අසිරිමත් නත්තල උදා වෙයි ජේසුස් වහන්සේ උත්පත්තිය සිහිපත්කරන අසිරිමත් වූ නත්තල උදාවිය. 25 December 2025
චීන කොමියුනිස්ට් දූතයෝ ටිල්වින් හමුවෙති චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ පෙලේ දූත පිරිසක් සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු ජවිපෙ නායකයින් අතර හමුවක් පැලවත්ත පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. 24 December 2025
තායිවානයේ ප්‍රබල භූ කම්පනයක් තායිවානයේ ගිනිකොනදිග වෙරළබඩ ප්‍රාන්තයක් වන ටයිටුන්ග් හි රික්ටර් මාපකයේ 6.1 ක භූමිකම්පාවක් අද සවස ඇති වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 24 December 2025
නුවරඑළියෙන් දිවයින පුරා එළවළු කිලෝ 182,600ක් යවයි නත්තල් සමය නිමිත්තෙන් නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයෙන් දිවයිනේ පළාත් කිහිපයකට ඊයේ (23) සහ අද(24) දින එළවලු කිලෝ 182,600ක ඉල්ලුමක් ලැබී තිබූ බව නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ කළමණාකාරවරයා පැවසීය. 24 December 2025
‘දිට්වා‘ කොළඹ අවුරුදු 5ට අඩු දරුවන් 5,808ක් පීඩාවට පත් කරලා දිට්වා සුළි කුණාටුව හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ අවුරුදු පහට අඩු ළමුන් 5,808 දෙනකු පීඩාවට පත්ව සිටි බව බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය ධම්මිකා ජයලත් මහත්මිය පැවසුවාය. 24 December 2025
ගිනි අවිය පත්තු වී පී සී රෝහලේ අම්බලන්ගොඩ පොලීසියේ රාජකාරියේ නියුතු පොලිස් කොස්තාපල්වරයකුගේ ගිනි අවිය ඉබේ පත්තුවීමෙන් තුවාල ලැබු නිලධාරියා අද (24) බලපිටිය මූලික රෝහලට ඇතුලත් කළ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි. 24 December 2025
අයවැය දෙපාරක් පැරදුණත් ලොකු පුටුවට ගැටලුවක් නෑ කොළඹ මහ නගර සභාවේ හෝ වෙනත් ඕනෑම පළාත් පාලන ආයතනයක අයවැය දෙපාරක් පරාජය වුවත් ඒවායේ පාලන බලයට කිසිදු ගැටලුවක් ඇති නොවන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි. 24 December 2025
හොර පාරෙන් මෙරටට ගෙන ආ විසිතුරු පැළ අත්අඩංගුවට රුපියල් ලක්ෂ හතක් වටිනා විසිතුරු පැළ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (24) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 24 December 2025
රතු නිවේදන ගැලෙව්වත් අවදානම අඩු නෑ නායයෑම් රතු නිවේදන ඉවත් කර අැතත් තවමත් එම ස්ථානවල අවදානම පහව ගොස් නොමැති බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසයි. 24 December 2025
වැලිගම සභාවේ සභාපති ඝාතනයට ආධාර දුන් අයකු අත්අඩංගුවට වැලිගම ප්‍රදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාට වෙඩි තබා ඝාතනය කිරීම සදහා ගිනි අවි ලබාදුන් සැකකරුවන්ට නවාතැන් පහසුකම් ලබාදුන් බව කියන පුද්ගලයකු ඊයේ (23) අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. 24 December 2025
ආපදාවෙන් ධීවර වැඩට කෝටි 765ක හානියක් ගංවතුර ව්‍යසනය නිසා ධීවර ක්ෂේත්රයට රුපියල් කෝටි 764.9 කට වැඩි හානියක් වී ඇතැයි ඇස්තමේන්තු කර තිබෙන බව ධීවර ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා මාධ්‍ය හමුවකදී පැවැසීය. 24 December 2025
