IMG-LOGO

ගුවන් සමාගමේ ප්‍රධානීහු 27 වැනිදා කෝප් කමිටුවට

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇතුළු ආයතන පහක  ප්‍රධානීන්  පොදු ව්‍යාපාර  පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ( කෝප් කමිටුව ) හමුවට ලබන සතියේ  කැඳවීමට තීරණය කර ඇතැයි එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පැවැසිය.

එම කමිටුව හමුවට කැඳවෙන සෙසු ආයතන වන්නේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, වෘත්තීය පුහුණු අධිකාරිය සහ  අපනයන ණය රක්ෂණ සංස්ථාවයි.

මේ අනුව  ශ්‍රී ලංකන් ගුවන් සමාගම කෝප් කමිටුව හමුවට ලබන 27 වැනිදා කැඳවා ඇත.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කමිටුව හමුවට කැඳවා ඇත්තේ ලබන 28 වැනිදාය.

අපනයන ණය රක්ෂණ සංස්ථාව ලබන 25 වැනිදාද ඉඩම් පත් පතිසංස්කරණ කොමිෂන්  සභාව ලබන 26 වැනිදාද  කෝප්  කමිටුව හමුවට කැඳවා ඇත.

වෘත්තිය පුහුණු අධිකාරිය කෝප් කමිටුව හමුවට කැඳවා ඇත්තේ ලබන මැයි මස 9 වැනිදාය.

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පසුගිය වසරේ  ඔක්තෝබර් මස 21 වැනිදා ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පරික්ෂා කිරීම සඳහා මෙම ආයතන මෙසේ කැඳවා ඇතැයිද  කෝප් කමිටු සභාපතිවරයා කීවේය.



අදහස් (2)

ගුවන් සමාගමේ ප්‍රධානීහු 27 වැනිදා කෝප් කමිටුවට

Sunil Wednesday, 19 April 2023 06:06 PM

ඒ ගොල්ලොත් පැය 30ක් ප්‍රමාදවෙලා පැමිණෙයි.

:       0       1

Gunasinghe Wednesday, 19 April 2023 08:31 PM

මිහින් එයා දැන් තියනවද .මොකද ඒකට උනේ .හොඳට ලැබ ලබපු ආයතනයක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 172 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 664 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1066 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site