(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ඇමැතිවරුන්ට මන්ත්‍රීවරුන්ට අමතරව වෙනත් පුද්ගලයන්ට   ප්‍රභූ ආරක්ෂකයන්  5400ක් ලබාදී ඇතැයි තොරතුරු අනාවරණය වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

ඒ ගැන සමාලෝචනයක් කර අඩු කළ හැකි තැන්වලින් ප්‍රභූ ආරක්ෂකයන් අඩු කරන බවද ඔහු සඳහන් කළේය.

අලස් මහතා මෙසේ පැවසුවේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ටිරාන් අලස් මහතා මෙසේද සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් මාසයකට සැරයක් සමාලෝචනය කරන්න අමාරුයි.ගිනි අවි බලපත්‍ර කාලයෙන් පසුව තියා ගැනීම ප්‍රශ්නයක්. ඔය ප්‍රශ්නය අහන්න ඕන ආරක්ෂක අමාත්‍යාංශයෙන්. මොකද බලපත්‍ර නිකුත් කරන්නෙ ආරක්ෂක අමාත්‍යාංශය. සිද්ධියක් වුණාම අපි ඒ ගෙනියන්න ලැබුණේ කොහොමද කියලා හොයනවා. පසුගිය කාලයේ අපරාධ වලට බලපත්‍ර සහිත ගිනි අවි සම්බන්ධ කරගෙන තිබුණෙ නෑ.