(යොහාන් භාසුර)

ඩොලරයේ අගය පහළ යෑමත් සමඟ ශ්‍රී ලංකාව තුළ රත්තරන් මිල තව දුරටත්  සීඝ්‍රයෙන් පහළ බසිමින් තිබෙන දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති.  

කැරට් 22 ක රත්තරන් පවුමක මිල රුපියල් 147,000 ක් දක්වා පහළ බැස ඇතැයි හෙට්ටිවීදිය රන් ව්‍යාපාරිකයෝ පවසති.

කැරට් 24 ක රත්තරන් පවුමක් රුපියල් 160,000 ක් දක්වා මිලක් අද (6) පෙරවරුවේ පැවැති බවත් රන් ව්‍යාපාරිකයෝ පැවසූහ.