
(සුජිත් හේවාජුලිගේ)
මරණ දඬුවම නියම කෙරුණු හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කරන බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රොෂාන් දෙහිවල මහතා පැවසීය
ඔහු මේ බව ප්‍රකාශ කළේ හිටපු පොලිස්පතිවරයා හමුවීමට වැලිකඩ බන්ධනාගාරයට අද (01) ගිය අවස්ථාවේදීය.
ඒ අනුව ඉදිරි සතියේදී පුජිත් ජයසුන්දර වෙනුවෙන් අභියාචනයක් ඉදිරිපත් කර බව නීතිඥවරයා ප්‍රකාශ කළේය
මරණ දඬුවම නියම කෙරුණු දිනයේ සිට දින 28ක් ඇතුළත අදාළ අභියාචනය ගොනු කළ යුතු බැවින් කඩිනමින් ඊට අවශ්‍ය පියවර ගන්නා බව දෙහිවල මහතා කීවේය
එහිදී මාධ්‍යවේදීන් පූජිත් ජයසුන්දරගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රශ්න කළ අතර ඊට පිළිතුරු ලබාදෙමින් නීතිඥවරයා ප්‍රකාශ කළේ, ඔහු යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවය.
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගැනීම රාජකාරිය පැහැරහැරීම සහ මිනීමැරීමට අනුබල දීමේ චෝදනාවලට වැරදිකරුවන් කරමින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අයට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කෙරුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd