ස්කොට්ලන්තයේ ස්කොට්ස්ටවුන් ක්‍රීඩාංගණයේදී පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ 23 හැවිරිදි රුමේෂ් තරංග පතිරගේ සමත් විය.
මෙහිදී රුමේෂ්ට යම් තරමක හෝ අභියෝගයක් විය හැකියැයි අනුමාන කර තිබූ 2021 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ රන් පදක්කම දිනූ නීරාජ් චොප්රාට රිදී පදක්කමත් ඉන්දියාවේම යෂ් වීර් සිං ලෝකඩ පදක්කමත් හිමි කර ගැනීමට සමත්විය. ඔවුන් දෙදෙනා පිළිවෙළින් මීටර 85.83ක් හා මීටර් 85.41ක දක්ෂතාවක් දැක්වීය.
රුමේදි දිනූ රන් පදක්කමත් සමග මෙවර ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව දිනූ පදක්කම් සංඛ්‍යාව 2ක් දක්වා ඉහළ ගියේය. පසුගිය බ්‍රහස්පතින්දා පැවති පැරා කවපෙත්ත විසිකිරීම ඉසව්වෙන් රිදී පදක්කමක් දිනාගැනීමට පාලිත බණ්ඩාර සමත් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සතුටුදායක පුවතක්. මගේ සුභපැතුම්.
ජය වේවා !! සුභ පැතුම් !!!
ඉතාම ආඩම්බරයි. ඊළඟට ලංකාවට ඔලිම්පික් රන් පදක්කමක් ලැබේවායි ප්‍රාර්ථනා කරමු.