
(සුමිත් පොතුපිටිය)
සාදයකට ගොස් එමින් සිටියදී නිදිමත නිසා යතුරුපැදිය නවතා නිදාසිටි යුධ හමුදා කපිතාන් වරයෙක්ගේ යතුරුපැදියක් ඊයේ (07) රාත්‍රි සොරකම් කර ඇති බවට ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලිසිය පවසයි .
පනාගොඩ යුධ හමුදා කදවුරේ රාජකාරි කරන පානදුර හොරේතුඩුව ප්‍රදේශයේ පදිංචි කපිතාන් වරයෙක් කල පැමිණිල්ලක් අනුව මෙසේ පරීක්ෂණ ආරම්භ කල බව පොලිසිය පවසයි .
කපිතාන් වරයා පනාගොඩ ප්‍රදේශයේ සාදයකට ගොස් එමින් සිටියදී ඇතිවූ අධික නිදිමත නිසා යතුරුපැදිය පානදුර කන්දසාමි කෝවිල ළග නතරකර නිදාසිට ඇතැයි පොලිසිය පවසයි .
යතුර, යතුරුපැදියේ යතුරු කටේ තිබී ඇති අතර කිසියම් පුද්ගලයකු එය රැගෙන යන අයුරු ආරක්ෂක කැමරාවක පටිගතව ඇති බවද සැකකරු කඩිනමින් අත්අඩංගුවට ගැනීමට හැකිවනු ඇති බවත් පොලිසිය පවසයි .
2025 දෙසැම්බර් මස 18
470
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1046
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තෙහෙට්ටුවට මග නතර වූ කපිතාන්ගේ යතුරු පැදිය උස්සලා
sam Friday, 07 April 2023 02:18 PM
පාටියකට ගිහිල්ල හොදට ගහල එලොගන්ඩ බරුව බයිසිකලේ නවත්තල වෙරිමරගාතෙ බිම බුදිය ගන්ඩ ඇති.
Jaya Friday, 07 April 2023 03:02 PM
කපිතාන් නිදිමත නිසා නෙවෙයි වෙරිමත නිසා පෙරළිලා හිටියේ. අපි දෙහි උළලා සිහිය ගත්තේ. මම සිද්ධිය ගැන දන්න කෙනෙක්. මම හොරා නෙවෙයි හැබැයි.