
(අංජුල මහික වීරරත්න)
විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීමේ තීරණය හරිද?වැරදිද? කියා විනිශ්චය කිරීමට ජනතා අධිකරණයට බාරදිය යුතු බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මාධ්‍ය හමුවකදී පැවසීය.
ශ්‍රේෂ්ඨාධිකරණයේ වැඩ කටයුතු වලට බ්‍රිතාන්‍ය කිරීටය වත් ඇඟිලි නොගැසූ බවද පීරිස් මහතා කීය.
කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැති මෙම මාධ්‍ය හමුවේදී වැඩි දුරටත් අදහස් දැක්වූ ජී.එල් පීරිස් මහතා:-
ඒ කාලයේ පවා බ්‍රිතාන්‍ය කිරීටය නියෝජනය කරපු ආණ්ඩුකාරතුමා කිසිම විදියකට ශ්‍රේෂ්ඨාධිකරණයේ වැඩකටයුතු සම්බන්ධයෙන් අත පෙවීමට උත්සාහ දැරුවේ නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයේ ගරුත්වයට හා ස්වාධීනත්වයට සම්පූර්ණ සැලකිල්ල දැක්වූවා.
හැබැයි අද අවාසනාවකට මෙන්, ශ්‍රේෂ්ඨාධිකරණය තමන්ගේ ග්‍රහණයට නතු කර ගැනීමට වර්තමාන රජය උත්සාහ දරනවා.දේශපාලන හස්තයක් මාර්ගයෙන් අධිකරණයේ කටයුතු හැසිරවීමට සැලසුම් සහගත විධිමත් උත්සාහයක් ගන්නා බව තමයි අද අපි ඇස් පනාපිට දකින්නේ. ඒක කිසිසේත් අතිශයෝක්තියක් නෙවෙයි.
පෙර අපර දිග සියලුම නීති පද්ධති ඉතිහාසයේ ආරම්භයේ සිට ගරු කරපු එක මූලධර්මයක් තියෙනවා. ඒ තමයි තමන්ගේම නඩුව තමන්ට අහන්න බැරිය කියන ප්‍රතිපත්තිය. ඒ කියන්නේ විනිශ්චයකාරවරයෙකුට යම්කිසි බැඳීමක් තියෙනවා නම්, එවන් අවස්ථාවකදී නඩුව අහන්න සදාචාරාත්මක හෝ නීතිමය අයිතියක් නැහැ යනුවෙන් ද ජී.එල්.පීරිස් මහතා පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙට මෙහෙට පැන පැන ඇමතිකම් අරගෙන තමුන් කියපු කරපුවා දන්නෝ හොන්දාකාරවම දන්නවා.බලලෝබි දූෂිත දේසපාලුවන්ට නම් වයස ප්‍රස්නයක් නැහැ.
ජනතා අධිකරනය තම බලය මේ රජයට දුන්නෙ 2024 සැප්තැම්බර් 21 අනුර කුමාර ජනපති කරල, ඒ අනුව ජනතා අධිකරනය බලා ඉන්නෙ අනුර කුමාර එම බලය පාවිච්චි කරන කන් , එහි එක දිගුවකු විනිශ්ච කාරවරුනිගේ සේවා කාලය දික්කිරිම .
රජය කරන්නෙ ජනතා අධිකරනය දුන්න බලය පාවිච්චි කරන එක , ඒ ගැන විවාදයක් නැ
කවුද මේ කියන තක්කඩි හොරු රැල, අද එකෙකුට අධිකරනය දුන්න අවුරුදු 1, 1/2ට වැලිකඩ ලගින්න, ඇපිල් කලත් ඕකමයි උත්තරේ
විනිසුරුවන්ගෙ. කාලය ෆ්හික් කරන. එක ජනතාව ෆ්හැනුවත් කර ඉන්න ඕන. කම්බහොරු රටකාලා. වනසලා ගියේ එහෙම උන්ට මේ විසුරුවරුන්ගෙ කාලය අවශ්‍ය බව දැනුවත් කෙරුවම ජනතාව එකපයින් කැමති. හොරු කැමති නැහැ මිනිමරුවො. කැමති නැහැ මේ සේරම. පැරදිලා ගෙදර ගිය නෆේ ඉන්නවා. නාමල් බේබි. නාකිමයිනගෙ සිය පව්ලම මීට විරුද්දයි. මේ 80. පැනපු නඩේ එලවන්න පලමුව. රටට වැෆක් නැති නාකි පරාන. 1942. හිටපු ම්ක්නිස්සු නෙමෙ දැන් ඉන්නෙ ඒකාලෙට ඔබින ගත්තු තීරන දැන් හරි යන්නෙ නැහැ. නමුත් ඒකාලේ මේ විෆ්හියට හොරා කෑවානම්. වෙෆිතිය්ස්ලා හරි වන්ගෙෆියේ දමා කොටන්න හටි. නිතිය අනකරනවා. දැන් තමයි නලවන්නෙ
අයේ ජනතාවගෙන් මොනවද අහන්නේ. 159 පත්කලේ මේවගේ නිර්භීත හරි තීරන ගන්න තමයි. මේවගේ තීරන නොගතහොත් තමයි ඊලග පාර අපි ආණ්ඩුව ගෙදර යවන්නේ. උබේ වයස කීයද ?
මේ පරඬැල් මහාචාර්ය ලොක්කට අමතක වෙන ලෙඩේ හැදිල. හිටපු අගවිනිසුරුවරිය පාර්ලිමේන්තුවට ගෙන්නා නිග්‍රහ කරල සේවය නැවතුව මතක නැතිව ගිහිල්ලද?
ජනතා අධිකරණය තමයි දැන් ක්‍රියාත්මක වෙන්නේ,, ජනතාව තමයි ආණ්ඩුවට සහ නීති පද්ධතියට බල කරන්නේ ඉක්මනින් දූෂිතයන්ට රට බන්කොලොත් කරපු පාහරයන්ට ඉක්මනින් දඩුවම් දෙන්න කියලා,, ලැජ්ජා නැතිව ආයෙත් චංද වලට යන්න හදනවා,,මතකද කලින් චංදයෙන් වෙච්ච දේ??තුනට දෙකට බැස්සුවා ඊළග චන්දයෙදී තුනත් නැතිවෙනවා දෙකත් නැතිවෙනවා,, දැන් ඔය දගලන්නෙ තුනයි දෙකයි තියෙන හින්දා ඊළග චන්දයෙදී ඕකත් නැතිව පුස්සො වගේ තමයි ඉන්න වෙන්නෙ