‘‘සංස්කෘතියට අත නොතැබිය යුතුයි‘‘ මෙරට සංස්කෘතියට කිසිදු දේශපාලනයෙකු අත නොතැබිය යුතු බවත්, සියලු දේශපාලඥයන් ඔවුන්ට අයිති වූ කාර්යයන් කරනවා මිස අයිති නැති කාර්යයන් නොකළ යුතු බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. 21 December 2025
තලාව සභාවට අතුරු තහනමක් තලාව ප්‍රාද්ශීය සභාව යටතේ පාලනය වන වෙළෙද සල්වල දශක තුනකට අධික කාලයක් නීත්‍යනුකූලව රැදී සිටින වෙළෙදුන් 26 දෙනකු එම වෙළෙදසල්වලින් නෙරපා හැරීමට තලාව ප්‍රාදේශීය සභාව ගෙන ඇති තීරණයක් අභියෝගයට ලක් කරමින් එම තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ජ්‍යෙෂ්ඨ නීතිඥ අනුරුද්ධ විජයරත්න මහතා අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලූ අනුරාධපුර මහාධිකරණ විනිසුරු අනුෂ්ක සෙනෙවිරත්න මහතා පෙත්සම්කාර වෙළෙදුන් නෙරපා හැරීමට තලාව ප්‍රදේශීය සභාව ගෙන ඇති තීරණය අත්හිටුවමින් අතුරු තහන 21 December 2025
ඔන්ඩැන්සෙට්‍රෝන් එන්නතේ ගැන මව් සමාගමෙන් ලිපියක් භාවිතයෙන් ඉවත්කළ ඔන්ඩැන්සෙට්‍රෝන් එන්නතේ අදාළ කාණ්ඩ වහාම ජාත්‍යන්තර වශයෙන් පිළිගත් පර්යේෂණාගාරයක් වෙත යොමුකර පරීක්ෂා කරන ලෙස එන්නත නිෂ්පාදනය කළ මාන් ඖෂධ සමාගම ලිපියක් මාර්ගයෙන් දැනුම් දී තිබෙන බව ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ප්‍රකාශ කළේය. 21 December 2025
මිරිස්සෙන් මුහුදු ගිය ධීවරයෝ පහක් අතුරුදන් රැකියාව සදහා මුහුදු ගිය “ඉදුරංගී 01” බහුදින යාත්‍රාව ධීවරයන් පස් දෙනකු සමග මහ මුහුද මැද දී අතුරුදන්ව ඇති බවට එම ධීවරයන්ගේ ඥාතීන් වැලිගම මූලස්ථාන පොලීසිය වෙත පැමීණිලි කර ඇත. 21 December 2025
සොහොන් පිට්ටනිය නාය ගිහින් මාසයයි:තවමත් මිනී පාර දිගේ දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ අධික වර්ෂාවත් හේතුවෙන් ගම්පොල දුනුකේඋල්ල ප්‍රධාන මාර්ගයේ ඉහළගම සොහොන් පිටිය ද නාය යාමට ලක්ව එහි වල දමා තිබු මිනී පෙට්ටි සමග මළ මිණි මාර්ගයට පැමිණ දැනට මාසයක් ගතවී ඇතත් එම මීනි ඉවත් කිරීමට බලධාරින් මැදිහත් වී නැතැයි ගම්වාසීහු චෝදනා එල්ල කරති. 21 December 2025
වෙනිසියුලා තවත් තෙල් නැවක් ඇමෙරිකා බාරයට වෙනිසියුලාවෙන් ගමන් ඇරැඹු තවත් ඉන්ධන ප්‍රවාහන නෞකාව ඇමෙරිකානු හමුදා සිය බාරයට ගෙන ඇත. 21 December 2025
ඊලෝන් මස්ක් වාර්තාවකට සැරසෙයි ලොව ධනවත්ම පුද්ගලයා වන ඊලෝන් මස්ක්ගේ පුද්ගලික ධනස්කන්දය ඇමෙරිකානු ඩොලර් බිලියන 750 ට ආසන්න වී ඇතැයි පැවසෙයි. 21 December 2025
ජලාශ 36ක් උතුරයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතුව පාලනය වන ප්‍රධාන වැව් 73න් ජලාශ 36ක් තවදුරටත් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. 21 December 2025
යාපනය තිස්ස විහාරය ඉදිරිපිට නොසන්සුන් :5ක් අත්අඩංගුවට යාපනය, කන්කසන්තුරය, තිස්ස රාජමහ විහාරය ඉවත්කර එහි ඉඩම් සිවිල් ජනතාවට ලබාදෙන ලෙස විහාරස්ථානය ඉදිරිපිට පැවති විරෝධතාවක් අතරතුර නොසන්සුන්ව හැසිරුණු විරෝධතාකරුවන් පස්දෙනකු අද (21) අත්අඩංගුවටගත් බව පලාලි පොලිසිය කියයි. 21 December 2025
තායිපේ දුම්රිය ස්ථානයේ ප්‍රහාරයක් තායිවානයේ තායිපේ අගනුවර දුම්රිය ස්ථානයක සිදුවූ පිහි ඇනුමකින් සහ දුම් බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් තිදෙනකු ජිවිතක්ෂයට පත්ව ඇතැයි පැවැසෙයි. 21 December 2025
දකුණු අප්‍රිකාවේ වෙඩි තැබීමක් දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නගරය ආසන්නයේ මත්පැන් අලෙවිසැලක් අසල සිදුවූ වෙඩි තැබීමකින් 9 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 21 December 2025
