
(සුජිත් හේවාජුලිගේ)
උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්රාම යාමේ කාලය දීර්ඝ කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සිය කණගාටුව පළ කිරීමටත්, ඊට එරෙහිව ශ්රී ලංකා නීතිඥ සංගමය ගනු ලබන ඕනෑම ඉදිරි පියවරකට පූර්ණ සහයෝගය ලබා දීමටත් ගල්කිස්ස නීතිඥ සංගමය තීරණය කර ඇත.
මෙම තීරණය ගෙන අැත්තේ පසුගිය 22 වැනිදා පැවැත්වුණු ගල්කිස්ස නීතිඥ සංගමයේ විශේෂ මහ සභා රැස්වීමේදීය
උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්රාම යාමේ කාලය මෙලෙස දීර්ඝ කිරීමෙන් අධිකරණයේ ස්වාධීනත්වයට මෙන්ම අධිකරණය කෙරෙහි ජනතාව තුළ පවතින විශ්වාසනීයත්වයට ද බරපතළ හානියක් සිදුවිය හැකි බව එම රැස්වීමට පැමිණි සියලුම සාමාජිකයින්ගේ මතයවී ඇත
ඒ අනුව, මෙම තීරණයට එරෙහිව ඒකමතිකව යෝජනාවක් සම්මත කරගෙන ඇති ගල්කිස්ස නීතිඥ සංගමය, ඒ පිළිබඳව ශ්රී ලංකා නීතිඥ සංගමයේ ලේකම්වරයා වෙත නිල වශයෙන් දැනුම් දී ඇත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ ... මේ ජනතා ඡන්දෙන් පත්වෙච්ච අයනේ. හරිම වැදගත්කමක් තියෙනවා මේ අයගේ මතයේ.
අපරාධකරුවෝ බයවෙලා තියෙන තරම.
මේ හේතු කිසිවක් නොවේ. බඩගෝස්තරේ බේරගන්න
ඊයෙ මහසංගමයේ රැස්විමට ආවෙ 600 ක් විතර ලංකාව පුරා ඉන්නව නිතිඤ්ඤයො 26000 විතර, මේ 600 ම මෙයට විරුද්ද වුනත් තව 25000 කට වැඩිය ඉන්නව මෙයට පක්ෂව
ආණ්ඩුව රටේ ගොඩගැහිලා පවතින නඩු විසදන්න ක්රියා මාර්ග ගන්න විට අපරාධ දූෂණය වංචා මිනිමැරුම් වලින් බඩ වියත රැකගත් කළු කෝට් කල්ලිය කොයි තරම් කළබල වෙලාද කියලා පෙනෙනවා මොවුන්ගේ මේ හැසිරීමෙන් !
ඊයේ නිතිඥ්ඤ සංගමයෙ රැස්විමට ඇවිල්ල තියෙන්නෙ 600 ක් විතර බොහෝ්විට ස ජ බෙ , පොහොට්ටුවෙ අය. නිතිඤ්ඤ සංගමයෙ සාමාජිකයො 14000 විතර ඉන්නව, රටේම නිඤ්ඤයො 26000 විතර ඉන්නව. මේ විදියට බලන කොට රටේම ඉන්න නිතිඤ්ඤයන්ගෙන් 90% කටත් වඩා, විනිශ්චය කරුවන්ගේ සේවා කාලය දීර්ඝ කරනවට කැමතියි.