පවුල් අවුලෙන් බිරිය පිළිස්සෙයි සිරුරට භූමිතෙල් හලාගෙන ගිනි තබාගත් සිව්දරු මවක සහ එය නිවීමට ගිය සැමිය ගින්නෙන් පිලිස්සී කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි. 24 January 2023
ඡන්දයකට සූදානම් වන්න ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය. 24 January 2023
රට රැකියා ඒජන්සි ගැන දැඩි තීරණයක් විදේශ සේවා නියුක්ති කාරයාංශය යටතේ ලියාපදිංචි වී ඇති විදේශ රැකියා ඒජන්සිවල බලපත්‍ර තදින් අදීක්ෂණය කිරීම සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ අනු කමිටුවේදී දැඩි අවධානය යොමුවිය 24 January 2023
වාලච්චේනේ අනතුරකින් දෙකක් මරුට හතරකට තුවාල පොලොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාලච්චේන රිදීතැන්න ප්‍රදේශයේදි වෑන් රථයක් හා පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරෙන් වෑන් රථයේ අසූවියති රියදුරු සහ මාස 4ක් වයසැති පිරිමි දරුවකු මියගොස්, කාන්තාවන් සිව් දෙනකු බරපතළ තුවාල ලබා මඩකලපුව රෝහලට ඇතුළත් කර ඇති බව වාලච්චේන පොලිසිය කියයි. 24 January 2023
වෛද්‍ය බෙල්ලන හිර කළ අයට වැඩ වරදී රජයේ වෛද්‍ය නිලධාරීන් සංසදයේ සභාපති සහ කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ රුක්ෂාන් බෙල්ලන මහතාට විරෝධය දක්වමින් කණිෂ්ඨ කාර්ය මණ්ඩලය පසුගියදා ඒ මහතාගේ නිළ කාර්යාල වටලා පැය 5 ට ආසන්න කාලයක් සිරකරගෙන සිටීම සම්බන්ධයෙන් මරදාන පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත. 24 January 2023
ඇමති දුම්රිය ගැටළු විසඳන්න වසරක් ඉල්ලයි දුම්රිය ගැටලු විසඳීම සඳහා තමන්ට වසරක කාලයක් ලබාදෙන්නැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 24 January 2023
සන්ධ්‍යා එක්නැලිගොඩ ‘දේව කන්නලව්වක’ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදහන් වී 13 වැනි වසර වෙනුවෙන් ඒ මහතාගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය ‘යුක්තිය අහිමි අප සැමට යුක්තිය පතා’ යන තේමාව යටතේ මෝදර කාලි කෝවිල අභියක අධිෂ්ඨාන සත්‍යාක්‍රියාවක අද (24) නිරත වූවාය. 24 January 2023
බිත්තර කෑ දරුවන්ට බඩේ අමාරුවක් බිත්තර ආහාරයට ගැනීම නිසා මහනුවර ප්‍රදේශයේ ළමා නිවාසයක කුඩා දරුවන් කීප දෙනකු සහ තවත් දරුවන් කීප දෙනකු අසාත්මික තාවයකට ලක්ව මහනුවර රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි. 24 January 2023
උඩුගම්පොළගේ ඉල්ලීම ප්‍රතික්ෂේපයි ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය රැකගැනීම උදෙසා මෙහෙයුම් කිරීමේ අරමුණින් අතුරුගිරිය “මිලේනියම් සිටි” නිවාස සංකීර්ණයේ යුද හමුදා ආරක්ෂක නිවාසයක රැදී සිටි යුද හමුදා බුද්ධි නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඔවුන් පිළිබඳ තොරතුරු හෙළි කළ බවට චෝදනා කරමින් හිටපු සහකාර පොලිස් අධිකාරි කුලසිරි උඩුගම්පොළ මහතාට එරෙහි නඩුවෙන් විත්ති වාචක නොකැඳවාම ඔහු නිදහස් කරන්නැයි කළ ඉල්ලීම කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා ප්රතික්ෂෙප කළේය. 24 January 2023
දයාසිරි සී.අයි.ඩී යයි තම අත්සන ව්‍යාජ ලෙස භාවිතා කර මෙවර මැතිවරණයට නාම යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි පවසමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් පැමිණිල්ලක් කළේය. 24 January 2023
ඡන්දය ඉල්ලා මුජිබර්ගෙන් පෙත්සමක් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට වාහාම සියලු පියවර ගැනීමට නියෝග කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. 24 January 2023
