(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොළඹ ජාතික රෝහලේ සායනවලට පැමිණෙන වයෝවෘද්ධ සහ මැදිවියේ කාන්තාවන් මත්කර ඔවුන් සතුව තිබෙන මුදල් සහ රන් ආභරණ සොරා ගත් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මරදාන පොලිසිය කියයි.
එම සැකකරු සහ සැකකාරිය එක්ව එලෙස සොරා ගෙන තිබූ රුපියල් ලක්ෂ 12ක් පමණ වටිනා රන් ආභරණ වැලිගම ප්‍රදේශයේ රන් භාණ්ඩ මිලදී ගන්නා ස්ථානයකට විකුණා තිබියදී ව්‍යාපාරිකයන් විසින් ඒවා උණුකර තිබියදී පොලිසිය මඟින් සොයාගෙන ඇත.
සායනවලට සහභාගී වීමට පැමිණි රෝගී කාන්තාවක් විලස සායන ආසන්නයේ තබා තිබෙන පුටුවක් හෝ බංකුවක් මත රැඳී සිට එම සායනවලට සහභාගී වීමට පැමිණි වයෝවෘද් සහ මැදි වියේදී කාන්තාවන් සමඟ හිතවත් වී උපක්‍රමශීලීව එම ස්ථානයෙන් පිටතට කැඳවාගෙන ගොස් ඔවුන්ට ආහාර පාන සමඟ මිශ්‍ර කරන ලද මත්ද්‍රව්‍ය ලබාදී මත් වීමෙන් පසු ඔවුන් සතු රන් ආභරණ සහ මුදල් පසුම්බිය සොරා ගැනීම මෙම කාන්තාව සහ පිරිමි පුද්ගලයා විසින් සිදුකර තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.
සැකකාරිය සමඟ සිටින කාන්තාව මත් ගතියෙන් පෙළෙන අවස්ථාවේදී කිසිවකුටත් සැක නොසිතෙන ලෙස ඔවුන්ට උදව් කරන පුද්ගලයකු විලස සැකකරු ඉදිරිපත් වී තිබූ බව පොලිසිය කියයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
රෝගීන් මත් කරන යුවළක් අත්අඩංගුවට
විදේශීකයා Wednesday, 19 April 2023 01:46 PM
ඔය වගේ දේවල් අපේ රටේ සාමාන්‍ය දේවල්. අසාමාන්‍ය දේ තමා අපේ මිනිස්සු තාමත් ඔහොම දේවල් වලට අහුවෙන එක...