IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


සීයා-ආච්චී ඝාතනයේ මුණුපුරා අල්ලයි

(ඇල්ල ප්‍රසාද් රුක්මල් )

ඇල්ල බල්ලකෙටුව ප්‍රදේශයේ නිවසක සිටි වයෝවෘද්ධ මිත්තනිය සහ මුත්තණුවන් ඝාතනයේ සැකකාර මුනුපුරා ද්විත්ව ඝාතනයෙන් අනතුරුව පලාගොස් උමාඔය රන්දෙණිය මඩුගස්තලාව රක්ෂිතයේ සැගවී සිටියදී අත්අඩංගුවට ගත් බව බල්ලකෙටුව පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගනු ලැබුයේ ඇල්ල බල්ලකෙටුව නාවලගම පාරේ පදිංචි 22 හැවිරිදිඅවිවාහක  තරුණයකු යැයි පොලිසිය කීය .

බල්ලකෙටුව නාවලගම පාරේ නිවසක 4දින රාත්‍රි සිදු වූ මෙම ද්විත්ව ඝාතනයෙන් අනතුරුව සැකකරු එදිනම රාත්‍රි ප්‍රදේශයෙන් පලාගොස් සිටි අතර , පසුව බල්ලකෙටුව ,ඇල්ල , බණ්ඩාරවෙල පොලිසිවල විශේෂ පොලිස් කංඩායම් ,පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් කංඩායම් කීපයක් එක්වී සැකකරු සොයා විශේෂ මෙහෙයුමක් දියත්කල බවද උසස් පොලිස් නිළධාරියකු පැවසීය .

එහිදී සැකකරු උමාඔය රන්දෙණිය මඩුගස්තලාව රක්ෂිතයේ සැගවී සිටියදී මෙසේ අත්අඩංගුවට ගනු ලැබූ බව එම නිළධාරියා සඳහන් කළේය.

මෙම සැකකරුගේ පියා නොමැති අතර මව වැල්ලවාය රන්දෙණිය ප්‍රදේශයේ පදිංචි බවද පොලිසිය කියයි .

මොහු බල්ලකෙටුව නාවලගම පාරේ පදිංචි සිය මිත්තනියගේ සහ මුත්තණුවන් ගේ රැකවරණය යටතේ එම නිවසේ වසර ගණනක් පදිංචිව සිටි ඇති අතර , කලක් යුදහමුදාවේ සේවය කර පසුව ඉන් පලාවිත් ඇතැයි පොලිසිය සදහන් කළේය .

 

 



අදහස් (2)

සීයා-ආච්චී ඝාතනයේ මුණුපුරා අල්ලයි

Root Cause Friday, 07 April 2023 11:09 AM

මේවට අල්ලන්න ඕනේ , මේ දරුවන් රවට්ටලා කුඩු අයිස් පොවන කුඩු මුදලාලිලා සහ උන්ට ඇප දෙන කාලකන්නි ටික . කුඩු අයිස් වලට දරුවන්න ඇබ්බැහි වෙන ඖෂධ වන දුම් වැටි,බීඩි තහනම් කලයුතුයි. ඇබ්බැහි වුනු කෙනාගේ මනස ඉල්ලන වෙලාවට ඒ දේ ලැබෙන්න ඕනේ, ඔවුන්ගේ මනස විකුර්ති වෙලා තියෙන්නේ. ඔවුන් කරන දේවල් බොහොමයක් කරන්නේ විකුර්ති වූ මනසකින්. දඬුවම් දෙන්න ඕනේ එකා ට ඇප දීල, කුඩු අයිස් බිස්නස් ඕනේ විදියට කරගෙන යන්න දෙන එකේ ප්‍රතිපල මේවා

:       0       2

පිටිගල මිලානෝFriday, 07 April 2023 01:55 PM

දේශපාලුවෝ කුඩු මුදල් වලින් යැපෙනතාක්කල් ඔබ කියන දෙය සිදුවන්නේ නැත. මතකනේ මයිනා මීගමුවට පියාඹලා ගිහිල්ලා උම්මා දීලා කුඩුලේන්සුවාව බේරාගත්ත හැටි….

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 470 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site