
(යොහාන් භාසුර)
ගම්පොළ ප්‍රදේශයෙණ් ඊයේ රාත්‍රී සුළු භූකම්පනයක් වාර්තා වූ බව භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය පැවසීය.
මෙම භූකම්පනය රාත්‍රී 10.49 ට පමණ සිදුව ඇති බවත් රික්ටර් මාපක ඒකක 2ක පමණ සුළු භූකම්පනයක් මෙසේ වාර්තා වී ඇති බවත් භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය කියයි.
මහකනදරාව, හක්මන, පල්ලෙකැලේ සහ බුද්ධංගල යන මාපකවල මෙම මෙම භූකම්පනය සටහන්ව තිබූ බව කී එම කාර්යංශය එහි කේන්ද්‍රය ලෙස පුපුරැස්ස ප්‍රදේශය හඳුනාගෙන ඇති බව ද වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර ක්රැකටෝව වගෙ එකක් එකපාරට පොලොවෙන් මතුවෙයිද?