
(මනෝප්‍රිය ගුණසේකර)
තමන් පදිංචිව සිටින කුඹුරු ඉඩම ගොඩ ඉඩමක් වශයෙන් නම් කොට ඉඩම් සහතිකයක් නිකුත් කිරීම සඳහා රුපියල් රු.100000 ක් අල්ලසක් ඉල්ලා ලබාගත් අලවතුගොඩ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ නිලධාරීහු දෙදෙනෙක් අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
ප්‍රදේශයේ පදිංචිකරුවකු කළ පැමිණිල්ලකට අනුව අලවතුගොඩ ගොවිජන සේවා මධ්‍යස්ථානය තුළ දී මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද්දේ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරී නිලධාරී වරයකු සහ ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරීවරයෙකි.
සැකකරුවන් දෙදෙනා මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජ්‍ය සේවයේ කීර්තිමත් කරන රාජ්‍ය ආයතන තව ප්‍රාදේශීය සභා නගරසභා සහ මහ නගර සභා වල උන් ජරාව කෑම උන්ගේ අයිතියක් කියලා හිතාන ඉන්නේ
අයියෝ බන්.රුපියල් ලක්ෂයකට හිරේ යන්නේ .යකෝ අපරාදේ නේ