
(ඉන්දිකා රාමනායක)
විශේෂ කාර්ය බළකාය මුලතිවි කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මුලතිව් අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක යූ.වී.සී.ටී. විජේරත්න ඇතුළු නිලධාරීන් නාගචෝල රක්‍ෂිත ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී නාගචෝල රක්‍ෂිතයට අනවසරෙන් ඇතුළු වී පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇතැයි සැකකළ හැකි ස්ථානයක් කැණීම් කරමින් සිටි හමුදා කෝප්‍රල් ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරුවන් තඹුත්තේගම, අම්බලන්තොට, මුලතිව්, මුල්ලියාවේලි, රාජංගනය සහ නොච්චියාගම ප්‍රදේශ වල පදිංචි වයස අවුරුදු 17 - 62 අතර වයසේ පසුවන පුද්ගලයන් බව විශේෂ කාර්ය බළකාය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd