මෙතෙර ලක්ෂ තුනක් එතෙර රැකියා සොයා ගිහින් ශ්‍රි ලංකා විදේශ සේවා නියුන්කති කාර්යාංශයේ ලියාපදිංචි වී මේ වසරේ විදේශ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව ලක්ෂ 3 කට වැඩි සංඛ්‍යාවක් පිටත්ව ගොස් ඇති බවත් ඉතිහාසයේ විදේශ රැකියා සඳහා වැඩිම පිරිසක් විදේශ ගතවූ වසර ලෙස මෙම වසර වාර්තා ගතවන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අද (18) පැවසීය. 18 December 2022
යුද සංඥ උපකරණ කට්ටලයක් කසල ගොඩේ යුද්ධ හමුදා පස්වන ශ්‍රී ලංකා සංඥා බළකාය භාවිතා කරන රිපිටර් වර්ගයේ අධි බලති සන්නිවේදන උපකරණ කට්ටලයක් අඩංගු ප්ලාස්ටික් පෙට්ටියක් පිලියන්දල පැලැන්වත්ත ප්‍රදේශයේ කැලිකසල බහාලන ස්ථානයක දමා ගොස් තිබියදී හමුවූ බව පිළියන්දල පොලිසිය කියයි. 18 December 2022
ඉන්දීය ණය යටතේ ඖෂධ වර්ග 370 ලැබෙයි ඖෂධ වර්ග 370ක් ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ලබාදීමට එරට රජය එකඟවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ලංකාදීපයට පැවැසීය. 18 December 2022
ගැඹුරු මුහුදෙන් ඇල්ලූ අයිස් කිලෝ 200 ගොඩබිමට දෙවුන්දර තුඩුවට ඔබ්බෙන් වු ගැඹුරු මුහුදේ දී බහුදින යාත්‍රා දෙකකින් මෙරටට ප්‍රවාහනය කරමින් තිබියදී අත්අඩංගුවට ගත් අයිස් සහ හෙරොයින් කිලෝ 200 ට අධික ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගත් සැකකරු 13 දෙනා අද (18) පෙරවරුවේ කොළඹ වරායට රැගෙන ආවේය. 18 December 2022
ජනශක්ති සභාපති ඝාතනය ගැන චමුදිතගෙන් ප්‍රකාශයක් ගනී ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ශාෆ්නර් මහතාගේ ඝාතන සිද්ධියට අදාළව ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගෙන් ප්‍රකාශ ලබාගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. 18 December 2022
බදු අය කරන අලුත් ක්‍රමයක් ඇමැති කියයි බදු ගෙවන ජනතාව අගය කිරීම හා දැනුවත්කිරීම සඳහා රටපුරා දිස්ත්‍රික්ක මට්ටමින් වැඩසටහන් මාලාවක් සංවිධානය කරන බව මුදල් රජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. 18 December 2022
අලුතින් ගුරුවරු 26,000 බඳවා ගන්න යයි සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම සඳහා වන තරඟ විභාගය කඩිනමින් පවත්වා නවක ගුරුවරුන් 26000ක් පාසල්වලට අනුයුක්ත කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. 18 December 2022
ජ්‍යෙෂ්ඨ සරසවි සිසුවාගේ පහරින් කනිෂ්ඨ සිසුවා රෝහලේ පේරාදෙණිය සරසවියේ කලා පීඨයේ ජ්‍යෙෂ්ඨ සිසුවකු අධික බීමතින් පැමිණ එම පීඨයේම පළමු වසරේ සිසුවකුට පහර දීම හේතුවෙන් එම සිසුවා වෛද්‍ය ප්‍රතිකාර සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති බව පොලීසිය කියයි. 18 December 2022
පේරාදෙණි සරසවි සිද්ධිය සී.අයි.ඩීයට පේරාදෙණිය විශ්වවිද්යාපලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතාට සහ ඔහුගේ පුත්‍රයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇත. 18 December 2022