බන්ධනාගාර රැඳවියෙක් හදිසියේ මිය ගිහින් අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටි රැදවියෙකු හදිසියේ අසනීපව අගුණකොළපැලැස්ස රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අද (24) ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පැවසීය . 24 December 2025
මන්ද පෝෂණ දරුවන්ට යුනිසෙෆ් ලොකු තෑග්ගක් දෙයි දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් දරුවන්ගේ ක්ෂණික පෝෂණ අවශ්‍යතා සපුරාලීම සඳහා භාවිතා කිරීමට සූදානම් කළ BP-5 අතිරේක සංයුක්ත පෝෂණ ආහාර ඇසුරුම් 1500ක් යුනිසෙෆ් සංවිධානය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී බාර දුන්නේය. 24 December 2025
නිවාඩු කාලෙට අමතර කෝච්චි යොදවයි නත්තල් උත්සවය පාසල් නිවාඩුව සහ වසර අවසානයේ පවතින දීර්ඝ නිවාඩුව සලකා අමතර දුම්රිය ධාවනයට එක් කිරීමට සැලසුම් කර ඇතැයි දුම්රිය අධිකාරී (ගමනාගමන) G.D.A සමරසිංහ මහතා පවසයි. 24 December 2025
මැතිසබයේ නිවාඩුවෙන් කෝටි හතරක ලාභයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයට අයවැයෙන් පසු දීර්ඝ නිවාඩුවක් ලැබී ඇති හෙයින් එම කාල සීමාවේදී රුපියල් කෝටි හතරකට ආසන්න මුදලක් ඉතිරිවන බව ගණන් බලා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. 24 December 2025
මැතිසබේ ලොකු සද්ද මතුවන පිළිසකර කටයුතු අවසන් කරන්න නියෝග පාර්ලිමේන්තුවට නිවාඩු දී ඇති කාල සීමාවේදී ලොකුවට ශබ්දය මතුවන පිළිසකර කටයුතු සියල්ල අවසන් කරන්නැයි පාර්ලිමේන්තු ප්‍රධානීන් එහි ප්‍රතිසංස්කරණ කටයුතු භාරව කටයුතු කරන හමුදා නිලධාරීන්ට උපදෙස්දී ඇත. 24 December 2025
අම්බලන්ගොඩ කළමනාකරු ඝාතනයේ යතුරුපැදිය දමාගිය අය අත්අඩංගුවට අම්බන්ගොඩ ප්‍රසිද්ධ වෙළෙදසලක කළමනාකරුවකු ලෙස කටයුතු කළ හිරාන් කෝසල නොහොත් ‘සිංගර් කෝසල‘ නැමැත්තා ඝාතනය කිරීමට යොදාගත් යතුරුපැදිය අම්බලන්ගොඩ කුරුදුවත්ත, ආදාදොළ ප්‍රදේශයේ දමා ගිය බව කියන සැකකරු ඊයේ (23) අත්අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි. 24 December 2025
මත් සැකකරුවෝ 901ක් ’’රටම එකට’’ ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය වැරැදි වලට සම්බන්ධ සැකකරුවන් 901 ක් ඊයේ (23) කළ මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියයි. 24 December 2025
රට ගොඩනගන්න කොමර්ෂල් බැංකුවෙන් කෝටි 11ක් දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය සහ ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම සඳහා අරඹන ලද ‘Rebuilding Sri Lanka’ අරමුදලට කොමර්ෂල් බැංකුව රුපියල් කෝටි 11 මූල්‍ය පරිත්‍යාගයක් කළේය. 24 December 2025
කෝටි 14ක මත්ද්‍රව්‍ය සමඟ අයියා මලෝ මාට්ටු සුඛෝභෝගී හෝටල් කාමර සහ නිවාස කුලී පදනම මත ලබාගෙන මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු රුපියල් කෝටි 14 කට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි. 24 December 2025
