IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


වෘත්තීය පුහුණුවේ අරුමපුදුම ගෙවීම් ගැන හෙළිදරව්වක්

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපතිවරුන්  කිසිදු අමතර දීමනාවක් හෝ මූල්‍යමය ප්‍රතිලාභ  නොගත යුතු බවට  චක්‍රලේඛ විධිවිධානවල සඳහන්ව තිබියදී ඊට පටහැනි ලෙස හිටපු සභාපතිවරයකුට 2020 වර්ෂයේදී  ඉන්ධන දීමනා ලෙස රුපියල් හාර ලක්ෂයකට වැඩි මුදලක්ද බාහිර ගමන්බිමන් ආහාර සහ හෝටල්  ගාස්තු වශයෙන් තවත් ලක්ෂ 4 කට වැඩි මුදලක්ද ගෙවා ඇතැයි   ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

මේ අතර වෘත්තීය  පුහුණු අධිකාරියේ අනුමත කාර්ය මණ්ඩලය තුළ නොමැති උපදේශක තනතුරු දෙකක් ඇති කිරීමෙන් දෙදෙනකු  බඳවා ගෙන දීමනා සහ ඉන්ධන දීමනා වශයෙන් ලක්ෂ 18 ක පමණ මුදලක් 2020 වර්ෂයේදී  ගෙවා ඇතැයිද  එහි දැක්වෙයි.

අධිකාරිය යටතේ පවතින ඔරුගොඩවත්ත කොරියන් ටෙක් ආයතනයට කොළඹ වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය හා ගම්පහ කාර්මික විද්‍යාලය ඉදිකිරීමේ කොරියානු ණය ව්‍යාපෘතියෙන් 2019 වර්ෂයේදී  ලබාදී තිබූ  එක් කෝටි පනස් හත්  ලක්ෂයකට වැඩි  වටිනා උපකරණ 157 කිසිදු ප්‍රයෝජනයට ගෙන  නොතිබූ බව පවසන විගණන  වාර්තාව රුපියල් ලක්ෂ 18 කට ආසන්න වටිනා උපකරණ හතක් අක්‍රිය තත්වයේ පැවතුණු  බවද  සඳහන් කරයි.

එසේම එම ආයතනයට වෛද්‍ය හෝ හෙද  තනතුරු අනුමත වී නොතිබියදී වෛද්‍යවරුන් භාවිත කරන රුපියල් ලක්ෂ 35ක් පමණ වටිනා  උපකරණ  රැසක් ලබාදී තිබු බවත්  ලබාදී ඇති ඖෂධ වර්ගද  කල් ඉකුත් වී තිබුණු බවත්   විගණන  නිලධාරීහු  පවසති.

මාණ්ඩලික තත්වයේ නිලධාරීන්ට පමණක් එක් අවස්ථාවකදී රුපියල් ලක්ෂයක උපරිමයක් දක්වා අතුරු  ගෙවීම්( අග්‍රිම) ලබාදිය හැකි වුවත් ඊට පටහැනිව දිස්ත්‍රික් කාර්යාල හා ප්‍රධාන කාර්යාලයේ අවස්ථා 10 ක දී රුපියල්  107,500 සිට 300,000 දක්වා එම ගෙවීම් ලබාදී තිබු බව  විගණන  කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.



අදහස් (0)

වෘත්තීය පුහුණුවේ අරුමපුදුම ගෙවීම් ගැන හෙළිදරව්වක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 470 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site