
(ජේ.ඒ.එල්.ජයසිංහ සහ චමිල් රූපසිංහ )
පේරාදෙණිය ඉළුක්වත්ත ප්‍රදේශයේ දී විසිපස් හැවිරිදි පෙර පාසල් ගුරුවරියකගේ ගෙළ කපා අද (07) උදෑසන ඝාතනය කර ඇතැයි පේරාදෙණිය පොලීසිය කියයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මුරුතලාවේ පදිංචි අංජලී චාපා (25) නැමැති තරුණියකි.
පෙර පාසලේ පැවැත්වීමට සූදානම් කර තිබූ අලුත් අවුරුදු උත්සවයට සහභාගි වීම සඳහා අද පෙරවරුවේ යමින් සිටියදී ගිනිහේන සුසාන භූමිය අසළ දී කිසිවකු ඇයගේ ගෙල කපා මෙම ඝාතනය සිදු කර ඇතැයි තොරතුරු අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.
පෙර පාසල් ගුරුවරිය නිවසේ සිට එන අතරතුර දුරකතනයෙන් කිසිවකු හා කතා කරමින් ගොස් තිබෙන බවට තොරතුරු අනාවරණය වී තිබෙන අතර ඇගේ ජංගම දුරකතනය ඔස්සේ දත්ත ලබා ගනිමින් සැකකරු හඳුනා ගැනීම සඳහා පොලීසිය පරීක්ෂණ පවත්වන බවද පොලීසිය කියයි.
සැකකරු මෙතෙක් හඳුනාගෙන නොමැති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බවද පොලීසිය කියයි.
(ඡායාරූප: චමිල් රූපසිංහ)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දූපගේ උපදින්න බොහෝ පින් කරන්න ඕනෙ තියලා කව්දෝ උගුර කඩාගෙන චැනල් එකක කියනවා ඇහුණා. පිටරට යන්න වීසා පෝලිම දැක්කාම තමයි කතාවේ සත්‍ය තේරෙන්නේ…
අලුගෝසුවන් සුලබ රටක්. ළස්සන කාන්තාවකට පාරෙ යන්නත් බෑ, ගෙදර ඉන්නත් බෑ, කිසි ආරක්ශාවක් නෑ. පොලිස් බල්ලො ඔක්කොම නිදි, මහජනයාට ආරක්ශාවක් නෑ.
හමුදාව, පොලිසිය තියෙන්නේ පාලකයින්ගේ ආරක්ෂාවට පමණක් බව කරුණාවෙන් සලකන්න...!
මෙහෙම ගියොත් ජනතාව නීතිය අතට ගනීවි...
පිටිගල මිලානෝ... ඇයි ඔයා ලංකාවට ඔයතරම් වෛර කරන්නේ...? රට ගිහින් සල්ලි ටිකක් හොයාගත්තා කියලා විතරක් පොරක් වෙන්නේ නැහැ... තමන් කියන දෙයින් තමන්ගේ හදවත තුළ කොතරම් ජරාවද තියෙන්නේ කියලා කියන්න පුළුවන්...
තිරිසන් මිනිස්සු... බෞද්ධ රටට ගිය කලක්.
මෙම සිදුවීම් පාර්ලිමේන්තුවේ සහ ජනාධිපතිගේ අවදානයට යොමු විය යුතුයි. මරණයක් ගන්නේ බැරි වුණත් මරණ 25 කට වරක්වත් ජනාධිපතිගේ සහභාගිත්වය ඇතිව පාර්ලිමේන්තුවේ සමාලෝචනය විය යුතුයි. මිනී මැරීම, දියේ ගිලීම්, රිය අනතුරු ආදී සියල්ලම... ආර්ථික අර්බුධයට මේවා දෙවැනි වන්නේ නැත. එය දන්නේ එයට මුහුණ දුන් අයයි.
මිනීමරුවන් දෙදෙනෙකු එල්ලුම් ගහට යැව්වා නම් මෙවැනි අපරාධ බොහෝ දුරට අඩුවේවි...!
නීතියක්, සදාචාරයක් නැති වල්වැදුණු රටක්...
මිනිස්සු මේ තරම් තිරිසන් වැඩ කරන්නේ ඇයි? හැමදාම බැලුවොත් මොන යම් හරි විපතක් ගැන තමයි අහන්න වෙන්නේ...
මේක තමයි රැල්ලේ ප්‍රතිඵල...