IMG-LOGO

අධිවේගීයේ අර්ධ සුඛෝපභෝගී බස් ධාවනයට අවසර ඉල්ලයි

(නිමල කොඩිතුවක්කු)

අධිවේගී මාර්ගවල  අර්ධ සුඛෝපභෝගී බස් රථ ධාවනයට ඉඩ දෙන්නැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ  සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේය.

මගීන්ට සහනදායි ගාස්තු ක්‍රමයක් යටතේ අධිවේගී මාර්ග වල ගමන් කිරීමට ඉන් හැකියාව ලැබෙන බවත් ඔහු පැවසීය. 

අධි සුඛෝපභෝගී බස්රථ මිලදී ගැනීමට වෙළඳපොලේ හැකියාවක් නොමැති බැවින් ඒ පිළිබඳවත් සැලකිල්ලට ගනිමින් අධිවේගී මාර්ගවල අර්ධ සුඛෝපභෝගී බස් රථ ධාවනයට ඉඩ දෙන්නැයි ඉල්ලීමක් කරන බවත් විජේරත්න මහතා කීවේය.

එමෙන්ම පහත තට්ටුව සහිත අධි සුඛෝපභෝගී බස්රථ 50ක් කොළඹ දිස්ත්‍රික්කය තුළ ධාවනයට අවසර දෙන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලීමක් කළත් මෙතෙක් ඒ සඳහා අවසර හිමිව නොමැති බවත් ඔහු පැවසීය.

එමගින් කොළඹ මාර්ග තදබදයට විසඳුම් මෙන්ම මගීන්ට ගුණාත්මක බස් රථ සේවාවක් ලබාදීමට හැකියාව පවතින බවත් ඔහු තවදුරටත් කීවේය.



අදහස් (15)

අධිවේගීයේ අර්ධ සුඛෝපභෝගී බස් ධාවනයට අවසර ඉල්ලයි

Saneepa Wednesday, 19 April 2023 05:12 PM

මේ මනුස්සයා එන්නේ හොඳකට නෙවෙයි... මාෆියා කාරයෙක්...

:       0       37

Ruhunu Wednesday, 19 April 2023 05:23 PM

මිනිස්සු මරන්න හදනවාද?

:       0       36

sanath kumara Wednesday, 19 April 2023 05:35 PM

දැන් හයිවේ එකේ බස් ඉගිල්ලෙන විදිහට මේවත් දැම්මම හොඳට ඉදී .මුලින් නීතිය තදින් ක්‍රියාත්මක කරන්නේ නැතිව මෙය සිදු නොකල යුතු දෙයක්

:       0       7

Buddika Wednesday, 19 April 2023 05:37 PM

අනේ මේ මිනිහෝ කොහෙද ඔයාගේ ඔය ගුණාත්මක බස් සේවය තියෙන්නේ ?අති බහුතර බස් සේවකයෝ රස්තියාදුකාරයෝ වගේ .බුලත් කහට පුරවාගෙන .පිරිසිදුවට අඳින්නේ නෑ .රැවුල කපන්නේ නෑ .ඉතුරු ගන්න පුදුම අමාරුයි .කතාකරන්න දන්නේ නෑ

:       0       5

Samitha S. Aluthgamage Wednesday, 19 April 2023 05:45 PM

අර්ධ සුඛෝපභෝගි බස් කියන්නේ ගාස්තුව වැඩියෙන් ගන්න යෙදූ සුන්දර වචනයක් මිස වෙනත් වැදගත් දෙයක් එහි නැහැ. තිර ටිකක් එල්ලනවා. ඒවා ජීවිතේට හෝදන්නේ නැහැ. ගඳේ බැහැ. ඊට අමතරව අහන්න බැරි සින්දු දානවා කන් හිරි වැටෙන්නම... සාමාන්‍ය බස් එකමයි යොදවන්නේ... පාන්දරට විතරක් ඒසී. ඕක තමයි මේ රටේ බස් කාරයින්ගේ අර්ධ සුඛෝපභෝගී බස් කියන්නේ. සාමාන්‍ය බස් එකේ ගාස්තුවලට වඩා ගාස්තු වැඩියි. මේ අයට බස් මගින් ගසාගෙන කන්න ඉඩනොදී, ආසන ගණනට සාමාන්‍ය බස් ධාවනය කිරීමට ඉඩදෙන්න...

:       0       0

shan Wednesday, 19 April 2023 05:57 PM

හයිවේ එකත් කන්න හදන්නේ මේ ලේලන්ඩ් බස් දාලා....

:       0       35

Sunil Wednesday, 19 April 2023 06:05 PM

අර්ධ කියා කිව්වත් සුඛෝපභෝගි යන්න ගෙවිලවත් නැහැ. මේ ප්‍රෝඩාකාරී බස් සේවාව සහමුලින්ම නැවත දීමමයි හොඳ... ඒවට සාමාන්‍ය ගාස්තු යටතේ ක්‍රියාත්මක වන්න අවසර දෙන්න.

:       1       25

යෝගා Wednesday, 19 April 2023 06:11 PM

ජනෙල්, තිරරෙදි නැත්නම් ඕවාත් සාමාන්‍ය බස් තමයි. අර්ධ සුඛෝපභෝගී කියලා මගීන් රවට්ටනවා....

:       0       35

අරවින්ද මොනරවිල Wednesday, 19 April 2023 06:57 PM

තව ටිකදවසකින් මෙයා බක්කි කරත්ත දාන්නත් අවසර ඉල්ලයි අධිවේගයට...

:       0       22

janith Wednesday, 19 April 2023 07:10 PM

මගමරුවා සේවයෙන් මිනීමරන්න ඉල්ලන්නේ රේස් ගිහින්...!

:       0       19

Vikum Wednesday, 19 April 2023 07:12 PM

අර්ධ තියා කාලක්වත් නෑ.... සුඛෝපභෝගී...!

:       0       20

විපරමා Wednesday, 19 April 2023 08:35 PM

මෙයා .සභාපතියා හින්දා බස්වලින් ගාණක් හම්බ වෙනවා.ඒ ගමන්ම තමුන්ගේ බසුත් දාලා හම්බකර ගන්ඩ හිතාගෙන ඇති ?

:       0       4

Bandara Wednesday, 19 April 2023 10:32 PM

අර්ධ සුඛෝපභෝගී කියන එක අහෝසි කරන්න. තනිකරම ගසාකෑමක්.

:       0       5

MAP Hemachandra Thursday, 20 April 2023 07:05 AM

මෙිකා එන්නේ හොදකට නොවෙයි.

:       0       3

මහී Thursday, 20 April 2023 07:26 AM

ලේලන්ඩ් ලොරි බස් මාෆියා කාරයා. බස් වල කොලිටිය තුච්චයි. මිනිහෙක් විරුද්ධව කතා කලොත් බැහැලා යන්න කියනවා. ගැමුණු උබ වැඩට යන්නෙත් ලේලන්ඩ් ලොරි බස් එකකද? හිටන් යන එකාටයි, ඉදන් යන එකාටයි , එල්ලිලා යන එකාටයි , ඇබරිලා යන එකාටයි , එකම ගාණ. පට්ට අසාදාරණයි. සහසර ක්‍රියාත්මක කරන්න දෙන්නේ නැත්තෙත් මේ ලොරි බස් මාෆියා කාරයෝ තමා.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 172 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 664 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1065 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site