(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අජාන් බ්රහ්මවංස හිමියන්ට කටුනායක ගුවන්තොටුපොළේදී මුහුණ දීමට සිදුවූ අපහසුතාව ගැන උන්වහන්සේගෙන් සමාව අයැද සිටින බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය.
තමා යටතේ පවතින ආයතනයකින් යම් වැරැද්දක් සිදුවී ඇත්නම් එය පිළිගෙන ඉදිරියේදී එවැනි සිදුවීම් ඇති නොවීමට වගබලා ගැනීම වගකීමක් බවද ඔහු සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපතිවරයා ඉල්ලීමක් කළ බවත් ඒ පරීක්ෂණය සඳහා ශ්‍රී ලංකා ගුවන් සේවා අධිකාරිය පත් කර ඇති බවත් අමාත්‍යවරයා කීවේය.
ඒ පරීක්ෂණයේදී අතපසුවීම සිදුවුයේ කාගේ අතින් දැයි දැනගත හැකි වනු ඇතැයි පැවසූ අමාත්‍යවරයා මෙවැනි සිදුවීම් මින්පසු ඇති නොවීමට වගබලා ගන්නා බවද සඳහන් කළේය.
නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙසේද කීය.
අද රටේ කොහේ හරි සිද්ධියක් වුණාම මාධ්‍ය කරන්නේ ඒකට දේශපාලඥයෙක් ඈදා ගන්න එක. අගමැතිතුමා ගියේ වෙනම පරියන්තයකින්. එතුමා ඒ පැත්තට ආවේවත් නෑ. මම හිටියේ වෙන පර්යන්තයක. මුලින්ම අගමැතිතුමාට මඩ ගැහුවා. පස්සේ මට මඩ ගැහුවා. මේ නිසා තමයි මාධ්‍ය නියාමන පනතක් මේ රටට අවශ්‍ය වෙන්නේ. මාධ්‍ය වල්බූරු විදිහට හැසිරෙනකොට වැඩ කරන්නේ කොහොමද. අපේ වැරදි පෙන්වලා දෙන්න. ඒත් ප්රවෘත්ති හදන්න එපා. තියෙන ප්‍රවෘත්තිය විකාශනය කරන්න. මේ සිද්ධියේදී සමහර මාධ්‍ය ආයතන වගකීමෙන් තොරව කටයුතු කළා. රටට ඇති වෙච්ච අපකීර්තියට ඒ මාධ්‍ය ආයතන වගකියන්න ඕන.
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා:
ඔය සිද්ධිය වෙච්ච වෙලාවේ එස්ටීඑෆ් ප්‍රභූ ආරක්ෂකයින් ගුවන් තොටුපොළ ඇතුළේ හිටියේ නෑ. ඔවුන් ආයුධ සමග ඇතුළට ගිහින් හිටියේ නෑ. ඔවුන් හිටියේ එළියේ. ප්‍රභූවරයකු සමග පැමිණි ආරක්ෂකයන් ඉඳලා තියෙන්නේ එළියේ. උන්වහන්සේට පිටත් වීමට බාධා වෙලා තියෙන්නෙ ඒ හේතුව නොවෙයි. උන් වහන්සේ කලින් ඇවිල්ලා ඉඳගෙන හිටියා. නමුත් නිලධාරීන් ප්ලේන් එකට ගෙනියන්න පරක්කු වුණා. අන්තිමේදී ප්ලේන් එක ගිහිල්ලා. අන්න ඒකයි වෙලා තියෙන්නේ. ඒක වෙලා තියෙන්නෙ ආරක්ෂක අංශ නිලධාරීන් පිරිසක් නිසා නොවෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බබෙක් කතා කරයි. කියන ආකාරයට වල්බුරු මාද්යයක් තියෙන්නෙ වල්බුරුවන්ගෙ නොමනාකම් පෙන්විමටම තමයි. පොදුජනයා වල්බුරුව්න්ගෙන් කෙරෙනකාර්යයක් නොමැතිබව දැන් දැන් වටහාගෙන අත.