පිරිසිදු කරන්න ඇති තරම් තෙල් සපුගස්කන්දට සපුගස්කන්ද තෙල් පිරපහදුව ලබන වසර පුරා අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය බොරතෙල් ලැබෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය කියයි. 18 December 2022
සරසවි ඇදුරෙක් ධාවනය කළ මෝටර් රථය මුහුදට මාතර කතරගම ප්‍රධාන මාර්ගයේ විශ්ව විද්‍යාල ආචාර්යවරයකු ධාවනය කළ මෝටර් රථයක් අද දහවල් වැල්ලමඩම මුහුදට පෙරලි අනතුරට ලක් වීමෙන් විශ්ව විද්‍යාල ආචාර්යවරයා තුවාල ලබා ඇති බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි. 18 December 2022
වගා නොකරන කුඹුරු රජයට ගන්න පනතත් සංශෝධනයට වගා නොකරන සියලු කුඹුරු ඉඩම් 2023 වසරේ සිට වසර පහක් යන තෙක් රජයට පවරා ගෙන වගා කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙි. 18 December 2022
සැමියාගේ හොර අඹුට ගහන සැලසුම පොලිසිය නිසා වැළකේ පෞද්ගලික ආරවුලක් මත ප්‍රහාරයක් එල්ල කිරීමේ අරමුණින් කඩු මන්නා සහ පෙට්‍රල් බෝම්බ රැගෙන වෑන් රථයකින් ගමන් කරමින් සිටි කාන්තාවක ඇතුළු පුද්ගලයන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව වාද්දුව පොලිසිය පවසයි . 18 December 2022
විමල්ගෙන් සියඹලාපිටියට ලිපියක් ආබාධිතයන් පාවිච්චි කරන කිහිලිකරු, රෝද පුටු සහ ශ්‍රවණාධාරක ඇතුළු සහයක උපකරණ මත පනවා ඇති බදු ඉවත් කරන ලෙස උත්තර ලංකා සභාගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාට ලිපියක් යවමින් ඉල්ලීමක් කළේය. 18 December 2022
ඇඟලුම් සේවිකාවක පැහැර ගනී වතුපිටිවල අපනයන සැකසුම් කලාපයේ ඇඟලුම් සේවිකාවක පැහැරගෙන ගොස් ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි. 18 December 2022
කසල අදින් කොන්ත්‍රාත් ගෙන සුරතලිය වනසලා සබරගමුව විශ්ව විද්‍යාලයෙන් ඉවත් කරන කැලි කසල කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගය අසල ඇති පබහින්න සුරතලි ඇල්ල අසලට ගෙනවිත් දැමිම හේතුවෙන් එම දිය ඇල්ල විනාශ වීමෙ තර්ජනයට ලක්ව ඇතැයි ඉඹුල්පේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඉන්දික ජයමාන්න මහතා සඳහන් කළේය. 18 December 2022
නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත ශ්‍රී ලංකාවේ 25 වැනි නාවික හමුදාධිපතිවරයා ලෙස වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා පත්කර තිබේ. 18 December 2022
පහේ කඩ ඉමට සිසුන් පෙළ ගැසිලා පහ වසර ශිෂ්‍යත්ව විභාගය අද පෙරවරු 09.30ට ආරම්භ විය. දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,894 කදී සිසු සිසුවියන් 334,698 දෙනෙකු විභාගය සඳහා පෙනී සිටි. 18 December 2022
ඉඳුල් හැලුවාට විදුහල්පතිනියගේ දඬුවම ආහාර ගැනීමෙන් අවසන් වු පසු මේසය මත වැටී තිබු ඉදුල් බත් ඇට සිසුන් මගින් දිවෙන් ඇහින්දවා අපූරු දඩුවමක් දුන් බව කියන මාතර ගොඩඋඩ මහ විද්‍යාලයේ විදුහල්පතිනිය වහාම ක්‍රියාත්මක වන පරිදි මාතර කලාප අධ්‍යාපන කාර්යාලය වෙත ස්ථාන මාරු කල බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මහතා පැවසීය. 18 December 2022
