(ඉන්දිකා රාමනායක)
පුද්ගලික මෝටර් රථයක් ධාවනය කරමින් සිටින අතරතුර පදිකයෙකු හප්පා පලා යමින් සිටී පොලිස් පරීක්ෂකවරයකු ගොකරැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පොලිස් පරීක්ෂකවරයා මීගමුව පොලිස් අධිකාරී කාර්යාලය ට අනුයුක්තව රාජකාරි කරමින් සිටි අයකු බවද පොලිසිය සඳහන් කරයි.
සැකකාර පොලිස් පරීක්ෂකවරයා නිවාඩු ලබා සිටියදී ඔහුගේ පුද්ගලික මෝටර් රථයෙන් දඹුල්ල අඹේපුස්ස මාර්ගයේ ඊයේ (18) රාත්‍රියේ ගමන් කරමින් සිටියදී එම මාර්ගයේ ගමන් ගත් පදිකයෙකු ගැටී ඇති බව පොලිසිය සඳහන් කරයි.
අනතුර සිදු වීමත් සමගම පොලිස් පරීක්ෂකවරයා එම ස්ථානයෙන් පලා ගොස් ඇති අතර, සිද්ධිය සැලවීමත් සමග ගලේවෙල පොලිසිය කළ දැනුම්දීමකට අනුව ගොකරැල්ල පොලිසිය මඟින් ගොකරැල්ල පොලිස් බල ප්‍රදේශයේ දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම පොලිස්කාරයොනේ... සාමාන්‍ය ජනතාවට ගිරිය පුප්පගෙන නීතිය ක්‍රියාවේ යොදවන ගමන් තමන්ගෙන් වරදක් වුණාම හොරෙන්ම පැනලා යනවා. මේක පිටුපස මෙයාට වඩා ලොකු දෙයක් තියෙන්න පුළුවන්. වාහනය ඇතුළේ කුඩු තිබුණද දන්නේ නැහැ...