ආ.. හරි VIP පර්යන්තය තුල සියල්ල නිවැරදිව සිදුවී ඇත. මේ VIP අය මහපාරේ ගමන් ගන්නා විධියෙන් අනිත් ඒවා සිතා ගත හැකිය. ගමේ ගෙවල් වල "බල්ලට ඇති වැඩකුත් නෑ, හෙමින් ගමනකුත් නෑ" කියමන සිහිකරමින් මූලග්ගාය හැදිලාවාගේ, මහා හදිසියකින්, සද්දේ දාගෙන පාරේ යන එක දැන්වත් හදාගනිල්ලා. ටිකක් වේලපහ නැගිටපල්ලා, අනිත් මිනිසුන්ටත් රාජකාරි, හදිසිවැඩ, කළින් ගෙදරයාමේ උවමනාව තියෙනබව මතක තියාගනිල්ලා.
වරදක් වෙලා තියෙනවා. දැන් නිදහසට කරුණු කියල වැඩක් නෑ. අගමැති ට යන්න එක පර්යන්තයකුයි, ඇමති ට යන්න තව පර්යන්තයකුයි, ප්රභූන්ට යන්න තවත් පර්යන්තයකුයි තියෙනවද. එහෙම වෙන්න බෑ. නිමල් සිරිපාල කවදත් බොරු කියන කෙනා. ඒ නිසා ඔය කියන ඒවා පිළිගන්න බෑ. ගිය ගිය තැන නින්ද යන කෙනා කොහොමද ඕව මතක තියාගන්නේ. නිළධාරීන් දේශපාලුවන් ට ගොටු අල්ලන්න ගිහින් තමයි මේක වෙලා තියෙන්නේ. මේ පුවත මුළු ලෝකයටම ගිහින් ඉවරයි. අවම වශයෙන් වගකීම් පැහැරහැරිය යට දඬුවම් දෙන්න ඕන.
අජාන් හිමියන් කියන්නේ බුදුදහමට සහ ලෝකයේ මිනිස්සු වෙනුවෙන් විශාල සේවයක් කරන හිමි නමක්. ලංකායේ වගේ පන්සල් වල ලයිට් බිල ඉල්ලන අරගල කර කර බොරු කිය කිය NGO වලින් බුරියාන කන හාමුදුරුවෝ ඉන්න කෙනෙක් නෙමෙයි
කොල්ලො ඔය ගමන්ම සමාව ඉල්ලහන් ටසායි කොම්පැනියෙන් පගාව ඉල්ලපු එක ගැන
ඇමතිට නින්ද ගිහිල්ලා වගේ
නිදිබරියා...
නිමල් සිරිපාල සෑම අවස්ථාවකදීම මෙන් මොන මොනවා හෝ කියා ප්‍රශ්නයෙන් පැන යන්න හදන පිළිවෙත දැඩි ලෙස හෙලා දකිමි. ගුවන් තොටුපලේ සී.සී.ටී.වී කියන්නේ වෙනම කතාවකි. කෙසේනමුත් ගුවන් තොටුපලේ පාලනය බල්ලාට ගිහින් ඇති අතර, වහාම ක්‍රියාත්මක වන පරිදි පාලන කටයුතු නිවැරදි කළ යුතුයි. විශ්‍රාමික හමුදා කරුවන් තනතුරුවලින් වහාම ඉවත්කර දක්ෂ පරිපාලන නිලධාරින්ගේ සේවය ලබාගන්නා ලෙස ගරු ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලා සිටිමි.
කප්පම් සිරිපාල, අපි ඔයා කවුද කියලා සෑහෙන කාලයක ඉඳලා හොඳට දන්නවා. ජපන් ආයෝජකයාගෙන් "කප්පම්" ඉල්ලපු කතාව බොරුයි කියලා කිවේ ඔයාගේ මිතුරියක් මිසක් අධිකරණයෙන් නොවේනේ. ඒ කියන්නේ ඔයා තවමත් කප්පම් කාරයෙක් !!! බොරු නොවෙයිනේ..? ඉස්සර බෙහෙත් වලින් කෙලලා කෙලලා.. අන්තිමට ජපනාගෙන් සල්ලි ඉල්ලන්න ගිහින් හොඳටම ඇනගත්තා සිරෝ, බොරු කියන එක දැන්වත් නවත්තපන්!!! අජාන් බ්රහ්මවන්ශ හාමුදුරුවෝ බොරු කියන හිමිනමක් නොවෙයි !!! ඔයා කියනවා හමුදාව හිටියේ පිටත කියලා. ඔයා කියන බොරු අහන්න රටේ මිනිස්සු ලැහැස්ති නැහැ.. ඒක හොඳට දැනගන්න.