
(හේමලතා ඩී හේවගේ)
ගිරිඋල්ල බෝපිටිය මත්තෙගම රෝයල් ගාර්ඩන් හී පදිංචි 14 හැවිරිදි පාසල් සිසුවකු ගසක් උඩ ලණුවක ආධාරයෙන් සෙල්ලම් කරද්දී ලණුව ගෙලෙහි සිරවී මියගොස් ඇති බව ගිරිඋල්ල පොලීසිය කියයි.
මෙසේ මිගොස් ඇත්තේ කුරුණෑගල රාජකීය විද්‍යාලයේ 09 වසරෙහි අධ්‍යාපනය හදාරන ඉසුම් හංසන බණ්ඩාර නැමති සිසුවෙකි.
මව සහ බාල සොයුරා මල් කැඩීම සඳහා නිවසින් බැහැරට ගොස් සිට ඇති අතර වැඩිමහල් සොයුරිය නානකාමරයේ සිට ඇති බව පරීක්ෂණවලදී අනාවරනයවූ බවද පොලීසිය පවසයි
තම බාල සොයුරා සමග මෙම ළණුවේ ආධාරයෙන් ඔංචිලි පැද ඇති බවද පැවසේ
සිසුවා ළණුවේ සිරවී සිටිනු දැක මව සහ වැඩිමහල් සොයුරිය ළණුව කපා දඹදෙනිය මූලික රෝහලට රැගෙන ගොස් ඇති බවද පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd