අධික උෂ්ණත්වය හේතුවෙන් ‘‘අවවාදාත්මක‘‘ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
එම නිවේදනයට අනුව උතුරු,උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලත් මොනරාගල සහ කුරුණෑගලට මෙම තත්ත්වය අවධානය යොමු කළ යුතු මට්ටමට උණුසුම් තත්ත්වය ඉහළ ගොස් ඇතැයි ද එම නිවේදනයේ සඳහන් වේ.
උණුස්ම් දර්ශකය 39 - 45 අතර මට්ටමකට එන විට ‘‘අවදානම්‘‘ මට්ටමට පැමිණෙන අතර එවන් අවස්ථාවලදී වැඩි වේලාවක් අව්වේ නිරාවරණය සහ ක්‍රියාකාරි කටයුතුවල නියැලීම නිසා විජලනය, ලවන ඉවත්වීම නිසා මස්පිඩු පෙරලීම වැනි තත්ත්වයන් ඇති විය හැකි බව සඳහන් වේ.
වැඩිපුර ජලය පානය කිරීම, සෙවන ඇති ස්ථාවල පමණක් විවේක ගැනීම,වැඩි හිටි සහ රෝගීන් කෙරෙහි වැඩි සැලකිල්ලක පසු වීම, කුඩා දරුවන් වාහන තුළ දමා නොයෑම,අධික වෙහෙසකාරී කටයුතු සීමා කිරීම, සුදු හෝ ලා පැහැති ඇඳුම් පැළදීම කටයුතු බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාව දැනුවත් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දවස් වල ලංකාවේ පවතින උෂ්ණත්වය මැදපෙරදිග තිබෙන උෂ්ණත්වයට සමානයි , හැබැයි මැදපෙරදිග නම් මේ කාලේ හැම ගොඩනැගිල්ලකම AC දාල තියෙන්නේ , එත් එකට ලංකාවේ අසරණ මිනිසුන්ට AC තියා විදුලි පංකාවක් වත් දා ගෙන ඉන්න හැකියාවක් නැහැ රනිල්ගේ විදුලි බිල හින්ද
මැටි මෝල් කථා කියන්න එපා අනුර ..... ගොඩනැගිලි වලින් පිටත් A/ C කරලද තියෙන්නෙ අනුරගෙ
AC මගින් ඇතුලේ රශ්මිය අඩුකරන්න හැකි උවත් එමගින් පිටත රත් කරන බවත් අමතක නොකරන්න . අන්තිමට එතනත් දුප්පත් මිනිස්සුන්ගේ පිඩාව වැඩි කොට පොහොසත් කෙනාට සැප පහසු කරනවා