ස්වෛරීත්ව බැඳුම්කරයට ඩොලර් මිලියන 500ක් කල්පිරුණු ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරය සඳහා ඩොලර් මිලියන 500 ක මුදල ගෙවූ බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ට්ටිටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි. 18 January 2022
රාජාසන කතාවට දෙදිනක කල් තැබීමේ විවාදයක් ජනාධිපතිවරයාගේ රාජාසන කතාව සම්බන්ධයෙන් සභාව කල් තැබීමේ දෙදිනක විවාදයක් හෙට (19) සහ අනිද්දා(20) පැවැත්වීමට තීරණය කොට ඇත. 18 January 2022
වන්දනාවේ ආ පිරිස් අ‘පුර පූජා භූමිය කැත කරලා තෛපොංගල් හා දුරුතු පුර පසළොස්වක පෝ දින නිමිත්තෙන් පැවති දිගු නිවාඩුවට දිවයිනේ නන්දෙසින් අනුරපුර පුදබිමට පැමිණි ලක්ෂ සංඛ්‍යාත සංචාරකයන් ජයසිරිමා බෝධි පරිශ්රරය ඇතුළු අටමස්ථානය අසල කැළි කසල තැන් තැන්වල දමා පරිසරය වනසා දමා ගොස් ඇති ආකාරය දැකිය හැකිවිය. 18 January 2022
විදුලි - තෙල් ප්‍රශ්න කැබිනෙට්ටුවේදී විසඳ ගන්නේ නැත්තේ ඇයි? විදුලිබල මණ්ඩලය සහ ඛනිජ තෙල් සංස්ථාව අතර අර්බුදය කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා කොට විසඳා ගන්නේ නැත්තේ ඇයි දැයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය. 18 January 2022
විදුලි කප්පාදුව පැය 4 ක් වන ලකුණු රටතුළ දැනට පවතින පැයක විදුලි කප්පාදුව ඉදිරියේදී පැය 4 ක් දක්වා වුවද ඉහළ යා හැකි බවත් විදුලි නිෂ්පාදනය සඳහා ඛනිජ තෙල් සංස්ථාව ලබාදී තිබූ ඉන්ධන අද අවසන් වන බවත් ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ නිලධාරියෙක් පැවසීය. 18 January 2022
යෝධ ග්රහකයක් පෘථිවිය දෙසට එනවා පෘථිවිය සමග ගැටුණොත්, පරමාණු බෝම්බ 7,500 ක් එකවර පුපුරා ගියාක් මෙන් මහා විනාශයක් සිදු කළ හැකි යෝධ ග්රහකයක් හෙට (19) පැයට කිලෝ මීටර් 75639 ක වේගයකින් පෘථිවිය අසලින් ගමන් කරනු ඇත. 18 January 2022
කොවිඩ් දරුවන්ගේ සංඛ්‍යාව යළි ඉහළට කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිත දරුවන් සංඛ්‍යාව 31ක් දක්වා ඉහළ නැග ඇතැයි එම රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ලංකාදීපයට පැවැසීය. 18 January 2022
ගිනිගත්හේන පාසලක 10-11 පන්ති වහයි ගිනිගත්හේන ජාතික පාසලේ ළමුන් 08 දෙනෙකුට සහ ගුරුවරුන් 03 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය විම නිසා එම සිසුන් අධ්‍යාපනය ලබන 10 සහ 11 පන්ති තාවකාලිකව වසා දමා මුළු පාසලම විෂබිජහරණයට ලක් කළ බව එම පාසලේ විදුහල්පති උපුල් ඉන්ද්‍රජිත් මහතා පැවසිය. 18 January 2022
බෝලවත්ත දෙව් මැදුරෙන් පැරැණි සොහොනක් මතු වෙයි හලාවත පදවියේ බෝලවත්ත පරලෝකරාජේශ්වරි මැනියන් නමින් කැප කර ඇති දෙව් මැදුරේ පරණ පල්ලිය බිමෙහි සිදු කළ කැණිමක දි වසර ගණනාවකට කලින් මිහිදන් කර තිබු මෘත ශරීර තැන්පත් කර ඇති කිසියම් ඝන ද්‍රව්‍යයකින් නිර්මාණය කළ පෙට්ටියක් හමුවු ඇති බව බෝලවත්ත මීසම් පාලක නෙවිල් සෙබස්තියන් පියතුමෝ පවසති. 18 January 2022
