(අංජුල මහික වීරරත්න)
ගුරු මාරු සම්බන්ධයෙන් නිසි විද්‍යාත්මක ක්‍රියාමාර්ගයක් ගන්නා තුරු ගුරු ස්ථාන මාරුවීම් තාවකාලිකව නතර කරන ලෙස කොළඹ ප්‍රධාන ජාතික පාසල් කිහිපයක විදුහල්පතිවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.
කොළඹ රාජකීය විද්‍යාලය ඇතුළු විදුහල් කිහිපයක විදුහල්පතිවරුන් ජනාධිපතිවරයාගෙන් මෙම ඉල්ලීම කර ඇත.
මෙලෙස සිදු වන ගුරු මාරුවීම් කිසිදු පිළිගත හැකි නිර්ණායකයන්ට යටත්ව ක්‍රියාත්මක නොවන බවද විදුහල්පතිවරුන් දැනුම් දී ඇත.
ගුරු මාරු කිරීමේදී මේ වන විට පළමු ශ්‍රේණියට සිසුන් ඇතුලත් වීම සහ අ.පො.ස සා.පෙළ විභාගය අවසන් නොවීමත් යන කාරණය සලකා බැලිය යුතු බවද විදුහල්පතිවරුන් ජනාධිපතිවරයාට යැවූ ලිපියේ සඳහන්ය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ගුරු මාරු මණ්ඩලය විසිරුවා හැරීමට මීට පෙර කටයුතු කරනු ලැබූ අතර ගුරු සංගම්වලට අවශ්‍ය පරිදි ගුරු මාරු ක්‍රියාත්මක වීම නතර කොට විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව ගුරු මාරු සිදු කිරීම එහි අපේක්ෂාව විය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ගුරු මාරු ගැන ජනපතිට පැමිණිල්ලක්
දිමුත් Wednesday, 19 April 2023 11:24 AM
ඔය ලොකු ඉස්කෝලවල විදුහල්පතිවරුන්ට ඕවා දාලා යන්න අමාරු බව අපිට තේරෙනවා...!