(බී.ජී. චතුරංග)
චීනයේ නිෂ්පාදිත ස්වයංකීය පිස්තෝලයක්, උණ්ඩ 11ක්, පතුරම් ගැබක් නීති විරෝධීව ළඟ තබා ගෙන සිටි විශ්‍රාමික හමුදා සැරයන්වරයකු අඩංගුවට ගත් බව රාජාංගනය පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, යාය 15, පහලමාරගහවැව පදිංචිව සිටි 42 හැවරිදි විශ්‍රාමික හමුදා සැරයන් වරයකි.
බලපත්‍ර නොමැතිව නීති විරෝධී ගිනි අවියක් පුද්ගලයකු ළඟ තබා ගෙන සිටින බවට රාජාංගනය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස්ප රීක්ෂක ජී.ඩබ්ලිව් .එස්. ගජසිංහ මහතාට ලැබුණු තොරතුරකට අනුව විමර්ශන සිදුකර සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd