අල්ලස් ගත් සි .අයි . ගේ වැඩ තහනම් රුපියල් 250,000 මුදලක් තුටු පඬුරක් ලෙස ලබාගත් ගම්පහ මූලස්ථාන පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාගේ රාජකාරී වැඩ තහනම් කිරීමට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා විසින් පියවර ගෙනඇත. 28 December 2025
’’ලොකුම හානිය සිද්ධ වුණු නුවරට වැඩි අවධානය ඕනෑ’’ කාලගුණ විපතින් වැඩිම අලාභ හානි සිදුවූ මහනුවර දිස්ත්‍රික්කය කෙරෙහි රජය වැඩි අවධානය යොමු කළ යුතු බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. 28 December 2025
උතුරු පේරු වෙරළ ආසන්නයේ භූ කම්පනයක් උතුරු පේරු වෙරළ ආසන්නයේ සෙනසුරාදා (27) රික්ටර් මාපකයේ 5.8 ක භූමිකම්පාවක් ඇති වූ බව ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය පැවසු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 28 December 2025
හැටන් නගරසභාවේ කසළ බදුන්වලට ගිනි තියලා හැටන් දික්ඔය නගර සභාව මගින් කසල වෙන් කර තබා ගැනිම සදහා හැටන් ඩන්බාර් මාර්ගයේ කම්කරු කොමසාරිස් කාර්යාලය අසල සවි කර තිබූ කසල බදුන් වලට ඊයේ (27) රාත්‍රියේ කිසියම් පිරිසක් ගිනි තබා කසල වෙන් නොකර එම කසල බදුන් අසල දමා ගොස් ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ සභාපති අසෝක කරුණාරත්න මහතා අද (28) පැවසීය. 28 December 2025
පාතාලයෙක් ගිනි අවි උණ්ඩ සමඟ අල්ලයි ප්‍රබල මත්දුව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන දැනට විදේශගතවී සිටින හීනටියන මහේෂ් යන පුද්ගලයාගේ ඥාතියකු බව කියන ’’ජින්ගා’’ යන අන්වර්ථ නාමය ලබන පුද්ගලයකු විදේශ රටක නිෂ්පාධිත පිස්තෝල වර්ගයේ ගිනි අවියක් මැගසිනයක් සහ ටී 56 ගිනි අවි උණ්ඩ 25 සමඟ අත් අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය පවසයි. 28 December 2025
ගිනි අවි උණ්ඩ සමග තුනක් මාට්ටු ටි 56 ගිනි අවියක් සහ උණ්ඩ 27 ක් හා මැගසිනයක් කොළඹ 14 ශාන්ත ජෝසප් වීදිය 60 වත්තේදී තිබී සොයා ගැනීමෙන් පසු සිදුකළ විමර්ශන වලදී පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි. 28 December 2025
සම්බාහනය මූවාවෙන් කතුන් අලෙවි කරලා විදේශීය කාන්තාවන් යොදවා ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය කාන්තාවන් මුදලට අලෙවි කරන ස්ථානයක් වටලා රටවල් තුනකට අයත් කාන්තාවන් දස දෙනෙකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි. 28 December 2025
ඝාතන රැසක වෙඩික්කරුවෙක් මාට්ටු 2024 වසරේ මාර්තු මස දිනකදී අම්බලන්ගොඩ වෙළඳ සලක් ඉදිරිපිටදී පුද්ගලයන් දෙදෙනකුට වෙඩි තබා ඝාතනය කිරීම සහ තවත් තිදෙනකුට තුවාල කිරීම, ඉකුත් මැයි මස දිනකදී මීටියාගොඩ අවන්හලක් තුළදී පුද්ගලයන් දෙදෙනකුට වෙඩි තබා ඝාතනය කළ බව කියන වෙඩික්කරු අත්අඩංගුවට ගත් බව මීටියාගොඩ පොලිසිය පවසයි. 28 December 2025
අද කාලගුණය උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද (28) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 28 December 2025