රෝහල්වලත් උ.පෙළ විභාග මධ්‍යස්ථාන උසස් පෙළ විභාගයට පෙනී සිටින ‘කොවිඩ්’ වයිරසය වැළදුණු ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් සෑම දිස්ත්‍රික්කයකම රෝහල බැගින් වෙන්කර රෝහල තුළ විභාග මධ්‍යස්ථාන ස්ථාපිත කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. 18 January 2022
හෙදියට පහර දුන්නැයි හෙදියෝ උද්ඝෝෂණයක මහරගම අපේක්ෂා රෝහලේ ශල්‍යාගාර භාර ප්‍රධාන හෙද නිලධාරිනියට පහරදුන් විශේෂඥ වෛද්‍යවරයාට එරෙහිව වහා නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා එම රෝහලේ හෙද කාර්ය මණ්ඩලය අද (18) දා උදෑසන සේවයෙන් ඉවත්ව විරෝධතාවක් නිරත විය. 18 January 2022
වත්මන් අභියෝග ජයගන්න නායකත්වය දෙනවා රටේ වත්මන් අභියෝග ජයගැනීම සඳහා නායකත්වය ලබාදීමට සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. 18 January 2022
පළාත් කිහිපයකට අදත් වැසි පළාත් කිහිපයකට අද (18) දිනයේත් වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 18 January 2022
ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරු අද අගමැති හමුවෙති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18)පෙරවරු 11 .30ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත් වේ. 18 January 2022
මැතිසබය විවෘත කිරිම ජනපති අතින් අද පෙරවරුවේ නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද (18) පෙරවරුවේ උත්සවාකාරයෙන් විවෘත කෙරෙන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවැසීය. 18 January 2022
‘කොවිඩ්’ වැළදුණත් ශිෂ්‍යත්වයට වරම් පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින ‘කොවිඩ්’ වයිරසය වැළදුණු සහ නිරෝධානය වන දරුවන් සඳහා විශේෂ විභාග මධ්‍යස්ථාන 108 ක් හදුනාගෙන ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යංශයේ අධ්යක්ෂ විශේෂඥාෂ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පවසන්නීය. 18 January 2022
ලොරි යතුරු පැදි අනතුරින් යුවළක් මරුට ඇල්පිටිය පිටිගල ප්‍රධාන මාර්ගයේ අමුගොඩ ප්‍රදේශයේදී සිදුවූ යතුරු පැදි,ලොරි රථ අනතුරකින් යතුරු පැදියේ ගමන් ගත් යුවළක් මියගොස් ඇතැයි පිටිගල පොලිසිය පවසයි. 18 January 2022
‘මැණිකේ මගේ හිතේ’ මෝදිගේ වේදිකාවේ ඉන්දියාවේ පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයේ මැතිවරණ ප්‍රචාරණ නව ගීතය ශ්‍රී ලංකා යොවුන් ගායන ශිල්පිනී යොහානි ද සිල්වා ගයන ‘මැණිකේ මගේ හිතේ’ ප්රතිනිර්මාණ ගීතයේ තනුවට අනුව නිර්මාණ කර තිබේ. 18 January 2022
මධ්‍යම අධිවේගයේ මීරිගම පිවිසුමේ වාහන තදබදයක් කුරුණෑගල සිට අධිවේගී මාර්ගයේ මීරිගම දක්වා පැමිණි රථ වාහන ප්‍රමාණය අද 17 පස්වරුවේ ඉහළ යාමත් සමඟ ධාවන තීරු පහකින් වාහන පිටත් කරවීමට බලධාරීහු පියවර ගත්හ. 17 January 2022
පානදුර මුහුදේ තාත්තා සමග දි නෑ පුතා අතුරුදහන් පානදුර මුහුදු වෙරලේ සිය පියා සමග දිය නාමින් සිටි 16 හැවිරිදි පාසල් සිසුවකු දියේ ගිළී අතුරුදහන්ව ඇතැයි පානදුර දකුණ පොලිසිය කියයි. 17 January 2022
කොරෝනා මරණ හතක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 7 දෙනකු ඊයේ (16) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (17) තහවුරු කළේය. 17 January 2022
දක්ෂිණ අධිවේගී අනතුරක් නිසා දැඩි වාහන තදබදයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොතලාවල සහ අතුරුගිරිය අතර ප්‍රදේශයේ කොන්ක්‍රීට් තට්ටුවක ජීප් රථයක් ගැටී ජීප් රථය පෙරලීම හේතුවෙන් කොට්ටාව සිට කඩවත දක්වා කොටසේ දැඩි රථවාහන තදබදයක් ඇති වී තිබෙන බව අධිවේගී මාර්ග පොලිසිය පවසයි. 17 January 2022
සරුංගලයත් සමග ඉහළ අහසේ පාවූ ජීවන ගැටළු යාපනය වලිකාමම් නැගෙනහිර කට්ටෙයිකාඩු වෙරළ තීරයේ අලංකාර සරුංගල් සැණකෙලියක් අද සංවිධානය කොර තිබුණි. 17 January 2022
අබුඩාබියේ තැන් දෙකකට ඩ්‍රෝන ප්‍රහාර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේ ස්ථාන දෙකක ට ඩ්‍රෝන මඟින් ප්‍රහාර දෙකක් සිදුකර ඇති බව අබුඩාබි පොලීසිය පවසයි. 17 January 2022
නිලා වික්‍රමසිංහ දිවිරඟ මඬලට සමු දෙයි මිලානෝහි නව කොන්සල්ජනරාල් ලෙස කටයුතු කළ ජනප්‍රිය ගායිකා නීලා වික්‍රමසිංහ මහත්මිය (70) හදිසියේ අභාවප්රප්ත වූවාය. 17 January 2022
‘කිරිපිටි හිඟයේ නිමාවක් නෑ‘ රටතුළ පවතින කිරිපිටි හිඟය නිමවන දිනය සහ රටතුළ ණයවර ලිපි නිකුත් කිරීම සාමාන්‍ය තත්වයට පත්වන දිනය සමඟ සමානුපාතිකව පවතින බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 17 January 2022
ලංවිමට වැඩ බලන සාමාන්‍යාධිකාරිවරයෙක් ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරි ලෙස අචාර්ය සුසන්ත පෙරේරා මහතා පත්කරනු ලැබ සිටී. 17 January 2022
‘විනෝද චාරිකා කොරෝනාවට අතවනයි‘ තෛපොංගල් උත්සව දිනය හා දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය සමඟ ලැබුණු දීර්ඝ සති අන්තයේදී ජනතාව සෞඛ්‍ය උපදෙස් නොතකා අනාරක්ෂිත අයුරින් විනෝද චාරිකා හා වන්දනාගමන්වල යෙදීම හේතුවෙන් කොවිඩ් වයිරසය දැඩි ලෙස පැතිරයාමේ අවදානමක් මතුවිය හැකි බව සෞඛ්‍ය අංශ පවසයි. 17 January 2022
‘පාස්කු ඉරිදා ප්‍රහාරයේ පරීක්ෂණ විශ්වාසනීය නෑ‘ පාස්කු ඉරුදින ප්‍රහාරයේ පරීක්ෂණ කිසිවක් විශ්වාසනීය ලෙස සිදු නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. 17 January 2022
ආනන්ද සංගරීටත් කොවිඩ් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ මහ ලේකම් වී. ආනන්දසංගරී මහතාටද ඔහුගේ ඥාතීන් කිහිපදෙනකුටද කෝවිඩ් ආසාදනයවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. 17 January 2022
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026