මැතිවරණ වියදම් සීමා කිරීමට මැකෝ ගෙන් උපදෙස් පළාත් පාලන මැතිවරණයේදී අපේක්ෂකයන්ගේ වියදම් සීමා කිරීමට කටයුතු කරන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා දේශපාලන පක්ෂවල ලේකම්වරුන්ට උපදෙස් දුන්නේය. 24 January 2023
සිසුවිය සමග මාරයා බසයෙන් එයි පාසල නිම වී, සිසු සැරිය බස් රථයෙන් පැමිණ තම නිවස අසලින් බස් රථයෙන් බිමට බැසීමට ගිය පළමු වසරේ ඉගෙනුම ලබන පාසල් දැරියක් එම බස් රථයට යටවී අවාසනාවන්ත ලෙස අද (24 දා) දහවල් ජීවිතක්ෂයට පත්ව ඇති බව පරසන්ගස්වැව පොලිසිය පවසයි. 24 January 2023
ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ලොක්කා කාමරයේ හිරකරයි නුගේගොඩ පිහිටි ප්‍රවාහන වෛද්‍ය ආයතන මූලස්ථානයේ සේවකයන් පිරිසක් මෙම වසරේ කපාහැරි වෛද්‍ය නිවාඩු දීමනාව ගෙවන ලෙස බලකරමින් එම ආයතනයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සවින්ද්‍ර ගමගේ මහතා කාර්යාලයේ සිර කළේය. 24 January 2023
ණය ප්‍රතිව්‍යුහගත කිරීම ඉදිරි මාස හයේ අවසන් ශ්‍රී ලංකාව ලබාගත් සියලුම ණය ආපසු ගෙවීමට කැපවී සිටින බවත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ඉදිරි මාස 6 දී අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කර ඇත. 24 January 2023
යාපනයේ කල්ලි දෙකක් ගැටේ යාපනයේ ක්‍රියාත්මක වන ආවා කල්ලිය සහ කැනී කල්ලිය අතර අද (24) දින චුන්නාකම් ප්‍රදේශයේදී වාහනද භාවිතා කරමින් සිදු වූ ගැටුමකින් සිව්දෙනකු තුවාල ලබා ඇතැයි යාපනය පොලීසිය පවසයි. 24 January 2023
බදු නැති කළොත් අයි.එම්.එෆ් නැති වේවි පනවා ඇති නව බදු ඉවත් කළහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම්ගතවීමට නොහැකි වනු ඇතැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 24 January 2023
මහජන උපයෝගිතා කොමිසම නීතිපති උපදෙස් පතයි කැබිනට් මණ්ඩලය ඉදිරිපත් කළ විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව ක්‍රියාත්මක නොකරන බවත් ඒ පිළිබඳව නීතිපතිවරයාගෙන් උපදෙස් ගැනීමට මහජන උපයෝගිතා කොමිසම තීරණය කර ඇති බවත් එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (24) පැවසීය. 24 January 2023
ටිකට් නැතිව ගියාට අයි.ඩීය තියා ගන්න බෑ ප්‍රවේශපතක් නොමැතිව දුම්රියේ යෑමේ චෝදනාවට පුද්ගලයෙක්ගේ ජාතික හැදුනුම්පත සහ ජංගම දුරකථන භාරයට ගැනීමට දුම්රිය ආරක්ෂක අංශයට නීතිමය බලයක් නොමැති යැයි ‘ලංකාදීප’ කළ විමසුමකදී දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්. ඒ. ඩී. එස්. ගුණසිංහ මහතා පැවසීය. 24 January 2023
පැය දෙකයි විනාඩි 20 ක විදුලි කප්පාදුව නැවතත් පැය දෙකයි විනාඩි 20 ක විදුලි කප්පාදුව හෙට සහ අනිද්දා (25 සහ 26) දින දෙකේ ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (24) පැවසීය. 24 January 2023
වාලම්පුරියක් විකුණන්න හැදූ කපුවෙක්- සගයෝ දෙදෙනෙක් මාට්ටු වාලම්පුරියක් බවට සැකකරන බෙල්ලෙකු සන්තකයේ තබාගෙන විකිණීමට තැත් කළ දේවාලයක කපුවෙකු සහ තැරැව්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව දිවුලපිටිය පොලිසිය කියයි. 24 January 2023
පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග දෙකක් සැකපිට කුඩා ප්‍රමාණයේ ලොරි රථයක යට පැත්තේ රහසිගත කුටියක් සඟවාගෙන ප්‍රවාහනය කරමින් තිබූ පිපිරවීම් සඳහා යොදා ගන්නා ඩෙටනේටර් සහ අධි අධි බලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග මන්නාරම් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනකු විලත්තව පොලිස් මාර්ග බාදක යෙදී අලුයම් සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි බිංගිරිය පොලිසිය පවසයි. 24 January 2023
පාසල් නිමවී ගෙදර යද්දී ලොරියෙන් වැටී සිසුන් 11කට තුවාල හුනුමුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ පැවති උපකාරක පන්තියකට සහභාගි වී නිවෙස් බලා යමින් සිටි පාසල් සිසුන්11 දෙනෙක කැලෑපිටිමුල්ල ප්‍රදේශයේදී ලොරියකින් ඇද වැටී තුවාල ලබා ඇති අතර ඉන් හත් දෙනකු අද දහවල් දිවුලපිටිය මූලික රෝහලට ඇතුළත් කරනු ලැබ ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. 24 January 2023
අත්අඩංගුවට ගත් වෘත්තිය ක්‍රියාකාරීන් රිමාන්ඩ් මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නිලධාරීන් දෙදෙනකුගේ රාජකාරියට බාධා කර තර්ජනය කළැයි කොල්ලුපිටිය පොලීසිය අත්අඩංගුවට ගත් වෘත්තිය සමිති ක්‍රියාකාරිකයකු වන ආනන්ද පාලිත මහතා සහ තවත් නායකයකු ලබන 26 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත ගතකිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (24) නියෝග කළේය. 24 January 2023
වෘත්තීය සමිති නායකයෝ දෙකක් අත්අඩංගුවට උද්ඝෝෂණයක් අතරතුර මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නිලධාරීන්ට බැන තර්ජනය කර රාජකාරියට බාධා කළැයි බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් වෘත්ති සමිති සාමාජකයන් දෙදෙනකු කොල්ලුපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය පවසයි. 24 January 2023
ලංකාවෙි ලොකුම පොහොර කම්හල විවෘත කරයි ශ්‍රී ලංකාවේ විශාලතම හා තාක්ෂණයෙන් උසස්ම පොහොර නිෂ්පාදනාගාරය වන හොරණ, මිල්ලෑවේ ලංකා බයෝ ෆර්ටිලයිසර් සමාගමේ කර්මාන්තශාලා පරිශ්‍රය කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතින් විවෘත කෙරිණි. 24 January 2023
මේජර් අජිත් සිව්වසරක් හිරේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු වූ විශ්‍රාමික යුද හමුදා මේජර් නීතිඥ අජිත් ප්‍රසන්නට බරපතල වැඩ සහිත වසර 4 ක සිර දඬුවමක් සහ ලක්ෂ තුනක දඩයක් අද(24)ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. 24 January 2023
ඇමෙරිකාවේ වෙඩි තැබීම් තුනකින් නව දෙනෙක් මරුට ඇමෙරිකාවේ උතුරු කැලිෆෝනියා පළාතේ සහ අයෝවා ප්‍රාන්තයේ වෙඩි තැබම් තුවක් සිදුවිය. එම වෙඩි තැබීම්වලින් සිසුන් දෙදෙනකු ඇතුළු නව දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 6 කි. මියගොස් තවත් පුද්ගලයන් සය දෙනකු තුවාල ලබා ඇතැයි ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 24 January 2023
රියැදුරුගේ බෝතල් පහරින් කොන්දොස්තර මරුට මොණරාගල සිට කටුනායක වෙත පැමිණෙන ශ්‍රී ලංගම දුර ගමන් සේවා බස් රථයේ රියැදුරු විසින් කොන්දොස්තරවරයාට එල්ල කරන ලද වීදුරු බෝතල් ප්‍රහාරයකින් බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසුව අද (24) දින උදෑසන මිය ගොස් ඇති බව කටුනායක පොලීසිය පවසයි . 24 January 2023
ලංකාවට උඩින් යනවාට ගානන් වැඩි වේ කොළඹ ගුවන් ගමන් තොරතුරු කලාපයට ඉහළින් පියාසර කරන ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා අය කරන ගුවන් ගමන් සංතරණ ගාස්තු සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත. 24 January 2023
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026