බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 75 ට වැඩි තද වැසි ද ඇතිවිය හැකියි. වයඹ පළාතේ ද වැසි වාර කිහිපයක් ඇති වේ.

ඌව සහ මධ්‍යම පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

උතුරු සහ උතුරු - මැද පළාත්වලත් හම්බන්හතාට, පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත්  විටින් විට පැයට කිලෝ මීටර් 40-45 ක පමණ තද සුළං ඇති වේ.