(රංජන් කස්තුරි)

මත්පැන් නිෂ්පාදන සදහා මෙතෙක් ගණනය කළ අපතේ යන මධ්‍යසාර ප්‍රමාණය සියයට 1.5 සිට සියයට 0.1 දක්වා අඩු කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව ගත් නව තීරණයට මෙරට මත්පැන් නිෂ්පාදන සමාගම් දැඩි විරෝධය පළ කර තිබේ.

එම සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දන්වා ඇත්තේ නව නීතිය හේතුවෙන් තම සමාගම් විසින් ගෙවිය යුතු බදු ප්‍රමාණය තව දුරටත් ඉහළ යන බැවින් තම සමාගම්වලට මත්පැන් නිෂ්පාදනය අතහැර දැමීමට සිදුවනු ඇති බවය.

තම සමාගම් සුරාබදු දෙපාර්තමෙන්තුවට දැනටමත් රුපියල් කෝටි 2300 ක අති විශාල බදු මුදලක් ගෙවන බවද එම සමාගම් සුරා බදු දෙපා ර් තමේන්තුවට දන්වා තිබේ.

ප්‍රමුඛපෙලේ සමාගම් වලටත් නැවත බදු ගෙවීමට සිදු වීම හේතුවෙන් තවදුරටත් එම සමාගම්වලට සිය නිෂ්පාදන කටයුතු කරගෙන යාම අසීරු වී ඇතැයි එම සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට ලිඛිතව දැනුම් දී ඇත.