(අංජුල මහික වීරරත්න)
2025 වසරට පෙර පළාත් පාලන ආයතන 204ක් ආවරණය කරමින් සංවර්ධන සැලසුම් 172ක් නිම කිරීමට කටයුතු කරන බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.
නාගරික සංවර්ධන අධිකාරිය පවසන්නේ මෙම වසර තුළ සංවර්ධන සැලසුම් 21ක් ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි.
කුරුවිට සංවර්ධන සැලසුම් පසුගිය මාර්තු මාසයේදී ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබේ. එමෙන්ම පැල්මඩුල්ල,කහවත්ත සංවර්ධන සැලසුම් ඉදිරි සතියේදී ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවද නාගරික සංවර්ධන අධිකාරය සඳහන් කරයි.
මීට අමතරව රඹුක්කන, කුලියාපිටිය, තලාව, කැකිරාව, වැලිමඩ, බණ්ඩාරවෙල, වැල්ලවාය, නාවලපිටිය, කුණ්ඩසාලේ, ගම්පොළ, වව්නියාව, කිලිනොච්චි, අම්බලන්ගොඩ, මාතර, කටාන -සීදූව, ජා ඇල, වත්තල - මාබෝල, ගම්පහ, මහර සංවර්ධන සැලසුම් මෙම වසරේදී ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.
එමෙන්ම මෙම වසර අවසානයට පෙර නුවරඑළිය හා ආරුගම්බේ සංවර්ධන සැලසුම්ද ගැසට් මගින් ප්‍රකාශයට පත්කිරීමට හැකිවනු ඇතැයි නාගරික සංවර්ධන අධිකාරිය විශ්වාසය පළ කරයි. මේ වනවිටත් එහි කටයුතු ආරම්භ කර තිබේ
.2021 -2022 දෙවසර තුළදී නාගරික සංවර්ධන අධිකාරිය විසින් සංවර්ධන සැලසුම් 32ක් ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබේ. ඉකුත් වසරේදී පමණක් සංවර්ධන සැලසුම් 9ක් ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබේ.
කන්තලේ,දෙහිවල-ගල්කිස්ස, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, මහරගම, හෝමාගම,කැස්බෑව, ග්‍රේට නුවරඑළිය, ග්‍රේට දඹුල්ල, කොළඹ සංවර්ධන සැලසුම පසුගිය වසරේදී ගැසට් මගින් ප්‍රකාශයට පත්කළ සංවර්ධන සැලසුම් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුම්රිය දෙපාර්තමේන්තුව (මම තියෙන්නෙ තවමත් මහ රැජින නමින්ලු එම ඉඩම් තියෙන්නෙ කියලා ) සතු ඉඩම් නැවතත් දුම්රිය මාර්ගය සැකසීම කරන්න බැරිවෙනසේ තමයි කුරුවිට නගරය නොන්ඩියා සහ නාගරික සංවර්ධන රත්නපුර ලොක්කා කරල තියෙන්නෙ ඒක හෙන ගහන අපරාධයක් කියන්න පුළුවන් ඇයි රත්නපුර මිනිසුන්ට දුම්රියේ යාමට දේශපාලුවො ඔය තරම් අකමැති කියලා තේරුම් ගන්න බැහැ කොහොම වුනත් ඔවුන් එහෙම කිරීමෙන් කුරුවිට මිනිස්සු හැරෙනවිට අනෙක් සියලු ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය වෙනවා