විශේෂ අංක තහඩුවෙන් RMVයට කෝටි 118ක ආදායමක් මෝටර් වාහනවලට අංක ලක්ෂයක් ඉදිරියෙන් අැති විශේෂ අංක වෙන් කිරීමේන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වසර හතරක කාලයේදී රුපියල් කෝටි 118ක ආදායමක් උපයාගෙන ඇති බව එහි නිලධාරිහු රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට දැනුම් දුන්හ. 23 April 2026
අංක තහඩු නැති වාහන ලක්ෂ 4ක් පාරේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් අංක තහඩු නිකුත් කිරීම ප්‍රමාදවීම හේතුවෙන් වාහන හාර ලක්ෂ දහතුන් දහසක් පමණ නිසි අංක තහඩු නොමැතිව මහමග ධාවනය කෙරෙන බව රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අනාවරණය විය. 23 April 2026
ඉන්දියාවට ගෙවන මුදලකටත් හැකරුන් විදින්න හදලා ඉන්දියාවට ගෙවිය යුතු ණය මුදලක්ද ’’හැකර්වරුන්’’ අත්පත් කර ගැනීමට උත්සාහ දරා ඇති බවට තොරතුරු හෙළිවී යැයි මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පැවසීය. 23 April 2026
ක්‍රීඩා ඇමතිට රුසියාවෙන් ආරාධනයක් ශ්‍රී ලංකාවේ රුසියා තානාපති ලෙවන් එස්. ජගාරියන් සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහත්වරුන් අතර නිල හමුවක් අමාත්‍යාංශ පරිශ්‍රයේදී අද(23) පැවැත්විණි. 23 April 2026
සෞඛ්‍ය ඩිජිටල් කරන්න මූලික අඩියක් තබයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් පවත්වන ලද විශේෂ පරිගණක පුහුණු පාඨමාලාව සාර්ථකව නිමකරන ලද සිය දෙනෙකුට සහතිකපත් ප්රදානය කිරීම සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි. 23 April 2026
රාජ්‍ය බුද්ධි සේවයේ PC අයිස් එක්ක අත්අඩංගුවට අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගත් රාජ්‍ය බුද්ධි සේවාවාට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයකු මීගහවත්ත, ගල්වෙල්ල පාලම අසලදී ඊයේ (22) අත්අඩංගුවට ගත්බව මීගහතැන්න පොලිසිය පවසයි. 23 April 2026
පුතාගේ පහරදීමෙන් පියා මරුට පුතෙකු කළ පහර දීමකින් පියකු බරපතල තුවාල ලබා ආණමඩුව මූලික රෝහලට ඇතුලත් කර සිටියදී මරණයට පත්ව ඇති බව ආණමඩුව පොලිසිය කියයි. 23 April 2026
විද්‍යා තාක්ෂණ අමාත්‍යංශය තායිලන්තය එක්ක ගිවිසුමක් විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සහ තායිලන්තයේ ආසියානු තාක්ෂණ ආයතනය (AIT) අතර විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්රයේ සංවර්ධනය වෙනුවෙන් අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරිණි. 23 April 2026
රත්නපුර ගින්නෙන් කඩ 90කට හානි රත්නපුර පොල සංකීර්ණයේ අද අලුයම ඇතිවූ ගින්නකින් කඩ කාමර 90කට ආසන්න ප්‍රමණයක් විනාශ වී ඇතැයි රත්නපුර පොලිසිය පවසයි. 23 April 2026
මුළු කැබිනෙට්ටුවම ගෙදර යා යුතුයි ගල් අඟුරු වංචාවේ වගකීම බාරගෙන මුළු කැබිනට් මණ්ඩලයම ඉල්ලා අස්විය යුතු බව මහාචාර්ය ජී.එල් පීරිස් මහතා මාධ්‍ය හමුවකදී අද (23) පැවසීය. 23 April 2026
පා ගමනේ ආ හිමි නමක් රෝගී වෙති ’’ඒහිපස්සිකෝ’’ සාම පා ගමන සඳහා සහභාගී වෙමින් සිටි ඇමරිකානු භික්ෂූන් වහන්සේ නමක් හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් මාතලේ දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කළ බව මාතලේ දිස්ත්‍රික් මහා රෝහල් අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය සුසන්ත ප්‍රනාන්දු මහතා පවසයි. 23 April 2026
රට විරුවන්ගෙන් ලැබෙන සල්ලි සියයට 27කින් ඉහළට මේ වසරේ පළමු කාර්තුවේදී විගමනික ශ්‍රමිකයන් විසින් මෙරටට එවූ ප්‍රේෂණ ප්‍රමාණය පසුගිය වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව සියයට 26.5 කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුත්ති කාර්යාංශය සඳහන් කරයි. 23 April 2026
ණය ගෙවන්න තිබිච්ච සල්ලි ගියේ කාගේ ගිණුමටද? ණය ගෙවන්නට තිබූ ඩොලර් මිලියන 2.5ක් ගියේ කාගේ ගිණුමකටද යැයි ජනාධිපතිවරයා කිව යුතු බව පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 23 April 2026
ළිඳකට වැටී පුද්ගලයෙක් මරුට තෙලිප්පලේ අලවෙඩ්ඩි ප්‍රදේශයේ අඩි පාරක් දිගේ ගමන් කළ පුද්ගලයකු ලිඳකට වැටී ඊයේ (22) රාත්‍රී මියගොස් ඇති බව තෙලිප්පලේ පොලිසිය පවසයි. 23 April 2026
තමිල්නාඩු - බෙංගාල මැතිවරණ ආරම්භ වෙයි තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණය සහ බටහිර බෙංගාල ප්‍රාන්ත සභා මැතිවරණය අද (23) ආරම්භ විය. තමිල්නාඩුව මෙන්ම බටහිර බෙංගාලය ද ඉන්දියාවේ ප්‍රධාන ප්‍රාන්ත දෙකක් වන අතර මේ වනවිට එම ප්‍රාන්තවල බලය ඇත්තේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය සතුව නොවෙයි. 23 April 2026
ඇමෙරිකා නාවික හමුදා ලේකම් ඉල්ලා අස්වෙයි ඇමෙරිකා නාවික හමුදා ලේකම් ජෝන් ෆීලන් සිය රාජකාරිවලින් ඉල්ලා අස්වී ඇතැයි ඇමෙරිකන් යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය නිවේදනය කළේය. 23 April 2026
ඉදිරි පැය 72 ඇතුළත සාම කතා ඇරැඹේවි ඉදිරි පැය 72 ඇතුළත, ඇමෙරිකාව සහ ඉරානය අතරේ දෙවැනි වටයේ සාම කතා ආරම්භ වනු ඇතැයි තමන් විශ්වාස කරන බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. 23 April 2026
රූපවාහිනී බලපත් කොන්දේසි කැඩුවොත් පරීක්ෂණ කරනවා රූපවාහිනී නාලිකා බලපත් කොන්දේසි කැඩුවොත් ඒ සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශය පරීක්ෂණ ආරම්භ කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා අද (22)පැවසීය. 23 April 2026
කිසි ලෙසකින් විදුලි කප්පාදුවකට යන්නේ නෑ කිසිසේත් විදුලි කප්පාදුවකට යාමට රජය සූදානම් නැතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා අද (22) පැවසීය. 23 April 2026
සාමයේ පාගමනේ තෙවැනි දිනය අදයි ‘එහිපස්සිකෝ‘ සාමයේ පා ගමනේ තෙවැනි දිනය අද (23) ඓතිහාසික මාතලේ අලුවිහාරයේ රජමහා විහාර පරිශ්‍රයෙන් ඇරඹිණි. අද දිනයේදී සාම පාගමන ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාව බලා පිටත්වේ 23 April 2026
ක්‍රිකට් රැක ගන්න හරි වෙලාවට තීන්දු ගන්නවා රටේ ජනතාව ක්‍රිකට් වලට දක්වන ආදරය ආරක්ෂා කරගෙන එය සංවර්ධනය කර ගැනීමට අදාල තීන්දු අවශ්‍ය මොහොතේදී රජය විසින් ගැනෙනු ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා අද (22)පැවැසීය. 22 April 2026