‘‘ලෝක අරගලවලදී එක පිලකටවත් බෙදෙන්නේ නෑ‘‘ දූපත් රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය සමග කටයුතු කිරිමේ දී සියලු රටවල් සමඟ මිත්‍රශීලි පිළිවෙතක් අනුගමනය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 18 December 2022
ඉන්දියාවට පනින්න බැරි වේ බෝට්ටු මගින් නීති විරෝධී ලෙස ඉන්දියාවට පලා පළා යාමට උත්සාහ කළ පුද්ගලයන් හත් දෙනකු තලේමන්නාරම හත්වැනි වැලිපරය ආසන්නයේදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව නාවික හමුදාව පවසයි. 18 December 2022
නාවික හමුදාපති උළුගේතැන්න අද්මිරාල් නිලයට උසස් කරයි ජනාධිපති හා ත්‍රිවිධ හමුදා සේනාධිනායක රනිල් වික්‍රමසිංහ මහතා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා දින සිට ක්‍රියාත්මක වන පරිදි අද්මිරාල් නිලයට උසස් කර තිබේ. 18 December 2022
මුහුණුු පොතේ සාදයකට ගිය 30ක් මිට්ටු බෙන්තොට බෝධිමළුව ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක ෆේස් බුක් සාදයක් පැවැත්වූ බව කියන 30 දෙදෙනකු අයිස් සමඟ අත්අඩංගුවට ගත් බව බෙන්තොට පොලිසිය පවසයි. 18 December 2022
වසරේ ආදායමෙන් අංක එක අදානිට මෙම වසරේ වැඩිම අදායමක් උපාය ගත් පුද්ගලයන් අතර පෙරමුණේ සිටින්නේ ගෞතම් අදානි බව බ්ලූම්බර්ග් 50 සය වෙනි වාර්ෂික වාර්තාව පෙන්වා දී තිබේ. 18 December 2022
ලොව විශාලම මාළු ටැංකිය පුපුරයි ලොව විශාලතම සිලින්ඩාකාර මත්ස්‍ය ටැංකිය පුපුරා ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 17 December 2022
රත්නාවලි බාලිකාව 75 සමරයි ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ 75 වන සංවත්සරය නිමිත්තෙන් සමරු මුද්දරයක් අද නිකුත් කෙරිණි. 17 December 2022
ව්‍යාජ ගමන් බලපත්වලින් මෙතර ආ ඉරාන ජාතිකයන් 2ක් මාට්ටු කූඨ ලෙස තැනූ නෝර්වීජියානු විදෙස් ගමන් බලපත්වලින් මෙරටට ඇතුළුවීමට උත්සාහ කළ ඉරාන ජාතිකයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන නැවත හරවා යැවීමට කටුනායක ගුවන්තොටුපළ ආගමන හා විගමන දෙපාර්තමේන්තු නිලධාරීහු අද (17) පෙරවරුවේ පියවර ගත්හ. 17 December 2022
පාන් මිල රුපියල් 10 කින් අඩුවෙයි පාන් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල්ස 10 කින්ම අඩු කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා අද පැවසීය. 17 December 2022
දෙහිවලදී දුම්රියේ ගැටුණු දෙකක් මරුට දෙහිවල දුම්රිය ස්ථානයේදී තරුණයන් දෙදෙනකු හා තරුණියක දුම්රියේ ගැටී තරුණයා සහ තරුණියක මියගොස් ඇති බවත්,අනෙක් අය ඈතට වීසීවී සුළු තුවාල ලබා ඇතැයි දෙහිවල පොලීසිය පවසයි. 17 December 2022
ෂාෆ්ටර් ඝාතනය ගැන හෝඩුවාවන් කිහිපයක් කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලීම සඳහා ඔහු ගමන් කළ මාර්ගය අවට සීසීටීවී කැමරා විස්සකට වැඩි සංඛ්‍යාවක දර්ශන පරීක්ෂාවට ලක් කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. 17 December 2022
රුවන් රණසිංහට ජාත්‍යන්තර සම්මානයක් සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා, කීර්තිමත් 2026 SITF විශිෂ්ට සංචාරක පුරෝගාමී සම්මානයෙන් (SITF Eminent Tourism Pioneer Award) පිදුම් ලබා තිබේ... 05 June 2026