දරුවන්ට නුසුදුසු පෝෂ නිෂ්පාදනය කළ සමාගම්වලට සිතාසි
මිනිස් ආහාරයට නුසුදුසු අයුරින් නියමිත ප්රමාණය ඉක්මවා ඇෆ්ලටොක්සින් අඩංගු සමපෝෂ, යහපෝෂ හා ලක්පෝෂ දරුවන් සදහා නිෂ්පාදනය කිරීම හා බෙදාහැරීම සම්බන්ධයෙන් ලබන නොවැම්බර් මස 18 වන දින අධිකරණය හමුවේ පෙනී සිට කරුණු ඉදිරිපත් කරන ලෙසට දැනුම් දෙමින් කොළඹ අතිරේක මහේස්ත්රාත් මන්ජුල රත්නායක මහතා මෙරට ප්රධාන පෙළේ සමාගම් ත්රිත්වයකට හා එහි අධ්යක්ෂකවරුන් හය දෙනකුට අද සිතාසි නිකුත් කළේය.