IMG-LOGO

අපි රිලව් ඉල්ලුවේ නෑ - චීනය

(විමුක්ති එස් රුද්‍රිගු)

රිලව් ලක්ෂයක් ශ්‍රී ලංකාවෙන් ආනයනය කිරීම සඳහා අයැදුම්පතක් කිසිඳු පාර්ශ්වයකින් මේ වන තෙක් ලැබී නොමැති බව චීන ජාතික වන සත්ව සහ තෘණ බිම් පරිපාලන ඒකකය ප්‍රකාශ කළ බව චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

එසේම රිලව් ලක්ෂයක් ශ්‍රී ලංකාවෙන් ආනයනය කිරීම සඳහා කළ ඉල්ලීමක් පිළිබඳ කිසිඳු දැනුවත්භාවයක් නොමැති බවද චීන ජාතික වන සත්ව සහ තෘණ බිම් පරිපාලන ඒකකය ප්‍රකාශ කළ බව චීන තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

චීනයට වන සතුන්, ශාක අපනයනය කිරීමේදී මෙන්ම චීනයෙන් වන සතුන්, ශාක ආනයනය කිරීමේදී අධීක්ෂණ සහ කළමනාකරණ කටයුතු පිළිබඳ වගකීම පැවැරෙන ආයතනය වන්නේ චීන ජාතික වන සත්ව සහ තෘණ බිම් පරිපාලන ඒකක යයි. එම ඒකකයේ අවසරයකින් තොරව වන සතුන් හෝ ශාක චීනයෙන් ආනයනය කිරීමට හෝ චීනයට අපනයනය කළ නොහැක.

චීනයේ පුද්ගලික සමාගමකට වඳවීමේ තර්ජනයට ලක් වී ඇති රිලව් ලක්ෂයක් පර්යේෂණ සඳහා ශ්‍රී ලංකාව අපනයනය කිරීමට සුදානම් වන බවට දේශීය සහ ජාත්‍යන්තර මාධ්‍ය වල පළවූ වැරදි වාර්තා මෙන්ම කෘෂි කර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සිදු කළ පැහැදිලි කිරීම පිළිබඳවද චීන තානාපති කාර්යාලයේ අවධානය යොමු වීම හේතුවෙන් බෙයිජිං හි පිහිටි චීන ජාතික වන සත්ව සහ තෘණ බිම් පරිපාලන ඒකකයෙන් චීන තානාපති කාර්යාලය මෙම විමසීම සිදුකර ඇත.

 



අදහස් (16)

අපි රිලව් ඉල්ලුවේ නෑ - චීනය

මැක්ස් Wednesday, 19 April 2023 04:04 PM

මදැයි ජෙප්පන් බලං හිිටියා නොමිලේ චීනෙට යන්න. ඒකත් හබක්...

:       59       26

samWednesday, 19 April 2023 05:50 PM

රිලව් ලක්ෂයක් ශ්‍රී ලංකාවෙන් ආනයනය කිරීම සඳහා අයදුම්පතක් කිසිඳු පාර්ශ්වයකින් මේ වනතෙක් ලැබී නොමැති බව චීන ජාතික වනසත්ව සහ තෘණබිම් පරිපාලන ඒකකය ප්‍රකාශ කළ බව චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශකර ඇත. චීනයට රිලවුන් අවශ්‍ය නම් මෙවැනි ආකාරයට හදිසියේ රිලව් ලක්ෂයක් ශ්‍රී ලංකාවෙන් ආනයනය කිරීමට හෝ වෙනත් රටකින් ගැනීමට අවශ්‍ය නැත. එයට හේතුව චීනයේ රිලව් වර්ග 25ක් පමණ සිටි. ශ්‍රී ලංකාවෙන් චීනයට රිලවුන් ආනයනය කිරීම පිළිබඳව සැකය මේ වනවිට අවසන් වුවත් රිලවුන් ආනයනය කිරීමට දැඩි විරෝධයක් දැක්වූ කණ්ඩායම් ගොවීන්ට වන වගා හානිය පිළිබඳව ගැටලුව කතාකිරීමට සහ විසඳුම් ලබාදීමට කිසිවකු ඉදිරිපත්ව නැත.. එම ගැටළුව අවසන්ව නැත...