පාස්කු කොමිෂන් නිර්දේශ ක්‍රියාත්මක කරන්න කමිටුවක් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාව සහ එවකට ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් ලබා දී ඇති වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කමිටුවක් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත 22 April 2026
කන්ටේනර් කමිටුවට ජනපති බිමල් කැදවන යෝජනාව විසිවෙයි බහාලුම් 323ක් පරීක්ෂාවකින් තොරව කොළඹ වරායෙන් පිට කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයා බැලෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අද (22) රැස්වූ අවස්ථාවේදී ඇතිවූ විවිධ වාද විවාද හේතුවෙන් එහි උණුසුම් තත්වයක් ඇතිවිය. 22 April 2026
පොලිසියේ දිනක වැටුප රට නගන්න දෙයි දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජීවිත නගාසිටුවීමට සහ ආපදාවට ලක් වූ රට යළි ගොඩනැගීම සඳහා ආරම්භ කළ ‘Rebuilding Sri Lanka’ අරමුදලට පොලිස් නිලධාරින් විසින් සිය දිනක වැටුපෙන් රුපියල් 9,687,462ක මුදලක් පරිත්‍යාග කරන ලදී. 22 April 2026
දිට්වා ලක්ෂ පහේ වන්දිය මැයි මාසේ අවසන් වෙන්න පෙර ගෙවයි දිට්වා සුළි කුණාටුවෙන් අර්ධ හානියට පත් නිවාස සඳහා වන රුපියල් ලක්ෂ පහක වන්දි මුදල මැයි මස අවසන් වීමට පෙර ගෙවා නිම කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 22 April 2026
ඕස්ට්‍රේලියා ණය වාරිකය ගැන විමර්ශණයක් ඕස්ට්‍රේලියා ණය වාරිකයක් ලෙස ගෙවූ ඩොලර් මිලියන 2.5 ක් හෙවත් රුපියල් ලක්ෂ 8,000 කට අධික මුදලක් අස්ථානගතවීමේ සිද්ධිය පිළිබඳව පරීක්ෂා කිරීමට මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරුන් දෙදෙනකුගෙන් යුත් සාමාජිකයන් පස්දෙනකුගේ තාක්ෂණික කමිටුවක් පත්කළ බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 22 April 2026
පී.සී වෙඩි තබා ඝාතනය කළැයි වසර18 කට පසු මරණ දඩුවම වැටලීමකට ගිය බද්දෙගම පොලීසියේ පොලිස් කොස්තාපල්වරයෙක් වෙඩි තබා ඝාතනය කළේ යයි චෝදනා ලැබූ විත්තිකරුවන් සිව් දෙනාගෙන් සිව් වැනි විත්තිකරුට මරණ දඩුවමත් අනෙක් විත්තිකරුවන් තිදෙනා නිදොස් කොට නිදහස් කරන ලෙසත් වසර 18 ක දීර්ඝ නඩු විභගයකින් අනතුරුව බලපිටිය මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත මහතා අද(22) පස්වරුවේදී නියෝග කළේය. 22 April 2026
ගලඅඟුරු කොමිසම වැඩ අරඔයි සියලු ගලඅඟුරු ගනුදෙනු විමර්ශනයට පත් කෙරැණු ජනාධිපති කොමිෂන් සභාවේ කටයුතු අද (22) ආරම්භ කෙරිණ 22 April 2026
උසස් පෙළ සිසුන්ට පාසලේ දී තියුණු ආයුදයක් පෙන්නලා පන්නිපිටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලකට එහි තාප්පයෙන් පැන නීති විරෝධී ලෙස ඇතුලු වී පාසලේ සිට් උසස් පෙළ සිසුන් දෙදෙනකුගේ ගෙලට තියුණු ආයුධයක් තබා මරණ තර්ජනය කර ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි. 22 April 2026
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026