රාජිතට-රූමි මොහොමඩ්ට එරෙහි නඩුව: සාක්කිකරුවන්ට ඇති තර්ජන ගැන පරීක්ෂණයක් පවත්වන්න
ජනාධිපතිවරණ ප්‍රතිඵලවලට බලපෑමක් විය හැකි ආකාරයට ජනාධිපතිවරණයට පෙර මාධ්‍ය හමුවක් පවත්වා සුදුවෑන් වලින් පුද්ගලයින් පැහැරගෙන ගොස් කිඹුලන් ගහණ වැවකට දැමුවේ යැයි පැවසු බවට හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට, රාජ්‍ය ඖෂධ නීතීගත සංස්ථාවේ හිටපු සභාපති රූමී මොහොමඩ් මහතාට එරෙහි නඩුවේ සාක්කිකරුවන් දෙදෙනාට එල්ල වී ඇති තර්ජන සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඊයේ (08) පොලිස්පතිවරයාට නියම කළේය.