:       0       0

වර්ණකුලසූරිය Wednesday, 19 April 2023 08:30 PM

ජෙප්පන් විතරක් නොවේ 69 ලක්ෂයේ බයියන් වන අපිත් යන්න බලාගෙන හිටියේ. ගම් පැත්තේවත් යන්න බැහැ අපිටත් තඩිබාන්න ලෑස්ති වෙනවා මුන් තමයි ඔක්කෝම කළේ කියලා.

:       0       3

Buddika Wednesday, 19 April 2023 04:05 PM

ඔය ඇමැති චීනයේ සත්තුවත්තට යවාගත්තා නම් හරි. මුළු ඇමැති මණ්ඩලේම යවමු...

:       2       63

HimaliWednesday, 19 April 2023 09:02 PM

චීනයේ නම විකුණලා රිලව් ටිකට ගේමක් දීලා ගාණ සාක්කුවේ දාගන්න දේශපාලකයා කළ තවත් කැත වැඩක්

:       0       3

Prabha Wednesday, 19 April 2023 04:05 PM

එතකොට කොන්දොස්තර මහත්තයා කියන්නේ බොරුද?

:       1       39

fairoos Wednesday, 19 April 2023 05:06 PM

මහින්ද කියන නම ගෑවිච්චි තැන බොරුමයි කියන්නේ... කාලකණ්ණි...!

:       6       39

පිටිගල මිලානෝ Wednesday, 19 April 2023 05:10 PM

මයිනෝ ඉන්නවා…. ලාබෙට දෙන්නම්…

:       4       38

Dewdrop Wednesday, 19 April 2023 07:11 PM

ලක්ෂයක් නෙවෙයි සේරම මයිනෝ ටික නිකම්ම දීලා දාමු අප්පා...

:       1       15

Buddika Wednesday, 19 April 2023 05:33 PM

රිලා අමරවීර

:       0       3

විපරමා Wednesday, 19 April 2023 05:45 PM

දූෂිත දේසපාලුවෝ කට ඇරියොත් බොරුමයි කියන්නේ .

:       0       1

Dilmi Wednesday, 19 April 2023 05:51 PM

ඔය දියවන්නාවේ ඉන්න ගොන් හරක් ටිකව චීනයට පැටෙව්වා නම් හරි මොළ ටික කන්න.

:       0       0

wimal Wednesday, 19 April 2023 06:09 PM

කිව්වොත් කියන්නේ කෙබරයක්... මොවුන්ව ගහලා පන්නන්න ඕනේ...

:       0       27

රීඩර් Wednesday, 19 April 2023 06:25 PM

ඔවුන්ම බොරු විකට ප්‍රවෘත්තියකට හේතුවක් හදාගෙන ඔවුන්ම ඒක විශ්වාස කරගෙන ඔවුන්ම ඒ විකට ඇඳුම ඇඳගෙන ගොටු මාධ්‍ය හරහා ඒක රඟ දක්වාගෙන, ඔවුන්ම ඒකට කෑගහගෙන ප්‍රශ්නයක් හදාගෙන ඒකෙන් වාසිය ගන්න හදන සීන් එකක් තියෙන්නේ...

:       0       0

අරවින්ද මොනරවිල Wednesday, 19 April 2023 06:52 PM

මීහරක් රංචුවක් ඉන්නවා... සල්ලි එපා ප්ලීස්... බාරගන්න...!

:       0       20

chandima Wednesday, 19 April 2023 07:41 PM

ඒකනේ...? මන්ත්‍රීලා ඉල්ලුවාම හිතලා තියෙන්නේ රිළව් ඉල්ලුවා කියලනේ...!

:       1       18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 172 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 664 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1066 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site