(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
පාස්කු ප්‍රහාරයේ මහ මුරකරු ලෙස සැලකෙන සහරාන් හසීම් නැමැත්තාට අයත් පුත්තලම , වනාතවිල්ලුව ලැක්ටෝ වත්තේ නිධානයක් ගොඩ ගැනීම සඳහා කැණීම් සිදුකරමින් සිටි බව කියන පොලිස් විශේෂ කාර්ය බලකායේ කොස්තාපල්වරුන් දෙදෙනෙකු අද (19) අලුයම් කාලයේ සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි
නිධානය ගොඩගැනීම සඳහා පුද පූජා පවත්වමින් සිටි බව කියන කට්ටඩියා වැටලීම සිදු කළ අවස්ථාවේ පලා ගොස් ඇතැයි පොලිසිය විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
පලා ගිය මෙම කට්ටඬියා අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බලකාය පරීක්ෂණ පවත්වාගෙන යයි
ලැබුණු තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකායේ කුරුණෑගල කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසිනි.
අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයෙක් බදුල්ල තල්දෙන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර අනෙක් පොලිස් කොස්තාපල්වරයා මූනමල්දෙනිය ප්‍රදේශයේ පදිංචි අයෙකි ෙ
සහරාන් හෂීම්ට අයත් මෙම වත්තේ පුපුරන ද්‍රව්‍ය සහ අවි ආයුධ සඟවා තිබියදීරහස් පොලිසිය විසින් පොලීසිය විසින් සොයා ගැනීමෙන් අනතුරුව එම වත්තට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් යොදවා ආරක්ෂාව සපයා තිබිණි.
ෙමෙසේ ආරක්ෂාවට යොදවා සිටි නිලධාරීන් කණ්ඩායමේ සිටි කොස්තාපල්වරුන් දෙදෙනෙකු මෙම කැණීම් කටයුතු සිදුකරමින් සිට ඇතැයි විශේෂ කාර්ය බලකා ආරංචි මාර්ග සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් පොලිස් විශේෂ කාර්ය බලකායේ සැකකාර පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා වැඩිදුර පරීක්ෂණ සඳහා වනාතවිල්ලුව පොලීසියට භාරදුන් බව එම බළකාය වැඩිදුරටත් සඳහන් කරයි.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
සහරාන්ගෙන් වනාතවිල්ලුව වත්තේ නිධන්හාරලා