හෙළයේ ගීත කෝකිලාවිය ලතා වල්පොළ දිවියට සමු දෙයි හෙළයේ ගීත කෝකිලාවිය ලෙස කිරුළු පළන් ප්‍රවීණ ගායිකා ලතා වල්පොල මහත්මිය (91) අද සවස අභාවප්‍රාප්ත වූවාය. 27 December 2025
බුස්සේ හදිසි සෝදිසි මෙහෙයුමක් බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ අදත් විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කළ බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 27 December 2025
ගායන ශිල්පී මැක්සි රොසයිරෝ සමුගනී ශ්‍රී ලාංකේය බටහිර සංගීත ක්ෂේත්රයේ නොමැකෙන සලකුණක් තැබූ ප්‍රවීණ ගායන ශිල්පී මැක්සි රොසයිරෝ අභාවප්‍රාප්ත විය. 27 December 2025
ඩග්ලස් දේවානන්දට පැය 72 ක් රැඳවුම් නියෝග අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව පැය 72 ක රැදවුම් නියෝග මත රඳවා තබාගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශන සිදු කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි. 27 December 2025
එක පෙළට වාහන 56 ක් හැපිලා ජපානයේ අධිවේගී මාර්ගයක සිදුවූ රථවාහන අනතුරකින් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, 26 දෙනකු බරපතල තුවාල ලබා රෝහල්ගත කළ බවත් වාර්තා වේ. අනතුර සිදුවූයේ වාහන 56 ක් එක පෙළට හැපීමෙනි. 27 December 2025
ඡන්දදායක සංගණනය පෙබරවාරි 01 සිට ලබන වර්ෂය සඳහා ඡන්දදායක සංගණනය පෙබරවාරි 1 වැනිදා ආරම්භ කිරීමට නියමිත බව පැෆ්රල් සංවිධානය පවසයි. 27 December 2025
තායිලන්තය - කාම්බෝජය සටන් විරාමයකට තායිලන්තය සහ කාම්බෝජය, තම දේශසීමා වල සති ගණනාවක් තිස්සේ පැවති දරුණු සටන් අවසන් කිරීම සඳහා සටන් විරාම ගිවිසුමකට අද (27) දින අත්සන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 27 December 2025
බූස්සෙන් ජංගම දුරකථන 133ක් අත්අඩංගුවට ගාල්ල බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය තුළ ජනවාරි මස 1දා සිට ඊයේ (26) දින දක්වා කළ මෙහෙයුම්වලදී ජංගම දුරකථන 133 ක් සහ සිම් පත් 159 ක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයා ගනු ලැබීය. 27 December 2025
යතුරු පැදි අනතුරින් තරුණයෙක් මරුට මිද්දෙණිය, දෙබොක්කාව, කාරියමඩිත්ත ආදාහනාගාරයට හැරෙන හන්දිය අසළ ඊයේ (26) රාත්‍රි 11ට පමණ සිදුවූ රිය අනතුරකින් 31 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි මිද්දෙණිය පොලිසිය පැවසීය. 27 December 2025
වෑන් රියේ ගැටුණු අලියා මරුට හබරණ ත්‍රිකුණාමල ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර් 124 කනුව ආසන්නයේදී අද අලුයම 5.30ට පමණ වෑන් රථයක , ගැටුණු අලියකු මියගොස් ඇති බව හබරණ පොලිසිය කියයි. 27 December 2025
වනඅලි පහරින් කතක් මරුට බූන්දල වනෝද්‍යානය තුළ පිහිටි වැලිගත්ත කලපුව අසළදී ගවයන් දක්කාගෙන එද්දී වන අලියකු පහරදිම නිසා කාන්තාවක ජීවිතක්ෂයට පත්ව ඇතැයි හම්බන්තොට මූලස්ථාන පොලිසිය පැවසීය. 27 December 2025
මත්තල ගුවන්තොට සමාගම් තුනකට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලික හවුල්කාරීත්වය වැඩ පිළිවෙල (PPP) යටතේ පෞද්ගලික සමාගම්වලට පැවරීමට යෝජනාවලියක් සකස් කර ඇතැයි වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා ලංකාදීපයට පැවසීය. 27 December 2025
සීදූවේ සමාජ ශාලාවකට බෝම්බ ගහන්න ආ හයක් මාට්ටු සිදුවේ සමාජ ශාලාවකට පෙට්‍රල් බෝම්බ ගසා අපරාධයක් සිදු කිරීමට සූදානමින් සිටි පුද්ගලයන් හය දෙනකු පෙට්‍රල් බෝම්බ හයක් සමඟ අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය කියයි. 27 December 2025
රාගමින් හමුවූ මොටර් රථය සහ ගිනි අවිය ගැන තොරතුරු එළියට රාගම, කිරිමැටියාන ප්‍රදේශයේ මෝටර් රථයක් තුළ ටී 56 වර්ගයේ ගිනි අවියක් දමා ගොස් ඇත්තේ දැනට විදේශ රටක සැඟව සිටින දික්පිටිගොඩ ලහිරු නැමත්තාගේ උපදෙස් පරිදි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ඝාතනය කිරීම සඳහා බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත. 27 December 2025
කැලිෆෝනියාවටත් ගංවතුර කැලිෆෝනියාවට ඇද හැළුණු තද සුළං, වැසි නිසා ලොස් ඇන්ජලීස් අසල හදිසි ගංවතුරක් සහ සියෙරා නෙවාඩා හි හිම කුණාටු ඇතිවීමේ අවදානමක් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 26 December 2025
ගාල්ල නගර සභා ලේකම්ට එරෙහිව පෙත්සමක් ගාල්ල මහ නගර සභාවේ 2026 වසර සදහා ඉදිරිපත් කරණ ලද අයවැය ලේඛණය පිළිබඳ දෙවන වර ඡන්ද විමසිමේදි විපක්ෂයි කියු මන්ත්‍රිවරුන් හතර දෙනකු පක්ෂයි යනුවෙන් පැවසු බවට සටහන් කොට අනිතික ලෙස අයවැය සම්මත වු බවට ලේඛණ ගතකිරිම සම්බන්ධයෙන් පරික්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම අද සවස දකුණු පළාත් පාලන සහකාර කොමසාරිස් මංජුල ප්‍රියන්ත පෙරේරා මහතාට පෙත්සමක් බාර දෙන ලදි. 26 December 2025
පුංචි දියණියට විදුලි සැර වැදිලා වරල්ල ප්‍රදේශයේ පාසල් දැරියක විදුලි සැර වැදීමෙන් අද (26) දින ජීවිතක්ෂයට පත්ව ඇතැයි කොස්මෝදර පොලීසිය කියයි. 26 December 2025
ලොව දිගම උමං මාර්ගය විවෘත වෙයි චීනයේ උරුම්කි - යුලි ලොව දිගම අධිවේගී මාර්ග උමං මාර්ගය වන කිලෝමීටර් 22.13 ක ටියැන්ෂාන් ෂෙන්ග්ලි උමග අද (26) දින නිල වශයෙන් ගමනාගමනය සඳහා විවෘත කළ බව විදෙස් මාධ්‍ය පවසයි. 26 December 2025
හිටපු ඇමැති ඩග්ලස් දේවානන්දා අත්අඩංගුවට හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා අද (26) අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. 26 December 2025
වැලිගමට සභාපතිවරයකු පත් කිරිම දින නියමයක් නැතිව කල් යයි වැලිගම ප්‍රාදේශීය සභා සභාපතිවරයකු තෝරා ගැනීමේ ජන්ද විමසුම දින නියමයක් නොමැතිව කල් තැබිමට දකුණු පළාත් පාලන කොමසාරිස් එරන්දි උමංගා මෙන්ඩිස් මහත්මිය පියවර ගත්තාය. 26 December 2025
කොහුවලදී වෙඩි කෑ තරුණයා දින තුනකට පසු මරුට කොහුවල එස්.ද.එස් ජයසිංහ මාවතේ පුද්ගලික රෝහලක රථ ගාල ඉදිරිපිටදීට වෙඩි ප්‍රහාරයට ලක්ව බරපතල තුවාල ලද තරුණයා දින තුනකට පසු මියගිය බව කොහුවල පොලිසිය කියයි. 26 December 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026