IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


විදෙස් ශ්‍රමිකයන්ගෙන් ලොකු මුදලක්

(විමුක්ති එස් රුද්‍රිගු)

 විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් මසක් තුළ මෙරටට ඒවා ඇති මුදල් ප්‍රමාණය 2021 අප්‍රේල් මාසයෙන් පසුව ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 500 සීමාව ඉක්මවා තිබේ.

මෙම වසරේ මාර්තු මස ඇමෙරිකානු ඩොලර් මිලියන 568.3 ක වටිනාකමින් යුත් මුදල් ප්‍රමාණයක් විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් මෙරටට ඒවා ඇති අතර ඇමෙරිකානු ඩොලර් මිලියන 500 සීමාව පසු කරනු ලැබුවේ 2021 වසරේ අප්‍රේල් මාසයෙන් පසුව වීම විශේෂත්වයකි. පසුගිය වසරේ මාර්තු මාසයට සාපෙක්ෂව එය සියයට 78.5 ක වැඩි වීමකි.

එසේම මෙම වසරේ ජනවාරි සිට මාර්තු මස දක්වා කාලය තුළ විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් මෙරටට ඒවා ඇති මුදල් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 1000 ඉක්මවා ඇත.

මෙම වසරේ පළමු මාස තුන තුළ විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් ඇමෙරිකානු ඩොලර් මිලියන 1413.2 ක වටිනාකමින් යුත් මුදල් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ඒවා තිබේ.එය පසුගිය වසරේ පළමු මාස තුනට සාපේක්ෂව එය සියයට 80.6 ක වැඩි වීමකි.පසුගිය වසරේ පළමු මාස තුන තුළ විදෙස් ගතවී සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඒවා තිබුණේ ඇමෙරිකානු ඩොලර් මිලියන 782.5 ක් පමණි.



අදහස් (5)

විදෙස් ශ්‍රමිකයන්ගෙන් ලොකු මුදලක්

Lalla Friday, 07 April 2023 12:03 PM

තව ඇමැතිවරු දහයක් පත්කරලා V8 විස්සක් ගෙන්නලා දෙන්න...

:       69       31

ANURA ROME Friday, 07 April 2023 01:00 PM

දැන් ඉතින් එළොවටත් නැති, මෙලොවටත් නැති, ජෙප්පන්ගේ පිටිපස්සට පෙට්‍රල් ගහලා වගේ කලබල වෙලා... ගල්පැලෙන බොරු ගොතනවා ඇති...

:       38       60

ANURA ROME Friday, 07 April 2023 01:54 PM

මම කිවුවෙ බොරුද.. මේ කාලකන්නි ලාලාට මොකක් හරි අමාරුවක් හැදිලද

:       11       38

Akila Friday, 07 April 2023 02:09 PM

රටෙන් බාගයක් විතර විදේශ රැකියා හොයන ගියාට පස්සෙත් තවම් ඔච්ච්රද එන්නේ ? 2020 ට කලින් ඕක බිලියනකයට අසන්න ගානක් විදිහට තිබ්බේ ,ඊටපස්සේ කපුටයි මයිනයි කබ්‍රලයි එකතුවෙලා කළුකඩ කාරයොන්ට ඩොලර් ගන්න අවස්ථාවක් දුන්නේ නැත්නම් කොවිඩ් ඉවර වෙනකොටම ඕක යථා තත්වෙට පත්වෙලා

:       37       17

Manga Friday, 07 April 2023 02:13 PM

කොහොමත් තමන්ගෙ පව්ලෙ අයට අවුරුදු සමරන්න තමයි මිනිස්සු සල්ලි එවල තියෙන්නෙ. ඩොලර් රේට් එක කීය උනත් මෙ මාසෙ සල්ලි දානව. බොරුවට උදම් අනන්න එපා. මොන දේශපාලුව ආවත් වැඩක් නෑ. තමන් දුක් මහන්සි වෙලා හම්බ කරොත් තමන්ට. "ර්‍අට විරුවො" කියල බොරුවට බටර් පාරනම් ගානව ලස්සනට.

:       26       17

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 470 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site