
(ඩී.ඒ.පතිරණ)
මාතර ගාලු පාරේ හරිස්චන්ද්‍ර ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට පිහිටි ප්ලාස්ටික් භාණ්ඩ අලෙවිසලක අද (29) දින හදිසියේ ඇති වූ ගින්නක් හේතුවෙන් එම වෙළදසැලට දැඩි හානි සිදුව තිබුණි.
මෙම ගින්න හටගෙන තිබුනේ අද (29) දින පස්වරුවේ වන අතර පොහොය දිනය හේතුවෙන් වෙළදසල වසා තිබුණි.ගින්න යාබද වෙළදසල් වලටද පැතිරී තිබූ අතර මාතර මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය,යුධ හමුදාව,පොලීසිය එක්ව අද පස්වරුව වන විට ගින්න සම්පූර්ණයෙන්ම නිවා දැමීමට පියවර ගෙන තිබුණි.
ගින්න නැරඹීම සඳහා විශාල පිරිසක් මාර්ගය දෙපස රැස්වීමත් සමඟ ගාලු පාරේ ගමනාගමනයට දැඩි බාධා එල්ල වී තිබූණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd