(අංජුල මහික වීරරත්න)

අධිකරණයකට ,විනිශ්චය අධිකාරියකට හෝ ආයතනයකට අපහාස කිරීම පිළිබඳ  පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් අධිකරණ බන්ධනාගාර කටයුතු හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.

අධිකරණයට අපහාස කිරීම පිළිබඳ නීති හඳුන්වා දීම සඳහා 2022 .06. 27 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.