මාවිල්ආරු තාවකාලික ප්‍රතිසංස්කරණය අරඹයි මාවිල් ආරු අමුණේ බැම්ම කැඩී ගිය ස්ථාන තාවකාලිකව සකස්කර 2025/26 මහා කන්නයට ජලය ලබාදීමට හැකි පරිදි තාවකාලික ප්‍රතිසංස්කරණ අද (24) ආරම්භ කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි . 24 December 2025
අද කාලගුණය මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 24 December 2025
මුහුදුබඩපත්තුව සභාවේ බලය ජාජබට ඉංලගෙයි තමිල්අරසු කච්චි පක්ෂයට පාලන බලය හිමිව තිබූ මුලතිව්, මුහුදුබඩපත්තුව ප්‍රාදේශීය සභාවේ නව සභාපතිනිය ලෙස ජාතික ජන බලවේගය නියෝජනය කළ ඉමක්කුලෙට්ට්‍රා පුෂ්පානන්දන් මහත්මිය වැඩි ඡන්දයෙන් තේරීපත්විය. 24 December 2025
හබරකඩ දෙදරු මවගේ මරණය සැකයි:සැමියා පොලිසි යයි ඩෙංගු රෝගය සදහා ප්‍රතිකාර ගැනීමට කොළඹ බෝවන රෝග විද්‍යාතනය හෙවත් අයි.ඩී.එච් රෝහලට ඇතුලත් වී සිටියදී ඉකුත් 11 දින මියගිය හෝමගම හබරකඩ පදිංචිව සිටි ශානිකා සමරපාල නැමැති 37 හැවිරිදි දෙදෙරු මවගේ මරණය බාල බෙහෙත් නිසා සිදු වූ මරණයක් බවට සැක කරන බැවින් ඒ පිලිබදව පරීක්ෂණක් පවත්වන ලෙස මියගිය කාන්තාවගේ සැමියා වි අතුරුගිරිය පොලිසියට පැමිණිල්ලක් කළේය. 24 December 2025
රැකියාවකට ආ තරුණයකු පැහැර ගෙන යන්න හදලා සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දීම සදහා අධිවේගී මාර්ගය ඔස්සේ මාකුඹුර ප්‍රදේශයට පැමිණි 18 හැවිරිදි තරුණයකු පැහැරගත් පුද්ගලයන් සිව් දෙනකු අත් අඩංගුවට ගත් බව හෝමගම මූලස්ථාන පොලිසිය පවසයි. 24 December 2025
සුළි කුණාටුවෙන් ලක්ෂ හතරකට රැකියා අහිමි වෙලා මෙරට ගංවතුර සහ නායයෑම් වූ ප්‍රදේශවල සේවය කළ ශ්‍රමිකයන් 3,74,000ක රැකියාවලට බලපෑම් එල්ල වී ඇතැයි ලෝක කම්කරු සංවිධානය නිකුත් කළ වාර්තාවක දැක්වේ. 24 December 2025
ඔරලෝසුවේ කටු කරකවා අය වැය සම්මත කරලා හොරණ නගර සභාවේ අයවැය දෙවන වර කියවීම නීති විරෝධී ලෙස සම්මත කර ඇතැයි කියමින් එහි විපක්ෂ මන්ත්‍රීවරුන් හත්දෙනා හොරණ මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව පොලිසිය කියයි. 24 December 2025
රට ගොඩ නගන්න චීනයෙනුත් පොරොන්දුවක් සෑම අවස්ථාවකම ශ්‍රී ලංකාවට අවශ්‍ය සහාය ලබා දීමට චීනය කටයුතු කරන බව චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන මධ්‍යම කාරක සභාවේ සාමාජික සහ Xizang ස්වයං පාලන කලාපයේ කොමියුනිස්ට් පක්ෂ කමිටුවේ ලේකම් වැන්ග් ජුන්ෂෙන්ග්( Wang Junzheng) මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවේ පැවසීය. 23 December 2025
දුම්රිය සමූපකාර සමිතියේ සභාපති ධූරය වීරකෝන්ට ඩබ්ලිව්.එම්.අයි.එස්.වීරකෝන් මහතා සීමාසහිත දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සහ ලිපිකරුවන්ගේ සමුපාකාර සකසුරුවම් ඉතිකිරීමේ සහ ණය දෙන සමිතියේ සභාපතිවරයා ලෙස අද (23) පත්විය. 23 December 2025
පොලිස්පති මාලිමා පොලිස්පති වෙලා වර්තමාන පොලිස්පතිවරයා හැසිරෙන්නේ රටේ පොලිස්පතිවරයා ලෙස නොව මාලිමාවේ පොලිස්පතිවරයා ලෙස බව පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය. 23 December 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026