නාය ගිය පෙදෙස් වල පාසල් වෙන තැන් වලට නාය යාම් සිදුවූ පෙදෙස් ආශ්රිත පාසල් වෙනත් සුදුසු ස්ථානයක ස්ථානගත කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී තිබෙන බව අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය මෙනවිය කීවාය. 21 December 2025
කෙරවලපිටිය අන්තර්හුවමාරුවේ ගාස්තු ගැටය ලිහයි කොළඹ පිටත අධිවේගී මාර්ගයේ කෙළවර පිටිය අන්තර් හුවමාරුවේ වසර 10 ක සිට මේ දක්වා පැවතිි ප්‍රවේශපත් නිකුත් කිරීමේ ක්‍රමවේදය අධිවේගී මාර්ගය භාවිතා කරන්නන්ගේ පහසුව සඳහා අද (22) දහවල් 12 සිට වෙනස් කිරීමට සැලසුම් කර ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් විමල් කණ්ඩම්බි මහතා පැවසීය. 21 December 2025
තිස්ස විහාරය අසල කලබල කළ පස් දෙනෙක් අතඅඩංගුවට යාපනය, කන්කසන්තුරය, තිස්ස රාජමහ විහාරය ඉවත්කර එහි ඉඩම් සිවිල් ජනතාවට ලබාදෙන ලෙස විහාරස්ථානය ඉදිරිපිට පැවති විරෝධතාවක් අතරතුර නොසන්සුන්ව හැසිරුණු විරෝධතාකරුවන් පස්දෙනකු අත්අඩංගුවටගත් බව පලාලි පොලිසිය කියයි. 21 December 2025
කවුරුත් පැවරුණු වගකීම් කළොත් මව්බිම නිර්මාණය කළ හැකියි රටක් ලෙස ඉදිරියට යා හැක්කේ එකිනෙකාට එරෙහිව සැකයෙන් සහ අවිශ්වාසයෙන් බැලීමෙන් නොව සියලුදෙනා තමන් වෙත පැවරී ඇති වගකීම් ඉටු කිරීමෙන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 21 December 2025
කිඹුලකු මසට මැරුවාට ලක්ෂ තුනක දඩ දැඩි ලෙස ආරක්ෂිත උරග සතකු වන කිඹුලකු ගල්කිරියාගමදී මරා මස් කර සන්තකයේ තබා ගත් බවට අධිකරණය හමුවේ වරද පිළිගත් සැකකරුවකුට සහ එකී වරදට ආධාර අනුබල දුන් බවට චෝදනා ලබා සිටි සැකකරුවන් සිව් දෙනකුට මුදලින් රුපියල් තුන් ලක්ෂ විසි දහසක දඩයක් කැකිරාව මහේස්ත්‍රාත් උදාරි ගුණසේකර මහත්මිය නියම කළාය. 21 December 2025
මෝටර් රිය කොල්ලකෑමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අල්ලයි කහතුඩුව මහවංගුව ආසන්නයේදී රියදුරුට කැත්තකින් පහරදී තුවාල සිදුකර කොල්ලකෑ රුපියල් කෝටියක් පමණ වටිනා සුඛෝභෝගී මෝටර් රථය කොල්ලකෑමේ ප්‍රධාන සැකකරු සහ ඊට ආධාර අනුබල දුන් ප්‍රධාන සැකකරුගේ අනියම් බිරිඳ සහ තවත් පුද්ගලයෙකු රුපියල් ලක්ෂ 4 ක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත් අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි.එම ප්‍රධාන සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 15 ක් හා සැකකාරිය සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 11 ක් ප 21 December 2025
වැඩ තහනම් වූ පීසී කෝටි 8ක මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු කරන්දෙණිය තුනේ කණුව ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ රුපියල් කෝටි අටක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ වැඩතහනම් කළ පොලිස් කොස්තාපල්වරයෙක් අද(21) දහවල් සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත් අඩංගුවට ගත් බව ඇල්පිටිය කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය කියයි 21 December 2025
විපතට පත් මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට විසඳුම් දෙන පාටක් නෑ ගොවි බිම්,ගේ දොර අහිමි වූ මිනිසුන්ට කථා බහ කර ඔවුන්ගේ ප්‍රශ්න වලට සාර්ථක විසඳුමක් දීමට ආණ්ඩුවට උවමනාවක් නැතැයි පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය. 21 December 2025
