
(අංජුල මහික වීරරත්න)
රජය සහ ජනාධිපතිතුමන් කෙරෙහි තමා තුළ පැවති විශ්වාසය සහ ගෞරවය එදා වගේම අංශු මාත්‍රයක්වත් අඩු නැතිව නොවෙනස්ව පවතින බව ප්‍රවීණ කිවියර ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ මහතා තනතුරෙන් ඉවත්වීම නිවේදනයය කරමින් පැවසීය.
මිනිසුන් වයසට යන විට ධාරිතාව අඩුවන බව කී රත්න ශ්‍රී විජේසිංහ මහතා තමා තනතුරෙන් ඉවත් වන්නේ වෙහෙස විඩාව තවත් දරා ගන්නට නොහැකි බව අවබෝධ වු නිසා යැයිද කීය.
තමා තනතුර දැරූ සමයේ නිර්මාණ ජීවිතය සම්පූර්ණයෙන්ම අඩාළ වූ හෙයින් දැන් තමාට විවේකය අවශ්‍ය යැයිද රත්න ශ්‍රී විජේසිංහ මහතා සඳහන් කළේය.
අගෝස්තු 1 වැනිදා සිට තනතුරෙන් ඉවත්වන බවට නිවේදනය කරමින් මාධ්‍යයට ප්‍රකාශයක් කළ රත්න ශ්‍රී විජේසිංහ මහතා මෙසේද සඳහන් කළේය.
ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපතිවරයා හැටියට මා පත් කරනු ලැබුවේ 2024 වසරේ දෙසැම්බර් මස 16 වැනිදායි.එතැන් සිට වසරකුත් මාස හතක කාලයක් මම අඛණ්ඩව ඒ තනතුරේ කටයුතු ආවරණය කළා.ඒ කාලයේ මගේ ශක්ති ප්‍රමාණයෙන් වැඩ කරගෙන ආවා.මගේ ධාරිතාව සහ පෞද්ගලික කායික ශක්තිය වෙහෙස විඩාව තවත් දරා ගන්නට නොහැකි බව මට අවබෝධ වුණා.එම පෞද්ගලික හේතුව නිසා මා අගෝස්තු 1 දා සිට තනතුරෙන් ඉවත් වීමට තීරණය කළා. එම ඉවත් වීමට වෙනත් කිසිම හේතුවක් බල නොපෑ බව ඉතා කාරුණිකව මතක් කරන්න කැමතියි.
මේ රජය සහ ජනාධිපතිතුමා කෙරෙහි මා තුළ පැවති විශ්වාසය සහ ගෞරවය එදා වගේම අංශු මාත්‍රයක්වත් අඩු නැතිව නොවෙනස්ව පවතින බව කිව යුතුයි. ඉදිරියටත් රජයේ සහ මෙම ආයතනයේ කටයුතු වලට මගේ ශක්ති ප්‍රමාණයෙන් උදව් පදව් කරන්න මා සූදානම්ව සිටින බව කිව යුතුයි.
මිනිස්සු වයසට යනකොට ඔවුන්ගේ ධාරිතාව පටු වෙනවා.ක්‍රය ශක්තිය අඩු වෙනවා.රටේ මිනිස්සු මම දන්නේ ලේඛකයෙක් සහ කවියෙක් හැටියට.ගත වූ කාලයේ මගේ නිර්මාණ ජීවිතය හුඟක් අඩාල වුණා.ඇත්තටම නිර්මාණ කෙරුණේම නැති තරම්. දැන් මට විවේකය අවශ්‍යයි.ඒ නිසා මම කිසිදු බැඳීමකට යටත් නොවී සාමාන්‍ය ජීවිතයට යන්න තීරණය කළා. මට වඩා ධාරිතාවයෙන් පුළුල් ශක්තිමත් හොඳ සභාපතිවරයෙක් පත් වේවි. ඔහුට අවශ්‍ය සියලු උදව් කරන්න මම සූදානම්.රජය ගෙනයන අති දැවැන්ත කාර්යයන්ට ඈත ඉඳන් මම සුබ පතනවා.අවශ්‍ය වූ විට ඔවුන්ට මගේ ශක්තිය පිරිනමන්න සූදානමින් සිටිනවා යනුවෙන්ද රත්න ශ්‍රී විජේසිංහ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd