
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඇමැතිවරුන්ට මන්ත්‍රීවරුන්ට අමතරව වෙනත් පුද්ගලයන්ට ප්‍රභූ ආරක්ෂකයන් 5400ක් ලබාදී ඇතැයි තොරතුරු අනාවරණය වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
ඒ ගැන සමාලෝචනයක් කර අඩු කළ හැකි තැන්වලින් ප්‍රභූ ආරක්ෂකයන් අඩු කරන බවද ඔහු සඳහන් කළේය.
අලස් මහතා මෙසේ පැවසුවේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ටිරාන් අලස් මහතා මෙසේද සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් මාසයකට සැරයක් සමාලෝචනය කරන්න අමාරුයි.ගිනි අවි බලපත්‍ර කාලයෙන් පසුව තියා ගැනීම ප්‍රශ්නයක්. ඔය ප්‍රශ්නය අහන්න ඕන ආරක්ෂක අමාත්‍යාංශයෙන්. මොකද බලපත්‍ර නිකුත් කරන්නෙ ආරක්ෂක අමාත්‍යාංශය. සිද්ධියක් වුණාම අපි ඒ ගෙනියන්න ලැබුණේ කොහොමද කියලා හොයනවා. පසුගිය කාලයේ අපරාධ වලට බලපත්‍ර සහිත ගිනි අවි සම්බන්ධ කරගෙන තිබුණෙ නෑ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජපක්ෂ කොල්ලන්ටයි උන්ගේ බල්ලන්ටයි පූසන්ටයි මීයන්ටයි ඔක්කෝටම ආරක්ෂකයෝ දීලා ඇති
දැන් යුද්ධයක් නැති එකේ ඇමතිවරුන්ට උනත් ආරක්ෂකයෝ අවශ්‍ය නෑ. 5400 ක් කියන්නේ පොඩි ගාණක්ද. දල වශයෙන් මාසෙකට කෝටි 50වත් යනවා වියදම. අනිත් එක හමුදාවල උසස් නිලවල ඉන්න කට්ටියගේ පුද්ගලික සහයකයො ඉතාමත් වැඩියි . වැඩි හරියක් ඉන්නේ ගෙවල් වල වැඩට ඉතාමත් ඉක්මනින් ඒවා ඔක්කොම අයින් කරනවනම් ආර්තියටත් හොදයි. ඉන්න බැරි අය යයි
දැන් කව්ද ඔය ප්‍රභූ ආරක්ෂකයන් ඔවුන්ට දීලා තියෙන්නේ මේ අපිද? මොවුන් මරු කියවනවද මන්දා. ඔවුන්ම දීලා ඔවුන්ම කියවනවා...