ලංකාව බටහිර -සම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම එක් කරන වෑයමක බටහිර සහ සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව ඒකාබද්ධ කිරීම සඳහා ලංකාවේ ක්‍රමවත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 21 December 2025
අ’පුර- කන්කසන්තුරය කෝච්චි හෙට ඉදන් යන හැටි උතුරු දුම්රිය මාර්ගයේ කන්කසන්තරය- අනුරාධපුර අතර දුම්රිය ධාවනය හෙට (22)සිට නැවත ඇරැඹීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා දුම්රිය සේවය නිවේදනයක් නිකුත් කර තිබේ. 21 December 2025
කලාඔයේ ගිලී දෙදරු පියා අතුරුදන් කළාඔයේ දිය නෑමට ගිය 62 හැවිරිදි දෙදරු පියෙකු දියේ ගිලී අතුරුදන්ව ඇතැයි හුරීගස්වැව පොලිසිය කියයි. 21 December 2025
රට ගොඩනගන්න සංගම් දෙකකින් ලක්ෂ 28.5ක් දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ අරමුදලට බහාලුම් ප්‍රවාහන හිමියන්ගේ සංගමය රුපියල් ලක්ෂ 15ක් සහ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ බලපත්‍රලාභී ගුවන් යානා ඉංජිනේරුවන්ගේ සංගමය රුපියල් ලක්ෂ 13.5ක මූල්‍ය පරිත්‍යාගයක් කළේය. 21 December 2025
ආපදාවෙන් කැඩුණු හිත් හදන්න බලකායක් හදයි දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත්වූවන්ගේ මානසික සුවතාවය ඉහළ නැංවීමේ අරමුණින් ආරම්භ කළ ‘Beyond Recovery’ නව වැඩසටහන යටතේ රාජ්‍ය නිලධාරීන් පුහුණු කිරීමේ මූලික වැඩමුළුව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. 21 December 2025
සහන දීමනා දෙකක් 31ට පෙර ගෙවන්නැයි නියෝග නිවාස පිරිසිදු කර ගැනීම සඳහා වන රුපියල් 25,000 සහ ගෘහ උපකරණ මිලදී ගැනීමට අදාල රුපියල් 50,000ක දීමනාව මෙම දෙසැම්බර් 31 දිනට පෙර ජනතාවට දෙන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 21 December 2025
වැසිකිළි වළකට වැටී දරුවෙක් මරුට අරලගංවිල කන්දේගම ගම්මානයේ අසල ගෙවත්තක වතුර පිරී තිබූ වැසිකිළි වළකට වැටිමෙන් අවුරුදු දෙකක පිරිමි දරු වෙකු මියගොස් ඇති බවයි අරලගංවිල පොලිසිය කියයි. 21 December 2025
ටිපර් රියදුරු ඝාතන සිද්ධියේ 5 දෙනා රිමාන්ඩ් පොළොන්නරුව මනම්පිටිය ප්‍රදේශයේදී ටිපර් රථයක් පැහැරගෙන රියැදුරු ඝාතනය කිරීමේ චෝදනාවට සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනා, මනම්පිටිය පොලිසිය මගින් පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් මේ මස 29 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මනම්පිටිය මහේස්ත්‍රාත් දිසා විනිසුරු, එරන්දි වික්‍රමසිංහ මහත්මිය නියෝග කළාය. 21 December 2025
අද වහින තැන් නැගෙනහිර,ඌව සහ මධ්‍යම පළාත්වලත් පොලොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 21 December 2025
කල්පිටිය ග්‍රාම නිලධාරිහු ආපදා රාජකාරිවලින් ඉවත්වෙති කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත සියලු ග්‍රාම නිළධාරීවරුන් අද සිට, ආපදා සහන රාජකාරී කටයුතු වලින් ඉවත් වන බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිළධාරී සංගමයේ කල්පිටිය ශාඛාව, කල්පිටිය වැඩ බලන සහකාර ප්‍රාදේශීය ලේකම් සන්ධ්‍යා ප්‍රියදර්ශණී මහත්මියට ලිඛිතව දැනුම් දී ඇත. 20 December 2025
බඹර ප්‍රහාරයකින් අයෙක් මරුට : 7 ක් රෝහලේ අද සවස තලාතුඔය කෝන්ගහකොටුව ප්‍රදේශයේදී පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරයකින් එක් අයෙකු මියගොස් ඇති අතර තවත් හත්දෙනෙකු ප්‍රතිකාර සඳහා තලාතුඔය ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කර ඇත. 20 December 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026