
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොළඹ ජාතික රෝහලේ සායනවලට පැමිණෙන වයෝවෘද්ධ සහ මැදිවියේ කාන්තාවන් මත්කර ඔවුන් සතුව තිබෙන මුදල් සහ රන් ආභරණ සොරා ගත් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මරදාන පොලිසිය කියයි.
එම සැකකරු සහ සැකකාරිය එක්ව එලෙස සොරා ගෙන තිබූ රුපියල් ලක්ෂ 12ක් පමණ වටිනා රන් ආභරණ වැලිගම ප්‍රදේශයේ රන් භාණ්ඩ මිලදී ගන්නා ස්ථානයකට විකුණා තිබියදී ව්‍යාපාරිකයන් විසින් ඒවා උණුකර තිබියදී පොලිසිය මඟින් සොයාගෙන ඇත.
සායනවලට සහභාගී වීමට පැමිණි රෝගී කාන්තාවක් විලස සායන ආසන්නයේ තබා තිබෙන පුටුවක් හෝ බංකුවක් මත රැඳී සිට එම සායනවලට සහභාගී වීමට පැමිණි වයෝවෘද් සහ මැදි වියේදී කාන්තාවන් සමඟ හිතවත් වී උපක්‍රමශීලීව එම ස්ථානයෙන් පිටතට කැඳවාගෙන ගොස් ඔවුන්ට ආහාර පාන සමඟ මිශ්‍ර කරන ලද මත්ද්‍රව්‍ය ලබාදී මත් වීමෙන් පසු ඔවුන් සතු රන් ආභරණ සහ මුදල් පසුම්බිය සොරා ගැනීම මෙම කාන්තාව සහ පිරිමි පුද්ගලයා විසින් සිදුකර තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.
සැකකාරිය සමඟ සිටින කාන්තාව මත් ගතියෙන් පෙළෙන අවස්ථාවේදී කිසිවකුටත් සැක නොසිතෙන ලෙස ඔවුන්ට උදව් කරන පුද්ගලයකු විලස සැකකරු ඉදිරිපත් වී තිබූ බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වගේ දේවල් අපේ රටේ සාමාන්‍ය දේවල්. අසාමාන්‍ය දේ තමා අපේ මිනිස්සු තාමත් ඔහොම දේවල් වලට අහුවෙන එක...