
(යොහාන් භාසුර)
කොළඹ ජාතික දන්ත රෝහලේ ඖෂධ වර්ග නොමැතිවීමෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්ව තිබේ.
එම රෝහලේ දන්ත සංරක්‍ෂණ ඒකකට අවශ්‍ය ඖෂධ වර්ග නොමැතිවීමෙන් එම ඖෂධ පිටින් රැගෙන එන ලෙස රෝහලෙන් දැනුම් දෙන බවත් ඇතැම් රෝගීන් එම ඖෂධ මිලදී ගැනීමට මුදල් නොමැතිවීමෙන් වෙනත් දින ලබාගෙන පිටව යන බවත් එම රෝහලේ සේවකයෝ පවසති.
දන්ත සංරක්‍ෂණ ඒකකයට දත් පිරවීම සඳහා අවශ්‍ය ඖෂධ වර්ගයක් නොමැති වීමෙන් අද පෙරවරුවේ සිට රෝගීන්ට එම බෙහෙත පිටතින් රැගෙන එන ලෙස දැනුම් දෙන බව ද සේවකයෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd