයා අපහසුතාවට පත්කරමින් සිටින බවට පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා චෝදනා කරයි. 17 August 2021
කොවිඩ් නිසා තවත් නගර 15ක් වැසේ කොවිඩ් වසංගතය සීඝ්රයෙන් පැතිරයාම හේතුවෙන් තවත් නගර 15ක වෙළඳසැල් වසාදැමීමට එම වෙළඳසැල් හිමියන් සහ නාගරික වෙළඳ සංගම් ස්වේච්ඡාවෙන් තීරණය කර ඇත. 17 August 2021
සංචාරක අමාත්‍යාංශය ඉදිරි ඇයවැය යෝජනා සකසයි ඉදිරි අයවැය ඉලක්ක කරගනිමින් සංචාරක අමාත්‍යංශය අයවැය යෝජනා සැකසීම ආරම්භ කර ඇත. 17 August 2021
’’රට සති දෙකකටවත් ලොක්ඩවුන් කරන්න’’ ජනතාවගේ ආරක්ෂාව සඳහා රට සති දෙකකට ’’ලොක්ඩවුන්’’ කරන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (17) පැවැසීය. 17 August 2021
එක් ආසාදිතයයි: නවසීලන්තය ලොක්ඩවුන් ඕක්ලන්ඩ් නුවරින්, එක් ’කොවිඩ් 19’ ආසාදිතයකු හමුවීමත් සමඟ මුළු නවසීලන්තයම ලොක්ඩවුන් කිරීමට සෞඛ්‍ය උපදෙස් අනුව, එරට අග්‍රාමාත්‍යවරිය ජැසෙන්ඩා එර්ඩර්න් තීරණය කළාය. 17 August 2021
’’ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ මැතිසබයට සිංහලෙනුත් ලබාදෙන්න ’’ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණ මැතිසබයට සිංහල භාෂාවෙන්ද ලබාදෙන්නැයි පත්කළ මන්ත්‍රි ගෙවිඳු කුමාරතුංග මහතා (ශ්‍රී.පො.පෙ) කතානායකවරයාගෙන් පාර්ලිමේන්තුවේදී අද (17) ඉල්ලීමක් කළේය. 17 August 2021
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්ර කුමාර්ටත් කොවිඩ් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී (සමස්ත ලංකා දෙමළ කොංග්‍රස) ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම් මහතාටද කොවිඩ් ආසාදනයවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. 17 August 2021
කොවිඩ් නිසා දුම්රිය ස්ථාන හතක් වැසේ කොවිඩ් ආසාදිතයන් හමුවීම හේතුවෙන් මේ වන විට දුම්රිය ස්ථාන හතක් වසා දමා ඇතැයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි. 17 August 2021
කොරෝනා වයිරසය ලොව පැතිරෙන අයුරු අගෝස්තු 15 වැනි දා අවසන් වූ නව සතියෙන් ලොවපුරා රට රටවලින් වාර්තා වූ කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා වාර්තාවක් සකසා ඇත. 17 August 2021
කිරිබත්ගොඩ තෙමහල් ගොඩනැගිල්ලක ගින්නක් කිරිබත්ගොඩ නගරයට ආසන්න මාකොළ පාරේ පිහිටි තෙමහල් වෙළඳසැලක පහත මාලයේ අද පෙරවරුවේ ගින්නක් හටගත් බව පොලිසිය පවසයි. 17 August 2021
“රෝහල් අර්බුදය විසඳන්න’’ කොළඹ ජාතික රෝහල ඇතුළු සියලුම ප්‍රධාන රෝහල්වලට සීමාව ඉක්මවා ‘කොවිඩ්’ ආසාදිතයන් ඇතුළත්කරගැනීම නිසා රෝහල් පද්ධතිය පත්ව තිබෙන අර්බුදකාරී තත්වයට වහාම පිළියම් යොදෙන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය රජයෙන් ඉල්ලා සිටියි. 17 August 2021
අවම වේතන පනතට කතානායක අත්සන තබයි සේවකයන්ගේ අවම වේතනය පිළිබඳ පිළිබඳ පනත් කෙටුම්පතට තමා අත්සන සහතික කළ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (17) දැනුම් දුන්නේය. 17 August 2021
පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කඩිනමින් නිම කිරීමට පියවර විවිධ හේතු මත පමා වූ පුනර්ජනනීය විදුලි ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීමට පියවර ගනිමින් සිටින බව සූර්ය බල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය. 17 August 2021
ගින්න නිවන්න ගිය පුද්ගලයා ජල බවුසරයට බිලි කොරෝනා වයිරසය වැළදීමෙන් නිරෝධායනයට ලක්වූ පිරිසක් සිටින ලග්ගල වැල්ලලේවල ප්‍රදේශයේ වෙළඳසසැලක ඇති වූ ගින්නක් නිවීමට ගිය පුද්ගලයෙකු ගින්න නිවීම සඳහා පැමිණි ජල බවුසරයට යට වී මියගොස් ඇතැයි ලග්ගල පල්ලේගම පොලිසිය කියයි. 17 August 2021
2022ට අතිරේක බැංකු නිවාඩු තුනක් ලබන වසරට (2022) අතිරේක බැංකු නිවාඩු තුනක් ප්‍රකාශයට පත්කරමින් ස්වදේශ කටයුතු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 17 August 2021
“රටේ තත්වය වටහා ගෙන ජාතික ආපදා තත්වයක් ප්‍රකාශයට පත් කරන්න’’ රටේ පවතින තත්වය වටහා ගෙන වහාම ජාතික ආපදා තත්වයක් ප්‍රකාශයට පත් කර සියලු පක්ෂ නියෝජනය වන පරිදිත් සෞඛ්‍ය, ආරක්ෂක, ආර්ථික හා සමාජ විද්‍යාඥයන්ගෙන් සමන්විත ’’ජාතික සභාවකින්’’ කොවිඩ් මරුවා පරාජය කිරීමට කටයුතු කරන්නැයි රජයට බල කර සිටින බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කතානායක කරු ජයසූරිය මහතා පැවසීය. 17 August 2021
මුදල් පනත් කෙටුම්පතේ වගන්ති 13ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි ආන්දෝලනයට තුඩුදුන් මුදල් පනත් කෙටුම්පතේ වගන්ති 13ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (17) දැනුම් දුන්නේය. 17 August 2021
ගෝඨාභය-රනිල් විනාඩි 40ක සාකච්ඡාවක් ශ්‍රී ලංකාවේ උග්‍ර තත්ත්වයට පත්ව තිබෙන කොරෝනා වසංගතයට අදාලව ගත යුතු පියවර ගැන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද(17) පෙරවරුවේ පැවැත්විණි. 17 August 2021
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026